Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 3 January 2018

SCIENCE FICTION : ලඟදීම එනවා!!!! Mutant Forest | විකෘත වනාන්තරය


“1916 මාර්තු 20 වැනිදා කලබින්න කැලෑවේ පෞරාණික දේවාල භූමිය ගවේෂණය කිරීම සඳහා පිටත්ව ගිය බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥ රොබර්ට් ඩේවිස්, ඔහුගේ බිරිඳ හා පර්යේෂණ සහයිකාව වූ මැටිල්ඩා ඩේවිස්, විනෝදයට සතුන් දඩයමේ යෙදුනු බ්‍රිතාන්‍ය ජාතික තේ වැවිලිකරුවෙකු වූ ස්ටීවන් ෆ්ලෙමින්ග් හා එම කණ්ඩායමේ කුලීකරුවන් ලෙස ගමනට සභාගීවූ ද්‍රවිඩ හා සිංහල ජාතිකයින් දොලොස් දෙනෙකු ආගිය අතක් නොමැතිව අතුරුදහන්වූ බව ජාතික ලේඛණාගාරයේ සුරක්ෂිතව ඇති පැරණි පුවත් පත් වාර්තා පරීක්ෂාකල කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චන්ද්‍රසෝම සෙනෙවිරත්න මහතා පවසනවා.."

"පර්යේෂණ කෘතියක් සඳහා පැරණි පුවත්පත් වාර්තා පරීක්ෂාකරමින් සිටි ඒ මහතාට මෙම පුවත් පත් වාර්තා හමුවී ඇති අතර දැනට කලබින්න වනයේ උද්ගත වී ඇති තත්වය නිසා වහාම මේ පුවත් පත් වාර්තාවල පිටපත් ලබාගෙන බලධාරීන් වෙත යැවූ බව සෙනෙවිරත්න මහතා පවසනවා..."
කලබින්න වනයට ගිය හමුදා අණුඛණ්ඩය අතුරුදහන්!!! - ලංකා පුවත්

“පසුගිය දා කලබින්න වනය තුල සිදුවූ අභිරහස් සිදුවීම් ගැන සොයාබැලීම සඳහා වනය තුලට පිවිසි අනූදෙනෙකුගෙන් සමන්විත හමුදා අණුඛණ්ඩයෙන් ලැබෙමින් තිබූ රේඩියෝ පණිවිඩ ඊයේ රාත්‍රියේ සිට ඇණහිට ඇති බව හමුදා මූලස්ථානය වාර්තා කරනවා.

මෙම භට පිරිස සමග වනජීවී දෙපාර්තමේන්තුවේ අඩවි නිළධාරීන් සිවුදෙනෙකු හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිළධාරීන් දෙදෙනෙකු පිටත්ව ගියේ පෙරේදායි. පාන්දර හයට ඔවුන් වනය තුලට පිවිසි බවත්, පෙරේදා සවස් වනවිට ඔවුන් පැරණි දේවාලය අසලට පිවිසීම සඳහා වනය එලි පෙහෙලි කරමින් ගමන් කරමින් සිටි බවත් වාර්තා වුනා..."

__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...