• Strategic Rocket Forces : රුසියානු ෆෙඩරේෂණයේ උපායමාර්ගික රොකට් බලකාය

    රුසියානු උපායමාර්ගික රොකට් බලකාය රුසියානු ෆෙඩරේශණයට අයත් න්‍යශ්ඨික බෝම්බ ගෙනයා හැකි අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල (Inter Continental Ballistic Missile - ICBM) මෙහෙයවීම භාරව තිබෙන බලකායයි. සෝවියට් දේශය රොකට්ටු බලකාය ආරම්භ වුනේ රොකට් ප්‍රචාලනය පිලිබඳව අධ්‍යයනය කිරීමටත්, එය අවියක් ලෙස යොදාගැනීමේ හැකියාව සොයාබැලීම සඳහාත් රෙජිමේන්තුවක් අනුයුක්ත කිරීමෙනි. ඒ 1946 වසරේ ජූලි මාසයේදීයි. මේ බලකාය 92වැනි විශේෂ බ්‍රිගේඩය ලෙස නම් කෙරුණා.Read more
  • McDonnell Douglas/Boeing F 15 Strike Eagle: ගුවනේ බළපරාක්‍රමය රඳවාගත හැකි, 4වැනි පරම්පරාවේ බහුකාර්ය ජෙට් ප්‍රහාරක යානාව

    මැක්ඩොනෙල් ඩග්ලස් F15 ස්ට්‍රයික් ඊගල් යානය සියලු කාළගුණ තත්වයන් යටතේ බහුකාර්ය මෙහෙයුම්වල යෙදැවිය හැකි යානයකි. සහයක යානා හෝ පරිවාර යානා නොමැතිව දිගුදුර මෙහෙයුම්වල යෙදීම සඳහා නිර්මාණය කොට ඇති මෙම යානය අධිවේගී යානා ගණයට අයත්ය. 1976 වසරේ අමෙරිකානු ගුවන් හමුදාවට හඳුන්වාදුන් මැක්ඩොනෙල් ඩග්ලස් F15 ඊගල් ප්‍රහාරක යානයේ වැඩිදියුණු කිරීමක් වන ස්ට්‍රයික් ඊගල් යානය හැම අතින්ම විශිෂ්ඨ යානයක් බව අවිවාදයෙන් පිලිගැනේ. 1989දී සක්‍රිය සේවයට එක්වුනු ස්ට්‍රයික් ඊගල් යානය වසර 2025 ඉක්මවා සක්‍රිය සේවයේ තබාගැනීමට අමෙරිකන් ගුවන් හමුදාව බලාපොරොත්තුවේ.Read more
  • ඉලෙක්ට්‍රොනික උපකරණ පමණක් විනාශකරන මයික්‍රෝවේව් මිසයිලයක් බෝයිං සමාගම සාර්ථකව අත්හදා බලයි!

    Counter-electronics High-powered Advanced Missile Project හෙවත් CHAMP ලෙස හඳුන්වා ඇති මෙම මිසයිලයේ ක්‍රියාකාරිත්වය සරලය. සාම්ප්‍රදායික මිසයිල මෙන් ඉලක්කය මත ගැටී පුපුරා යනු වෙනුවට මෙය සිදුකරන්නේ ඉලක්කය ඉහලින් පියාසර කරමින් ඉලක්කය වෙත ප්‍රභල මයික්‍රෝවේව් තරංග ස්පන්ධ මුදාහැරීමයි.Read more
Showing posts with label බැක්ටීරියා. Show all posts

Bio Fuel Bacteria

ෆොසිල ඉන්ධනයක් වන ගැසොලීන් හෙවත් අප දන්නා ආකාරයට පෙට්රෝල් සීමිත බලශක්ති ප්‍රභවයකි. මෙයට ආදේශකයක් ලෙස බොහෝ රටවල් එතනෝල් නම් ජීවද්‍රව‍ය වලින් ලබාගන්නා ජීව ඉන්ධනය (bio fuel) භාවිතා කරයි. එතනෝල් නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ලෙස උක්, සීනි බීට්, සෝගම් හෝ ඉරිඟු වැනි පිෂ්ඨය හා සීනි අධික ශාක කොටස් යොදාගෙන ඒවා බැක්ටීරියා ආධාරයෙන් පැසවා (ferment) එතනෝල් බවට හරවා ගනු ලැබේ. මෙහි ඇති ප්‍රධාන අවාසිය නම් මේ සියලු ද්‍රව්‍ය මනුශ්‍ය පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය වීමයි. මෙවැනි ආහාර බෝග ඉතා විශාල වශයෙන් එතනෝල් නිශ්පාදනයට යොදාගැනීම නිසා ලොව පුරා ඉරිඟු, සීනි වැනි ආහාර ද්‍රව්‍යවල මිල ඉතා ඉහල ගොස් තිබෙනවා. අප රටේ පාන් පිටි මිල හා සීනි මිල ඉහලයාමට එක් හේතුවක් වන්නේත් එතනෝල් නිශ්පාදනය නිසා උක් හා ඉරිඟු/තිරිඟු වලට ඇති ඉල්ලුම ඉහල යාමයි.

එතනෝල් ඉන්ධනයක් ලෙස භාවිතයේදී ඇති තවත් අවාසියක් නම් එතනෝල් 10% වඩා පැට්රෝල් හා මුසු කරනවානම් වාහනයේ ඉන්ධන සැපයුම් පද්ධතිය (fuel system) විශේෂ වෙනස් කිරීම් වලට භාජනය කරයුතු වීමයි. එයට හේතුව එතනෝල් විශාල වශයෙන් ජලය උරා ගැනීම හා එම ජලය ඉන්ධන පද්ධතිය තුල ඇති සියුම් උපාංග මළ බැඳීමට හේතුකාරක වීමයි. ජීව ඉන්ධන නිශ්පාදනයේදී නිශ්පාදකයන් මුහුණ දෙන තවත් ගැටලුවක් නම් ශාකයක ස්කන්ධයෙන් (bio-mass) වැඩි කොටසක් සමන්විත වන සෙලියුලෝස් එතනෝල් බවට අඩුවියදමකින් හරවාගත හැකි ක්‍රමයක් මෙතෙක් සොයාගෙන නොතිබීමෙයි. එමනිසා ඉරිඟු වැනි විශාල පඳුරකින් එතනෝල් නිශ්පාදනයට යෝදාගත හැක්කේ ආහාරයට ගතහැකි පිෂ්ඨය අඩංඟු ඉරිඟු ඇට පමණයි. අනෙක් කොටස් ඉවත දමන්නට සිදුවෙනවා. මෙය එතනෝල් නිශ්පාදනයේ වියදම ඉහල දැමීමටත් ධාන්‍ය මිල ඉහල යැවීමටත් හේතුවෙනවා.
  මේ ගැටලු සියල්ලටම පිලියම් වියහැකි තාක්ශණයක් ඇමරිකාවේ නිව් ඕර්ලින්ස් නගරයේ පිහිටි ටුලාන් විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් විසින් බිහිකොට තිබෙනවා. එනම් ශාකවල මෙන්ම ඉවතලල කඩදාසි/පත්තර වල බහුලව ඇති සෙලියුලෝස් බියුටැනෝල් නම් එත්නෝල් හා සමාන, එයට ඉතා හොඳ ආදේශකයක් ලෙස ගතහැකි ජීව ඉන්ධනයක් නිපදවීමට සමත් බැක්ටීරීයාවක් සොයාගැනීමයි.මෙම පර්යේශකයින්ගේ අරමුණ වී තිබුණේ ශාක භක්ශක සතුන්ගේ ආමාශ තුල සිටිනා සෙලියුලෝස් ජීර්ණයට උපකාරී වන බැක්ටීරියා පිලිබඳව පර්යේශණ පැවැත්වීමත් එමගින් ඉවතලන සෙලියුලෝස් ජලවිච්ඡේදනය (hydrolysis) කොට එමගින් ජීව ඉන්ධනයක් නිපදවාගත හැකිදැයි සොයා බැලීමයි. මේ සඳහා ඔවුන් ශාකභක්ශක සතුන් විශාල ප්‍රමාණයක් නේවාසිකව සිටිනා නිව් ඕර්ලීන්ස් සත්වෝද්‍යානයේ සතුන්ගේ මළ පරීක්ශාවට බඳුන්කලා. දීර්ඝ පර්යේශණ ගණනාවකට පසු ඔවුන් අප්‍රිකාවේ සීබ්‍රා (zebra) සතුන්ගේ මළද්‍රව්‍ය තුලින් සෙලියුලෝස් ජලවිච්ඡේදනයකොට බියුටැනෝල් බවට හැරවිය හැකි බැක්ටීරියාවක් සොයාගත්තා. TU-103 ලෙස නම්කොට ඇති මෙම බැක්ටීරියාව බියුටැනෝල් නිපදවිය හැකි බැක්ටීරියාවන් ගණනාවකින් එකක් බවයි සඳහන් වන්නේ. මෙම සොයාගැනීම ලාභදායි ජීව ඉන්ධන නිපැදවීමේ පර්යේශණවල කඩඉමක් සටහන් කරන වැදගත් සොයාගැනීමක් වන්නේ;

 1] බියුටැනෝල් එතනෝල් වලට වඩා කාබන් අඩංගු, එබැවින්ම වැඩි ශක්තිප්‍රමාණයක් ගැබ්වී ඇති එන්ධනයක් වීම. බියුටැනෝල් ලීටරයකින් වාහනයකට ගමන් කල හැකි දුර එතොනෝල් ලීටරයකින් යාහැකි දුරට වඩා සැළකිය යුතු ලෙස වැඩිවනවා.

2] ඉවතල ටොන් මිලියන ගණනක් ශාක කොටස්, පිදුරු, පරණ පත්තර ආදිය බියුටැනෝල් නිශ්පාදනයට යොදාගත හැකි වීම

3] බියුටැනෝල් වලට ජලය උරාගැනීම එතරම් සිදු නොවන බැවින් පෙට්රෝල් වාහනවලට වෙනස් කිරීමකින් තොරව බියුටැනෝල් ඉන්ධන ලෙස යොදාගත හැකිවීම යන කරුණු නිසායි.