වසර කෝටි 10ක් පැරණි ඩයිනසෝර පා සටහන් ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයෙන් හමුවෙයි | Dinosaur Footprints Found in Alaska




මිහිපිට සැරි සැරූ දැවැන්ත ඩයිනෝසරයන් රංචුවකගේ පා සටහන් ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයෙන් හමුවී ඇතැයි පර්යේෂකයෝ කියති. අදින් වසර කෝටි 10ට පමණ පෙරාතුව ඩයිනෝසරයන් මඩ සහිත භූමියක ඇවිද යාමෙන් පසු එම ප්‍රදේශය උණුසුම්ව වියළී යාමෙන් පසු මේ අඩි සළකුණු අද දක්වාම ඉතිරිවී ඇතැයි පර්නට් කෞතුකාගාරයේ පර්යේෂකයන් පිරිසක් කියති.


‍තා‍රා ‍හො‍ටක්‍ ‍වැ‍නි ‍මු‍ඛ‍යක්‍ ‍ඇ‍ති Duck  Billd  Dinosaur ‍/ Hadrosaurs වර්‍ග‍ය‍ට ‍අ‍යත්‍‍වූ ‍ඩ‍යි‍නෝ‍ස‍ර‍‍යින්‍ ‍ගේ ‍පා ‍ස‍ට‍හන්‍ ‍වැ‍ඩි‍පු‍ර‍ම ‍ දැකිය හැකි අතර පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී කැන්සාස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්තනි ෆ්‍යුරිලෝ පවසන්නේ ලොව මෙතෙක් දක්නට ලැබුණු වඩාත් හොඳින් සුරක්ෂිතව ඇති ඩයිනෝසර් පාද සටහන් සමූහය මෙය බවයි. අතීතයේ මිහිපිට සැරි සැරූ දැවැන්ත සත්ත්වයකු වන Hadrosaurs හෙ‍වත්‍ ‍තා‍රා‍හො‍ට ‍ඩ‍යි‍න‍සෝ‍ර‍යින්‍  නමැති විශේෂයේ සතුන් විශාල සංඛ්‍යාවකගෙන් යුතු රංචුවක් ඇවිද යාමෙන් මේ පා සළකුණු ඇතිවී තිබේ. ‍ව‍ස‍ර ‍මි‍ලි‍ය‍න ‍70‍ක‍ට ‍ප‍ම‍ණ ‍පෙ‍ර  Late  Cretaceous  ‍යු‍ග‍යේ‍දී ‍මෙ‍ම ‍පා‍ස‍ට‍හන්‍ ‍ස‍ළ‍කු‍ණු ‍වන්‍‍න‍ට ‍ඇ‍තැ‍යි ‍විද්‍  ‍විද්‍යාඥ‍යින්‍ ‍ම‍ත ‍ප‍ල‍ක‍ර‍ති.

 පර්යේෂකයන්ගේ මතය වන්නේ එම ස්ථානය අතීතයේ මඩ සහිතව තිබී ඇති බවයි. දැනට පාෂාණිභූත වළවල් සේ දිස්වන මේ අඩි සළකුණුවල දිග පළල හා සටහන් වී ඇති ගැඹුර අධ්‍යයනය කිරීමෙන් පසු පර්යේෂකයන්ගේ නිගමනය වී ඇත්තේ විවිධ වයස් කාණ්ඩවලට ceratopsians, therizinosaurs ‍හා  pterosaurs ‍නැ‍ම‍ති ‍පි‍යාඹ‍න ‍ඩ‍යි‍න‍සෝ‍ර‍යින්‍ ‍ගේ ‍පා‍ස‍ට‍හන්‍‍ද ‍‍මෙ‍හි ‍ඇ‍ති ‍බ‍ව‍යි. .

‍මෙ‍හි ‍පර්‍යේ‍ශ‍ණ ‍සි‍දු‍ක‍ර‍න ‍විද්‍යාඥ‍යින්‍ ‍මෙ‍සේ ‍සි‍ය ‍වාර්‍තා‍ව‍ල ‍ස‍ට‍හන්‍ ‍කො‍ට ‍ති‍බෙ‍න‍වා. "මේ සතුන්ගේ අඩි සළකුණු මෙතරම් හොඳින් සුරක්ෂිතව තිබීම පුදුම සහගත දෙයක්. අපිට මේවා
අධ්‍යයනයෙන් ඔවුන් ජීවත් වූ පරිසරයේ යථා ස්වරූපය අවබෝධ කැර ගත හැකියි. මේ අඩි සළකුණු අනුව පෙනෙනවා ඔවුන් මේ ස්ථානයේ නිදහසේ ඇවිද ගිය බව. ඒ වගේම ආක්ටික් ප්‍රදේශයේ දේශගුණික විපර්යාස සිදුව ඇති ආකාරයත් මේ අනුව තේරුම්ගත හැකියි...."


‍වි‍ශා‍ල cypress  ‍හෙ‍වත්‍ ‍නත්‍‍තල්‍ ‍ගස්‍ ‍වර්‍ග‍ය‍ක‍ට ‍අ‍යත්‍  redwood ‍නම්‍ ‍ගස්‍ ‍වි‍ශේෂ‍යේ ‍ප‍රා‍ග ‍හා ‍වි‍විධ ‍වර්‍ග‍ව‍ල ‍මී‍ව‍න ‍ශා‍ක ‍ප‍රා‍ග ‍වර්‍ග‍ද ‍හ‍මු‍වී ‍ඇ‍ති ‍නි‍සා ‍මෙ‍ම ප්‍රදේශය ‍ඉ‍තා ‍සා‍ර‍වත්‍‍ලෙ‍ස ‍ග‍හ‍කො‍ල ‍වැ‍ඩී ‍ආ‍හා‍ර ‍බ‍හු‍ල‍වූ ප්‍රදේෂයක් ලෙස සැළකිය හැකි බව පැවසෙනවා. එමෙන්ම මෙම සත්ව පා සටහන් අතර කුඩා පැටවුන්ගේ පා සටහන්ද ඇති අතර ඒ අනුව දැන් දැඩි ශීත සෘතුවට දැඩි ශීතලක් පවතින මෙම ප්‍රදේශය වසර මිලියන 70කට පෙර, අවුරුද්ද පුරාම ආහාර බහුලවූ එතරම් ශීතල නොමැති ප්‍රදේශයක් වන්නට ඇති බව විද්‍යාඥයින්ගේ අනුමානයයි.



Sources:
http://www.lankadeepa.lk/index.php/articles/249418
http://news.discovery.com/animals/dinosaurs/huge-trove-of-dinosaur-footprints-found-in-alaska-140709.htm


Comments