පීසා ඇණවුම් කරන්නාක් මෙන් ගුවන් ප්‍රහාර ඇණවුම් පහසු කරන්නට කල්බලන පෙන්ටගනය සතුරන්ට සයිබර් ප්‍රහාර එල්ලකිරීම Angry Birds ක්‍රීඩාවමෙන් පහසුකරන්නට සැරසේ!


අද පවතින තාක්ශණය අනුව සතුරු රටකට සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීම, විශේෂයෙන්ම චීනය, රුසියාව වැනි පරිගණක තාක්ශණය අමෙරිකාව තරමටම දියුණු රටවල්වලට එල්ලකොට සාර්ථක ප්‍රථිපල ලබාගැනීම අපහසුය. පරිගණක තාක්ශණයේ කෙළ පැමිණි විශේෂඥයින්, පෙන්ටගනයේ පරිගණක පවා හැක් කිරීමට තරම් දක්ශ හැකර්වරුන් මාස ගණන් ගතකරමින් නිර්මාණය කරන මෙම සයිබර් ප්‍රහාර වල සාර්ථකත්වය පිලිබඳ අනාවැකි කිව නොහැකි තරමට සයිබර් ප්‍රහාර ක්‍රියාදාමය සංකීර්ණ වන අතර සතුරාගේ රේඩාර්, ගුවන්යානා නාශක මිසයිල පද්ධති වැනි වැදගත් ඉලක්ක අඩපණ කිරීමට සයිබර් ප්‍රහාර යොදාගෙන් සාර්ථක ප්‍රථිපල ලැබී ඇති අවස්ථා අල්පය.

DDOS වැනි සයිබර් ප්‍රහාර නිසා මුලුමහත් අන්තර්ජාලයම මන්දගාමීවූ බවට ප්‍රවෘත්තිවල පලවන අතරේ අතිදක්ශයින් මාස ගණනාවක් සැළසුම්කොට එල්ල කරන සයිබර් ප්‍රහාර අපේක්ශිත ප්‍රථිපල නොලබන බව කියනාවිට ඔබ එය පිලිගැනීමට මැළිවන්නට පුලුවනි. එහෙත් රේඩාර් පද්ධතියක් හෝ ගුවන්යානා නාශක මිසයිල පද්ධතියක්, නැතහොත් සතුරු ගුවන් කඳවුරක ගුවන්ගමන් පාළණය කරන පාළණ කුළුනේ කටයුතු අඩපණකල හැකි අන්දමේ සයිබර් ප්‍රහාර එල්ලකිරීම වෙබ් සර්වරයකට පහරදී වෙබ් අඩවිය මකාදැමීම හෝ සමාගමක සර්වර් තුලට ඇතුලුවී දත්ත සොරාගැනීමට වඩා සංකීර්ණය.


වෙබ් සර්වර් මෙන්ම ව්‍යාපාරික ලෝකයේ භාවිතාවන සර්වර් හැකර්වරුන් හට ඉතා හුරුපුරුදු වින්ඩෝස්, ලීනක්ස්, යුනික්ස්, ඇපෑචී වැනි මෙහෙයුම් පද්ධතිවල දිවෙන නමුත් ආරක්ශක අංශ මගින් භාවිතාකරණ පරිගණක මෙවලම් හා සර්වර් යුධ කටයුතු සඳහාම නිමැවුනු විශේෂිත පරිගණක මෙහෙයුම් පද්ධති හා මෘදුකාංග මත ක්‍රියාකරයි. අපර හුරුපුරුදු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පවා අමෙරිකානු හා නේටෝ රටවල් වල ආරක්ශක අංශවල භාවිතයා සඳහා  "Windows Military Edition" නමින් දැඩි ආරක්ශක විදිවිධාන සහිතව නිර්මාණය කොට ඇත. මෙවැනි මෙහෙයුම් පද්ධති හා පරිගණක ජාල අවුල්කොට දැමීම එතරම් පහසු නැත.

ආරක්ශක දෙපාර්තමේන්තුව පවසන ආකාරයට සයිබර් ප්‍රහාර ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වීමට නම් ඒවා සාමාන්‍ය යුධ අවියක් මෙන් අවශ්‍ය මොහොතේදී පහසුවෙන් භාවිතා කිරීමට හා ඒවායින් සිදුකල හැකි හානිය කල්තබා ඇස්තමේන්තු කල හැකි විය යුතුය. එනම් සයිබර් ප්‍රහාරයක් මිසයිල ප්‍රහාරයක් හෝ ජෙට් යානා යොදා සිදුකරන ප්‍රහාරයක් මෙන් ඉතා ඉක්මණින් සිදුකල හැකි විය යුතුය.

එහෙත් විවිධ ආරක්ශණ උපක්‍රම වලින් ආරක්ශිත පරිගණක ජාලයකට හෝ පරිගණක පද්ධතියකට පහරදීම සඳහා එයට සුදුසුම ප්‍රහාරක උපක්‍රමයක් යොදා ගත යුතුය. මෙවැනි තාක්ශණික ඥාණයක් යුධ සෙනෙවියන් හට නොමැත.

පරිගණක තාක්ශණය පිලිබඳ ඉහල දැනුමක් නොමැති යුධ සෙනෙවියන් හට අවශ්‍ය ඕනෑම මොහොතක භාවිතයට ගත හැකි ප්‍රායෝගික අවියක් බවට පත්කිරීමේ අරමුණ සඳහායි සයිබර් ප්‍රහාර විඩියෝ ක්‍රීඩාවක් මෙන් ඉතා පහසුවෙන් ඉගෙන ගැනීමට හා පහසුවෙන් හැසිරවීමට හැකිවෙන ආකාරයට නිර්මාණය කරන්නට පෙන්ටගනය උත්සහ කරන්නේ.


මෙලෙස ඉතා පහසුවෙන් හැසිරවිය හැකි, එහෙත් ඉතා බලසම්පන්න සයිබර්  ප්‍රහාරක අවියක් හා එහි අතුරු මුහුණත (user interface) නිර්මාණය සඳහා පෙන්ටගනය අමෙරිකාවේ සිටිනා දක්ශතම පරිගණක ක්‍රීඩා නිර්මාණකරුවන්, සජීවීකරණ විශේෂඥයින් හා සංකීර්ණ පරිගණක ජාලයක සම්බන්ධතා හා දත්ත හුවමාරුවන ආකාරය සජීවී ග්‍රැෆික් දසුන් ආකාරයට දර්ශණය කිරීම (data and network visualisation) සඳහා විශේෂඥවූ සමාගම්ද යොදාගෙන තිබෙනවා.

සබැඳි ලිපි:

Plan X : පෙන්ටගනයේ සයිබර් යුධ සැළස්ම


ඇමරිකාව අනාගත ආක්‍රමණ සැළසුම් කරයි!


Comments

  1. ඉස්තරම් විස්තරයක් ඔබට තුති.

    ReplyDelete

Post a Comment