ලොව බලසම්පන්නම යුධ ගුවන්යානා 12

මෙම ලයිස්තුව සකස්කොට ඇත්තේ ඉංග්‍රීසි ආකරාදී පිලිවෙලට යානය නිපදවන රටේ නමේ මුලඅකුර අනුවය.


China











චෙන්ග්ඩු J-10 [Chengdu J-10]



කාර්යභාරය : බහුකාර්ය, සටන්වදින යානාවකි (multi-role fighter)
නියමුවන් ගණන : 1
නිශ්පාදකයා : චෙන්ග්ඩු ගුවන්යානා සමාගම, චීන සමූහාණ්ඩුව
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 2005
එන්ජිම : රුසියානු සැටර්න්-ලියුල්කා වර්ගයේ ටර්බෝෆෑන් එන්ජිමක් හෝ චීනයේ නිපැයූ ටායිහාන් ටර්බෝෆෑන් එන්ජිමකි
උපරිම වේගය : මක් 2.2 (ආසන්නව 2450KMpH)
තුවක්කු : මිලිමීටර් 23 මැෂින් තුවක්කු 1යි
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 6000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.

ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:

එක්සත් ජනපදයේ F-15 ඊගල්, යුරෝපා සමූහාණ්ඩුවේ යුරෝෆයිටර්-ටයිෆූන්, ප්‍රංශයේ ඩැසෝ-රෆාලේ


ශෙන්යැන්ග් J-11 [Shenyang J-11]



කාර්යභාරය : බහුකාර්ය, ගුවනේ ආධිපත්‍ය රඳවාගැනීමේ වගකීම ඇති යානාවකි (multi-role, air-superiority fighter)
නියමුවන් ගණන : 1
නිශ්පාදකයා : ශෙන්යැන්ග් ගුවන්යානා සමාගම, චීන සමූහාණ්ඩුව
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1998 (පාකිස්තානු ගුවන්හමුදාවද මෙම යානා භාවිතාකරයි)
එන්ජිම : රුසියානු සැටර්න්-ලියුල්කා වර්ගයේ ටර්බෝෆෑන් එන්ජින් 2ක් හෝ හෝ චීනයේ නිපැයූ ටායිහාන් ටර්බෝෆෑන් එන්ජින් 2කි
උපරිම වේගය : මක් 2.35 (ආසන්නව 2500KMpH)
තුවක්කු : මිලිමීටර් 30, ග්‍රයාසෙෆ්-ශිපුනොෆ් මැෂින් තුවක්කු 1යි
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 6000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.

ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:
රුසියාවේ සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29; එක්සත් ජනපදයේ F-15 ඊගල්, F-22 රැප්ටර්; යුරෝපා සමූහාණ්ඩුවේ යුරෝෆයිටර්-ටයිෆූන්; ප්‍රංශයේ ඩැසෝ-රෆාලේ


European Union











යුරෝෆයිටර් ටයිෆූන් [Eurofighter Typhoon]


  
කාර්යභාරය : බහුකාර්ය, ගුවනේ ආධිපත්‍ය රඳවාගැනීමේ වගකීම ඇති යානාවකි (multi-role, air-superiority fighter)
නියමුවන් ගණන : 1
නිශ්පාදකයා : යුරෝපා සංගමයේ රටවල් කිහිපයකට පොදු අයිතිය ඇති "යුරෝෆයිටර් ගුවන්යානා සමාගම"
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 2003
එන්ජිම : යුරෝජෙට් EJ2000 වර්ගයේ ටර්බෝෆෑන් එන්ජින් 2කි
උපරිම වේගය : මක් 2 (ආසන්නව 2400KMpH)
තුවක්කු : මිලිමීටර් 27, මෝසර් BK-27 මැෂින් තුවක්කු 1යි
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 7000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.

විශේෂ හැකියාවන් : මක් 1.1ක සුපර්-කෲස් ආකරයට පියාසර කිරීමේ හැකියාව ඇත : සුපර්-කෲස් හැකියාව යනු ආෆ්ටර්-බර්නර් දැල්වීමකින් තොරව ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කිරීමේ හැකියාවයි. මෙම හැකියාව ඇත්තේ ප්‍රහාරක යානා අතලොස්සකට පමණකි. සුපර්-කෲස් හැකියාවේ වාසිය නම් විශාල ලෙස ඉන්ධන ඉතිරිවීම නිසා යානයට ගුවනේ මෙහෙයුම් කල හැකි කාල පරාසය/උපරිම දුර වැඩිකරගත හැකිවීමයි.

ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:
රුසියාවේ සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29; චීනයේ ශෙන්ග්යෑන්ග් J-11



France













ඩැසෝ රෆලේ [ Dassault Rafale]




කාර්යභාරය : බහුකාර්ය, ප්‍රහාරක යානාවකි (multi-role  fighter)
නියමුවන් ගණන : රෆාලේ A මාදිලිය - නියමුවන් 1යි | රෆාලේ B මාදිලිය - නියමුවන් 2
නිශ්පාදකයා : ප්‍රංශයේ ඩැසෝ එවියේශන් සමාගම
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 2000
එන්ජිම : ස්නෙක්මා M88 ටර්බෝෆෑන් එන්ජින් 2කි
උපරිම වේගය : මක් 1.8 (ආසන්නව 2130KMpH)
තුවක්කු : ගියාට් වර්ගයේ මිලිමීටර් 30 මැශින් තුවක්කුව 1යි
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 10,000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.

විශේෂ හැකියාවන් : රෆලේ යානය නිර්මාණය කොට ඇත්තේ, යම් පමණකට රේඩාර් වලට නොපෙනී ගමන්කල හැකි ආකාරයටටයි (semi-stealth). මෙම ස්ටෙල්ත් හැකියාව අමෙරිකානු F-22 යානය තරමටම නැතත් යානයට සතුරුයානාවලට වඩා යම් වාසියක් සලසයි.

ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:
රුසියාවේ සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29; චීනයේ ශෙන්ග්යෑන්ග් J-11, චෙන්ග්ඩු J-10


ඩැසෝ මිරාජ් 2000D [ Dassault Mirage 2000D]



කාර්යභාරය : ප්‍රහාරක/බෝම්බ හෙලන මෙහෙයුම් (fighter / bomber)
නියමුවන් ගණන :
නිශ්පාදකයා : ප්‍රංශයේ ඩැසෝ එවියේශන් සමාගම
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1986
එන්ජිම :  ස්නෙක්මා M53 ටර්බෝෆෑන් එන්ජිම
උපරිම වේගය : මක් 2+ (ආසන්නව 2388KMpH)
තුවක්කු : - නැත -
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 7000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.

ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:
රුසියාවේ සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29; චීනයේ ශෙන්ග්යෑන්ග් J-11, චෙන්ග්ඩු J-10



 India











HAL තේජස් [ HAL Tejas]




කාර්යභාරය : බහුකාර්ය, ප්‍රහාරක යානාවකි (multi-role  fighter)
නියමුවන් ගණන : 1
නිශ්පාදකයා : ඉන්දියාවේ හින්දුස්තාන් ඒරෝනොටික්ස් සමාගම
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : අපේක්ශිත අනුයුක්තිය 2012/2013 (යානා 20ක පලමු ඇනවුම දැන් නිපැදවෙමින් පවතී)
එන්ජිම :  ජෙනරල් ඉලෙක්ට්‍රික් F404 ටර්බෝෆෑන් එන්ජිම
උපරිම වේගය : මක් 1.8 (ආසන්නව 1920KMpH)
තුවක්කු : මිලිමීටර් 23, ග්‍රයාසෙෆ්-ශිපුනොෆ් මැෂින් තුවක්කු 1යි
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 4000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.

විශේෂ කරුණු : HAL තේජස් ප්‍රහාරක යානය ඉන්දියානු සමාගමක් විසින් නිර්මාණය කොට නිශ්පාදනය කරන දෙවැනි සුපර්සොනික් ප්‍රහාරක යානයයි. පලමුවැනි යානය HAL මාරුත් (HAL Marut) යානයයි. නවතම රේඩාර් උපකරණ හා නවීනතම ඩිජිටල් තාක්ශණයෙන් සපිරි තේජස් යානය "fly-by wire control" නම් තාක්ශණයද භාවිතා කරයි.


ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:
රුසියාවේ සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29; චීනයේ ශෙන්ග්යෑන්ග් J-11, චෙන්ග්ඩු J-10


  
Russian Federation













මිකොයාන් මිග්-29 [Mikoyan MiG-29]





කාර්යභාරය : බහුකාර්ය, ගුවනේ ආධිපත්‍ය රඳවාගැනීමේ වගකීම ඇති යානාවකි (multi-role, air-superiority fighter)
නියමුවන් ගණන : 1
නිශ්පාදකයා : රුසියාවේ මිකොයාන් සමාගම
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1983

එන්ජිම :  කිල්මොෆ් RD-33  ටර්බෝෆෑන් එන්ජින් 2කි

උපරිම වේගය : මක් 2.25 (ආසන්නව 2400KMpH)
තුවක්කු : මිලිමීටර් 30, ග්‍රයාසෙෆ්-ශිපුනොෆ් මැෂින් තුවක්කු 1යි
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 5000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.


ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:
යුරෝපා සංගමයේ යුරෝෆයිටර් ටයිෆූන්, එක්සත් ජනපදයේ F-15, F-16, F-22, ප්‍රංශයේ ඩැසෝ මිරාජ් 2000, ඩැසෝ රෆලේ


විශේෂ කරුණු :මිග්-29 යානාවේ වැඩිදුයුණුකල ප්‍රබේධයක් මිග්-35 ලෙස හඳුන්වාදී ඇත. ප්‍රථම පියාසැරිය 2007 වසරේ සිදුවුනු අතර, මෙය දැනට සංවර්ධන අවස්ථාවේ ඇත. දැනට පරීක්ශණ යානා 3ක් නිමවා ඇත.

විකිපීඩියා වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව මිග්-29 යානා 5ක් ඇත 

MiG -29 : Pugachev's Cobra Manoeuvre 


ගුවන් සටන්වලදී ඉතා වැදගත් පියාසර උපක්‍රමයක් පුගචෙෆ්ස් කෝබ්‍රා මැනුවර් ලෙස නම්කොට ඇත. නිරීක්ශකයාට නාගයෙක් හිස කෙලින් කරන ආකාරයක් පෙනෙන ලෙස ගුවන් යානය මෙහෙයවීමට සිදුවන මෙම ක්‍රියාවලිය පියාසර කිරීමට ඉතාමත් දුශ්කර බව පැවසේ.

මෙම පියාසර උපක්‍රමය මගින් හඹා එන සතුරු යානයේ නියමුවා අන්දමන්ද කොට සටන් වාසියක් (combat advantage) ලබාගැනීමට නියමුවාට හැකිය. පුගචෙෆ් පියාසර උපක්‍රමයට අනුව පියාසර කලහැකි යානා අතලොස්ස අතර මිග්-29 එකකි. මිග් 35, සුක්හොයි SU-27, අමෙරිකානු F-16 හා F-22 යානා මෙම කුලකයට ඇතුලත්ය.

SU-27 යානාවක් පියාසර කල රුසියානු ජෙට් නියමු වික්ටර් පුගචෙෆ් විසින් 1989 පැරිස් ගුවන් ප්‍රදර්ශණයේදී පලමුවරට මෙම පියාසර උපක්‍රමය බටහිර ලොවට හඳුන්වාදෙන ලදී. මෙම උපක්‍රමය පලමුවරට අත්හදා බලන ලද්දේ සෝවියට් ජෙට් නියමු ඉගෝර් වොල්ක් විසින් SU-27 යානාවක පරීක්ශණ පියාසැරියකදීය (test flight).


සුක්හොයි SU-27 [Sukhoi SU-27]


කාර්යභාරය : ගුවනේ ආධිපත්‍ය රඳවාගැනීමේ වගකීම ඇති යානාවකි ( air-superiority fighter)
නියමුවන් ගණන : 1
නිශ්පාදකයා : රුසියාවේ සුක්හොයි සමාගම
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1984

එන්ජිම :  සැටර්න්-ලියුල්කා වර්ගයේ ටර්බෝෆෑන් එන්ජින් 2කි

උපරිම වේගය : මක් 2.35 (ආසන්නව 2500KMpH)
තුවක්කු : මිලිමීටර් 30, ග්‍රයාසෙෆ්-ශිපුනොෆ් මැෂින් තුවක්කු 1යි
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 7000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.

විශේෂ කරුණු : පුගචෙෆ් කෝබ්‍රා පියාසර උපක්‍රමය නිර්මාණය කරන ලද්දේ SU-27 යානා ආධාරයෙනි.

SU-27 වඩාත් වැඩිදියුණුවට බඳුන්කරන ලද නවතම ප්‍රබේධයක් SU-35 ලෙස නිර්මාණය වෙමින් පවතී.


ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:
යුරෝපා සංගමයේ යුරෝෆයිටර් ටයිෆූන්, එක්සත් ජනපදයේ F-15, F-16, F-22, ප්‍රංශයේ ඩැසෝ මිරාජ් 2000, ඩැසෝ රෆලේ


සුක්හොයි SU-34 [Sukhoi SU-34]


කාර්යභාරය : ප්‍රහාරක/බෝම්බ හෙලන මෙහෙයුම් (fighter / bomber)
නියමුවන් ගණන :
නිශ්පාදකයා : රුසියාවේ සුක්හොයි සමාගම
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 2012
එන්ජිම :  සැටර්න්-ලියුල්කා වර්ගයේ ටර්බෝෆෑන් එන්ජින් 2කි
උපරිම වේගය : මක් 1.8 (ආසන්නව 1900KMpH)
තුවක්කු :  මිලිමීටර් 30, ග්‍රයාසෙෆ්-ශිපුනොෆ් මැෂින් තුවක්කු 1යි
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 8000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.

ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:
යුරෝපා සංගමයේ යුරෝෆයිටර් ටයිෆූන්, එක්සත් ජනපදයේ F-15, F-16, F-22, ප්‍රංශයේ ඩැසෝ මිරාජ් 2000, ඩැසෝ රෆලේ



United States of America








F-15 ස්ට්‍රයික් ඊගල් [F-15 Strike Eagle]

 
කාර්යභාරය : බහුකාර්ය, ප්‍රහාරක යානාවකි (multi-role  fighter)
නියමුවන් ගණන : 2
නිශ්පාදකයා : මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගම / බෝයිං සමාගම
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1988

එන්ජිම :  ජෙනරල් ඉලෙක්ට්‍රික් F-110 ටර්බෝෆෑන් එන්ජින් 1කි

උපරිම වේගය : මක් 2.5+ (ආසන්නව 2600+KMpH)
තුවක්කු : මිලිමීටර් 20, M-61 වල්කන් මාදිලියේ ගැට්ලින්ග් මැශින් තුවක්කුව
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 10,000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.


විශේෂ කරුණු : ස්ට්‍රයික් ඊගල් යානය, F-15 ඊගල් ප්‍රහාරක යානයේම වැඩි දියුණුකල ප්‍රබේධයකි. අධිවේගී ගොඩබිම් ප්‍රහාර හා ගුවන් සටන් සඳහා විශේෂයෙන් අනුවර්තනය කොට ඇති මේ යානය නවතම ඉලෙක්ට්‍රොනික උපාංගවලින් සම්පූර්ණය.

ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:
රුසියාවේ සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29


F-16 ෆයිටිං ෆෝල්කන් [F-16 Fighting Falcon]



කාර්යභාරය : බහුකාර්ය, ප්‍රහාරක යානාවකි (multi-role  fighter)
නියමුවන් ගණන : 1
නිශ්පාදකයා : ජෙනරල් ඩයිනැමික්ස් සමාගම / ලොක්හීඩ් මාටින් සමාගම
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1978

එන්ජිම :  ප්‍රැට් ඇන්ඩ් විට්නි F100 ටර්බෝෆෑන් එන්ජින් 2කි

උපරිම වේගය : මක් 2+ (ආසන්නව 2400+KMpH)
තුවක්කු : මිලිමීටර් 20, M-61 වල්කන් මාදිලියේ ගැට්ලින්ග් මැශින් තුවක්කුව
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 14,000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.

ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:
රුසියාවේ සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29

 
F-22 රැප්ටර් [F-22 Raptor]


කාර්යභාරය : හැකියාව ඇති ගුවනේ ආධිපත්‍ය රඳවාගැනීමේ වගකීම ඇති යානාවකි (stealth air-superiority fighter)
නියමුවන් ගණන : 1
නිශ්පාදකයා : ලොක්හීඩ් මාටින් සමාගම
ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 2005

එන්ජිම :  ප්‍රැට් ඇන්ඩ් විට්නි F110 ටර්බෝෆෑන් එන්ජින් 2කි

උපරිම වේගය : මක් 2.25 (ආසන්නව 2400+KMpH)
තුවක්කු : මිලිමීටර් 20, M-61 වල්කන් මාදිලියේ ගැට්ලින්ග් මැශින් තුවක්කුව
මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 14,000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි.

විශේෂ හැකියාවන් :

පොලොවේ ස්ථානගත රේඩාර්වලට නොපෙනී ගමන්කල හැකි ස්ටෙල්ත් හැකියාව ඇති යානයකි.
මක් 1.8ක සුපර්-කෲස් ආකරයට පියාසර කිරීමේ හැකියාව ඇත
දැනට ක්‍රියාන්විත සේවයේ යොදවා ඇති එකම 5වැනි පරම්පරාවේ සුපිරි ප්‍රහාරක යානාවයි. 

ප්‍රධාන සතුරු යානා විය හැක්කේ:

F-22 යානයට සාර්ථකව මුහුණදිය හැකි යානා දැනට වෙන කිසිදු රටක ගුවන් හමුදාවක් සතුව නැත.

  • රුසියාවේ සුක්හොයි T-50 PAK-FA යානය
  • චීනයේ චෙන්ග්ඩු J-20 යානය
F-22 යානයට මුහුණදීමට නිර්මාණය කරමින් තිබෙන ස්ටෙල්ත් හැකියාව ඇති 5වැනි පරම්පරාවේ යානා වේ.


සුක්හොයි T-50 හා චෙන්ග්ඩු J-20 යානය පිලිබඳ විස්තර අපගේ " ප්‍රහාරක යුධ ගුවන්යානා : අතීතය, වර්තමානය හා අනාගතය " ලිපියෙහි අඩංගු කොට ඇත.

Comments

  1. ගොඩාක් වටිනා ලිපියාක්‌.

    ජයෙන් ජය.

    ReplyDelete
  2. වැදගත් කරුනු ඇතුලත් ලිපියක්....ගොඩක් දෙවල් ඉගෙනගත්තා....ඔබට ජය

    ReplyDelete
  3. සුපිරි... ලිපිය අද තමයි දැනගත්තේ... දිගටම ලියන්ඩෝ

    ReplyDelete
  4. සිරා බ්ලොග් එකක්.. මෙච්චර කල් මඟ ඇරිල තිබුණේ... දිගටම ලියන්න..

    ReplyDelete
  5. පට්ට බන් නියමායී

    ReplyDelete
  6. ade super ne eela ela ela ela

    ReplyDelete
  7. ෆයිබර් ග්ලාස් gena post ekak dannako

    ReplyDelete

Post a Comment