Space Shuttle : High Resolution Pictures [අභ්‍යවකාශ ශටල් යානයේ අධි-විබේධන ඡායාරූප]

මිනිසා විසින් එතෙක් මෙතෙක් නිර්මාණය කරන ලද ඉතාමත් සංකීර්ණම යන්ත්‍රය කුමක් දැයි ඔබගෙන් ඇසුවොත් පිලිතුර කුමක්ද?

සුපිරි පරිගණක? අති නවීන ප්‍රහාරක යානා? අඟහරු ගවේශණයේ යෙදෙන රොබෝ විද්‍යාගාර?

නිවැරදි පිලිතුර ඉහත කිසිවක් නොව, 1970ගණන්වලදී නිර්මාණය කොට, නිරන්තරයෙන් වැඩිදියුණු කල, 2011 වසරේදී විශ්‍රාම යාමට නියමිත නාසා අභ්‍යවකාශ ශටල් යානායි. මුලින් නාසා ආයතනයට ශටල් යානා 5ක් තිබූ නමුත් 1986දී චැලෙන්ජර් ශටල් යානය විනාශවී යාමෙන් හා 2003දී කොලම්බියා යානය විනාශවීයාමෙන් පසු නාසා ආයතනයට ඉතිරිවූයේ ඩිස්කවරි, එන්ඩෙවර් හා ඇට්ලෑන්ටිස් ශටල් යානා 3 පමණකි.

ශටල් යානයක් අභ්‍යවකාශ ගතකිරීමට සූදානම් කිරීම සඳහා මාස ගණනාවක කාලයක් ගතවේ. යලි යලිත් භාවිතා කිරීමට නිර්මාණය කොට ඇති නිසා අභ්‍යවකාශ මෙහෙයුමක් අවසන්කොට ආපසු ගොඩ බසින ශටල් යානයක් ඊලඟ අභ්‍යවකාශ ගමණ සඳහා සූදානම් කෙරෙන්නේ Orbiter Processing Facility (OPF) නම් විශේෂිත ගොඩනැගිල්ලේදීය. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුව ආසන්නයේ ඇති කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති මේ විශාල Orbiter Processing Facility ගොඩනැගිල්ල තුල ශටල් යානයක් සම්පූර්ණයෙන්ම ගලවා නැවත සවිකිරීම සඳහා සියලු පහසුකම් ඇත.

Orbiter Processing Facility 

සාමාන්‍යයෙන් අප ගුවන්යානයක් මෙන් පෙනෙන ඩිස්කවරි, ඇට්ලෑන්ටිස්, එන්ඩෙවර් ලෙස නම්තබා ඇති කොටසට අභ්‍යවකාශ ශටලය යයි හැඳින්වූවත් නියම ලෙසනම් මෙය Orbiter "හෙවත් පොලොව වටා කක්ශගතවන යානය" ලෙස නාසා ඉන්ජිනේරුවන් හඳුන්වයි. ඕබිටර් යානය "අභ්‍යවකාශ ප්‍රවාහන පද්ධතිය (Space Transportation System - STS)" ලෙස නාසා ආයතනය නිළවශයෙන් හඳුන්වන ශටල් පද්ධතියේ එක් කොටසක් වන අනෙක් කොටස් දෙක වන්නේ බූස්ටර් රොකට් දෙක හා තැඹිලි පැහැති, අතිවිශාල බාහිර ඉන්ධන ටැංකියයි.

ශටල් පද්ධතියේ වැදගත්ම කොටස වන ඕබිටර් යානය අභ්‍යවකාශ ගමනක් සඳහා සූදානම් කරන්නේ "Orbiter Processing Facility" නමින් හැඳින්වෙන දැවැන්ත ගොඩනැගිල්ලක් තුලයි. අභ්‍යවකාශ ගමන සඳහා ඕබිටර් යානය සූදානම් කිරීම සමාන්‍යයෙන් මාස කිහිපයක සිට සයමසක් හෝ ඊටත් වැඩි කාලයක් ගතවන සංකීර්ණ ක්‍රියාවලියකි. මේ සඳහා විවිධ තාක්ශණයන් පිලිබඳ හසල දැනුමක් ඇති විද්‍යාඥයින්, ඉන්ජිනේරුවන්, තාක්ශණික ශිල්පීන් දහස්ගණනක් සහභාගිවෙයි.

ශටල්යානයක් ඊලඟ අභ්‍යවකාශ ගමණ සඳහා සූදානම් කිරීම ආරම්භවෙන්නේ එය තවත් අභ්‍යවකා ගමන්ක් අවසන්කොට කැනවරල් තුඩුවේ ධාවන පථයට ගොඩබැස්සවුනු මොහොතේ පටන්ය. 


1] ශටල් මෙහෙයුමක අවසාන අංගය වන්නේ ගගනගාමීන් කණ්ඩායම තම ශටල් යානය සමග සමූහ ඡායාරූපයකට පෙනීසිටීම හා කෙටි මාධ්‍ය සාකඡ්චාවක් පැවැත්වීමයි. මාධ්‍ය සාකඡ්චාව අවසන්වූ සැනින් ශටල් මෙහෙයුම නිළවශයෙන් නිමාවෙන අතර ඕබිටර් යානය ඊලඟ ශටල් මෙහෙයුම සඳහා සූදානම් කිරිමට වෙත ගෙනයයි.

Click on the image to view the full size image
NOTE : මේ ඡායාරූප බොහොමයක් ඉතා ඉහල වේබේධනයක් (very high resolution) සහිත  නාසා ආයතනයේ නිළ ඡායාරූප වන අතර, ඒවා බාගතවීමේ වේගය (download speed) ඔබගේ අන්තර්ජාල සබඳතාවයේ වේගය අනුව වෙනස්වන්නට පුලුවන


2] ප්‍රවෘත්ති සාකඡ්චාව අවසන්වී පිරිස විසිර ගිය වහාම Orbiter Processing Facility හි ශටල් විශේෂඥයින්, ඉන්ජිනේරුවන් හා තාක්ශණික ශිල්පීන් ශටල් යානය Orbiter Processing Facility වෙත ගෙනයාම අරඹනවා. මෙහි මුල් පියවර වන්නේ ශටල් යානය ගොඩබස්වන ධාවන පථයේ එක් කෙලවරක ඇති mate/de-mate device නම් දොඹකර උපකරණය වෙත ඕබිටර් යානය සීරුවෙන් ඇදගෙන යාමයි.



3] Mate/De-mate දොඹකරයෙන් ඕබිටර් යානය ඔසවන අතර ඉන් පසු එහි රෝද හකුලනු ලැබේ. ඉන්පසු එය විශේෂ ට්‍රේලරයක් මත තබා Orbiter Processing Facility වෙත ඇදගෙන යනු ලැබේ. යානය රෝද මතින් විශාල දුර ප්‍රමාණයක් ඇදගෙන යාමට නාසා ඉන්ජිනේරුවන් ඉඩ නොදෙන්නේ රෝද පද්ධතියට යම් හානියක් වේයයි බියෙන්

Mate/De-mate දොඹකරය
ඕබිටර් යානය රැගෙනයාමට තැනූ විශේෂ ට්‍රේලරය.
 4] Mate/De-mate


Comments

  1. DigitalSteps.in: Complete SEO Solution and Digital Marketing Company in India. At Digital Steps, our agency plays the role of a web designer, web developer, and also does online marketing. So, the digital agency has competence in all these three segments of the business.

    https://www.digitalsteps.in/

    ReplyDelete

Post a Comment