US IRAN CONFLICT : ඉරානය ඩොලර් මිලියන 180ක ඇමරිකන් ඩ්‍රෝනයක් වෙඩිතබා බිම හෙලයි!

ඉරානය වෙඩිතබා බිමහෙලූ බව කියන USAF RQ-4 Global Hawk ඩ්‍රෝනය
ඉරානය විසින් සිය ගුවන් සීමාවට අනවසරෙයෙන් ඇතුලු වී ඔත්තු බැලූ ඇමරිකානු ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බවට කල ප්‍රකාශය ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කලා.

ඉරානය ප්‍රකාශ කලේ තමන් ඇමරිකන් ගුවන් හමුදාවේ අධි-තාක්ෂණික RQ-4 Global  ඩ්‍රෝනයක් බිම හෙලූ බවයි. එහෙත් ඇමරිකාව එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, ඉරානය විසින් ජාත්‍යන්තර ගුවන් සීමාව තුලදී ඇමරිකන් නාවික හමුදාවට අයත් පරීක්ෂණ මට්ටමේ පවතින MQ-4C Triton යානයක් බිම හෙලූ බවයි.

RQ-4 Global හා MQ-4C Triton යානා පෙනුමෙන් බොහෝ දුරට එක සමාන වුනත්, ඒවායේ මෙහෙයුම් හැකියාවන් වල විශාල වෙනස්කම් තිබෙනවා.

MQ-4C Triton යානය

රුසියාවෙන් ලබාගත් S-300 ගුවන් යානා නාෂක මිසයිලයක් මගින් මෙම යානය විනාශ කරන්නට ඇති බවයි ආරක්ෂක විශේෂඥයින් පවසන්නේ.


සුපිරි ඔත්තු බැලීමේ තාක්ෂණ වලින් සපිරි MQ-4C Triton  යානය, තවමත් සක්‍රිය සේවයට එකතුකරගෙන නෑ. තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින මෙම යානය, ඉරාන දේශසීමාවේ සක්‍රිය සේවයේ යොදවා තිබෙන බව ඇසීමෙන් තමන් විමතියට පත්වූ බවයි බොහෝ ආරක්ෂක විශ්ලේෂකයින් පවසන්නේ.

මුහුදු මට්ටමට කිලෝමීටර් 17ක් ඉහල අහසේ, පැය 30කට අධික කාලයක් නොකඩා ඔත්තුබලමින් සිටිය හැකි MQ-4C Triton යානය අඩි 50ක් දිග, අඩි 130ක් දිග අත්තටු ඇති විශාල යානයක් වන අතර පැයකට කිලෝමීටර් 590ක වේගයෙන් පියාසරකල හැකියි.


Comments