සඳතැන්න Photo Credit : සංචාරකයාගේ සටහන් |
අද විස්තර කරන්න හදන්නෙත් නුවරඑළිය සමීපයේම තියන තවත් ‘තැන්නක්’ සහ ‘ලෝකාන්තයක්’ ගැනයි. ඇත්තෙන්ම මෙයත් අපේ මධ්‍යම කඳුකරයේ තියන සුවිශේෂ ස්ථානයක්. මේ පාරිසරික කලාපයේ නම තමයි සඳතැන්න. ඒ වගේම මේ සඳතැන්න මුදුනේ සිට ඌව ද්‍රෝණිය සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ බොහොමයක් අංශක තුන්සියේ හැටේ කෝණයකින් යුතුව දැක බලාගත හැකි අපූරු ස්ථානයකුත් තියනවා. එතැන හැඳින්වෙන්නේ පුංචි ලෝකාන්තය නමින්. මේ අතිශය සුන්දර පාරිසරික කලාපයට, හෝටන් තැන්නට සහ ලෝකාන්තයට ලැබුණු ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වයත් ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි මේ පාරිසරික කලාපය මතෛක් මහජනතාවට විවෘත නොවීම, මේ පාරිසරික කලාපය මතෛක් ප්‍රසිද්ධියට පත්වෙලා තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් නුවරඑළිය සීතා එළියේ බිජ අර්තාපල් ගොවිපළ විදිහටයි.
සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගත හැකි ලෙස මෙම පාරිසරික කලාපය පිහිටා ඇති අතර අංශක 360 ක කෝණයකින් එම ප්‍රදේශය නිරීක්ෂණය කළ හැක. එහි සිට පිදුරුතලාගල, කිරිගල්පොත්ත, හග්ගල සහ නමුණුකුල ආදී ප්‍රධාන කඳුපන්ති 09ක් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට අවස්ථාව හිමිවේ. මධ්‍යම කඳුපන්තියේ ඌව බෑවුමේ පිහිටි මෙම පරිසර කලාපය පතන තණ බිමකි. එසේම ඒ ආශ්‍රිතව පිහිටා තිබෙන සුවිශේෂ ජෛව විවිධත්වය තුළ මෙරටට ආවේණික පක්ෂීන් රැසක් සහ උරග වර්ග විශේෂයන් මෙහිදී දැක ගත හැකියි.
මේ අපූරු පාරිසරික කලාපයට පිවිසීම හරිම පහසුයි. නුවරඑළිය වැලිමඩ ප්‍රධාන පාරේ ගේරගරි වැව අන්තයෙන් වමට හැරිලා කිලෝමීටර් දෙකක් ගිය පසු මේ සංචාරක කලාපයේ පිවිසුමට ළංවිය හැකියි.
නුවරඑළිය සීතාවක බිජ අර්තාපල් ගොවිපළට වයස දැනට අවුරුදු පනස් හයක් වෙනවා. ගොවිපළ ආරම්භ කොට ඇත්තේ 1958 අවුරුද්දේ. මුහුදු මට්ටමින් අඩි එක් දහස් හයසීයකටත් වඩා උසින් යුතු මේ භූමි ප්‍රදේශය නුවරඑළිය නගරය ආසන්නයෙන් ඉහළට මතුවුණු උස් කඳුවැටියක් කේන්ද්‍ර කරගෙනයි වෙන් කොට දැක්වෙන්නේ. හෙක්ටයාර් එකසිය පනස් පහක් හෙවත් අක්කර තුන්සිය අසූ පහක වපසරියකින් යුතු මෙම භූමි භාගයේ කොටස් කිහිපයක් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ද පාලනය වෙනවා. මේ භූමියේ උසම කොටස අඩි හත්දහස් තුන්සියයක් පමණ උසින් යුතුයි. ඒ කියන්නේ හෝටන් තැන්නේ උසට සමානයි.සඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය ලෙස හඳුන්වා දී ඇති මෙම මනරම් පාරිසරික පාරාදීසය තුළ දී ඔබට ඉහළ කඳුකර වනාන්තර, කඳුකර පතන් බිම් සහ එහි ෙජෙව විවිධත්වයන් ඇතුළු කඳුකරයට ආවේණික සත්ව සහ ශාක විශේෂ රැසක් කදිමට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ඉහළ කඳුකරයේ ප්‍රධාන වගාවක් වන අර්තාපල් වගාව සේම උඩරට එළවළු වගාව පිළිබඳ මනා දැනීමක් ලබා ගැනීමටත් ඔබට එහි දී කදිම හැකියාවක් ලැබෙනවා. මේක සාමාන්‍ය සංචාරකයන්ට වගේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් කදිම අවස්ථාවක්.
ඒ වගේම ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දී දැක ගත හැකි ගෝනුන් , වලස් වඳුරන් , ඕලුමුවන් සහ කුළු හරක් රංචු ද මෙම භූමි භාගයේ දී දැකගත හැකියි. ඊට අමතරව ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු විශේෂ වන කහ කන් කොණ්ඩයා ශ්‍රී ලංකා සිතෑසියා හෙවත් කඳුකර මල් කුරුල්ලා ශ්‍රී ලංකා මයිල ගොයා , නිල් මැසිමරා හෙවත් කෝපි කුරුල්ලා , දෑ දෙමලිච්චා වැනි මධ්‍යම කඳුකර වනාන්තර වලදී දැකිය හැකි ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ මෙහිදී නිරීක්ෂණය කරන්න පුළුවන්.
මේ සඳතැන්න පාරිසරික කලාපයේ ඉහළම තැන විශේෂ නැරඹුම් අට්ටාලයක් ඉදි කර තිබෙනවා. එතැන සිට පිදුරුතලාගල මුදුනට ඇත්තේ අඩි අටසියයක විතර උසක් විතරයි. මේ ස්ථානයේ උස ශ්‍රී පාද උඩ මළුවේ උසට සමානයි
මේක ඉතාම සංවේදී පරිසර කලාපයක්. ඒ වගේම බිජ අර්තාපල් නිෂ්පාදනය අතින් අපේ රටේ කෘෂිකර්මයට සුවිසල් මෙහෙවරක් කරන භූමි ප්‍රදේශයක්. ඒ හින්දා මේ පරිසර කලාපයට ඇතුළු වෙන හැමෝම පාරිසරික රෙගුලාසි කීපයකට යටත් විය යුතුයි. ඒවා මේ පරිසරයේත් අප හැමෝගෙමත් පොදු යහපත සඳහා විද්‍යාත්මක පාරිසරික පදනමක් මත පනවපු අණ පනත්
මේ කදිම පාරිසරික කලාපය මනාව නැරඹීම සඳහා ඒ ගොවිපළේ ඉහළම කොටසට පිවිසිය යුතුයි. ඒ සඳහා දේශීය වැඩිහිටියන් සඳහා රුපියල් පනහකුත් දේශීය ළමුන් සහ පාසල් සිසුන් සඳහා රුපියල් විස්සක ප්‍රවේශ ගාස්තුවකුත් අය කෙරෙනවා. දිනපතා පෙරවරු හතේ සිට පස්වරු හතර දක්වා විවෘතව පවත්වන මේ සඳතැන්න පාරිසරික කලාපය තුළ පා ගමනින් යාම හෝ පිටස්තර වාහනයකින් ගමන් කිරීම සපුරා තහනම්. ඒ මෙම පාරිසරික කලාපයේ ආරක්ෂාව සඳහා ගැනුණු විශේෂිත පියවරක්. ඒ සඳහා මෙම පාරිසරික කලාපයේ පිවිසුම් දොරටුව ළඟ රියැදුරු මාර්ගෝපදේශකයන් ද සමග සෆාරි ජීප් රථ සේවයක් ක්‍රියාත්මක වෙනවා. වැඩිහිටියන් අට දෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි මෙම සෆාරී ජීප් රථයක පැය දෙකක පාරිසරික සංචාරයක් සඳහා අය කරන මුදල රුපියල් දෙදහසයි.
Photo Credit : Lakdasun |
Photo Credit : Lakdasun |
ඒ වගේම මේ පරිසර පද්ධතියෙන් සත්ව හා ශාක නිදර්ශක එකතු කිරීමත් සපුරා තහනම් කොට තිබෙනවා. ඒ වගේම මේ සියල්ල මිනිසා ඇතුළු ෙජෙව ගෝලයේ යහපැවැත්ම තකා විද්‍යාත්මක මිනුම් දඬු ඔස්සේ ගැනුණු පරිසර හිතකාමී තීරණ බැවින් පරිසර ලෝලී ඔබත් ඒවාට ඉත සිතින් එකඟ හා අවනත වන බව අප දන්නවා.
සංචාරකයාගේ සටහන් - Moonplains Photo Album
Story Sources 1 2
Comments
Post a Comment