රුසියාවේ වැටුනු උල්කාපාතය හා පෘථිවියේ කන ලඟින් ගිය 2012DA14 ග්‍රහකය


ඇත්තටම රුසියාවට උල්කාපාතයක් කඩා වැටුනාද?

උත්තරය නැත යන්නයි! සැබැවින්ම සිදුවුනේ රුසියාවේ චෙල්යබ්නිස්ක් නම් ප්‍රදේශය උඩින් කිලෝමීටර් 30ක් ඉහල අහසේදී මෙම උල්කාපාතය පුපුරා යාමයි. උල්කාපාතයක් (හෝ බෝම්බයක්) ඉහල අහසේ පුපුරා යාම air-burst ලෙස හැඳින්වේ.

උල්කාපාතයක් ඉහල අහසේ පුපුරා යාම පොලොවේ ඝට්ටනය වී පුපුරායාමට වඩා විනාශකාරී බව විද්‍යාඥයින් පවසති.

රුසියානු උල්කාපාතයේ තොරතුරු..


මීටර් 15ක පලලකින් යුතුවූ රුසියානු උල්කාපාතය පැයට කිලෝමීටර් 54,000ක වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුලුවී ඇති අතර එය වායුගෝලයට ඇතුලුවන විට ටොන් 7000ක් පමණ බරකින් යුක්ත වන්නට ඇතැයි ඇස්තමේන්තු කොට තිබෙනවා.

චෙල්යබ්නිස්ක්  ජනයා විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවේ උල්කාපාතය පුපුරායාම නිසාද?

නැත....උල්කාපාතයේ කැබලි වැදීමෙන් හෝ පුපුරා යාමේ කම්පණයෙන් යම් අණතුරු ප්‍රමාණයක් සිදුවන්නට ඇතත් අතිවිශාල ගණනක් තුවල ලැබුවේත්, දේපොල හානි සිදුවුනේත් උල්කාපාතය පුපුරායාම නිසා නොව පැයට කිලෝමීටර් 54,000ක වේගයෙන්, එනම් ශබ්දයේ වේගය මෙන් 44ගුණයක වේගයෙන් වායුගෝලය තුලින් ගමන් කිරීමේදී ඇතිවුනු අති දැවැන්ත කම්පණ තරංගය (massive sonic boom) නිසාවෙනි. 

ශබ්දයේ වේගය ඉක්මවා යන ගුවන්යානාද මෙම කම්පණ තරංග නිපදවන නමුත් යනා ප්‍රමාණයෙන් කුඩා බැවිනුත් වේගය ශබ්දයේ වේගයට දෙගුණයකට වඩා බොහෝවිට වැඩි නොවන බැවිනුත් කම්පණ තරංගයෙන් හානියක් සිදුවන්නේ නෑ.

2012DA14 ග්‍රහකය

විශ්කම්භය : මීටර් 50ක්

බර : මෙට්‍රික් ටොන් 190,000

සොයාගන්නා ලද දිනය : 2012 පෙබරවාරි 23

පෘථිවි වායුගෝලයට ඇතුලුවූවා නම් සිදුකල හැකි විනාශය : මෙගටොන් 3ක න්‍යශ්ඨික බෝම්බයකින් සිදුවන විනාශයට සමාන විනාශයකි. ජපානයේ හිරෝශිමාවට දැමුණු න්‍යශ්ඨික බෝම්බය මෙගටොන් 0.016ක විනාශකාරී ශක්තියකින් (blast yield) යුක්තය. 





Comments

  1. ගොඩක් කරුණු දැනගත්තා. බොහොම ස්තූතියි.ඒත් ජායාරුපයේ තිබෙන්නේ විශාල ග්‍රාහකයේ බර ගැන සදහනක් නෑ කියල නේද?

    ReplyDelete
  2. ඕකනේ........

    nasa එක දැන් sure කරන්ඩ බෑ.එයාලා කිව්වේ ඕකෙන් බලපෑමක් නෑ කියලනේ

    ReplyDelete
  3. ගොඩක් විස්තර දැනගත්තා . ස්තුතියි . 'කම්පන තරංගය කින් මිනිසුන්ට වන බලපෑම කෙබඳුද දන්නේ නෑ ?

    ReplyDelete
  4. godak karunu dagaththa..
    akurak nara kiyewwe asawen..
    digatama danna..asawen balanawa...
    Best of luck!

    ReplyDelete
  5. ඔබගේ බ්ලෝගය මම නිරතුරුවම පරිශිලනය කරනවා.ස්තුතියි තොරතුරුවලට

    ReplyDelete
  6. මම ආසම බ්ලොග් සයිට් එකක් තමයි මේ. ගොඩාක් තොරතුරු දැනගන්න පුලුවන්. ගොඩාක් ස්තුතියි. දිගටම කරගෙන යන්න. All the best.

    ReplyDelete

Post a Comment