ඩ්‍රයිවර් නැති චීන යූටොන්ග් බස් එක හා තවත් ප්‍රබන්ධ නොවන විද්‍යා කතා.


ජර්මානුවන්ගේ Audi A7 Robo Car

ජර්මානු සුඛෝපභෝගී කාර් සමාගමක් වන අව්ඩි මෑතකදී සිය A7 මාදිලියේ රොබෝ කාරය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට ලාස් වේගාස් නුවර දක්වා සැතපුම් 500ක දුරක් ස්වයංක්‍රීය ධාවනයේ යෙදුනා.


Audi Piloted Driving ලෙස හැඳින්වෙන මෙම ව්‍යාපෘතිය යටතේ අධිවේගී මාර්ගවල (expressways) රියදුරාගේ ආධාරයක් නොමැතිව ස්වයංක්‍රීයව ධාවන පථයේ ගමන් කිරීම, ඉස්සර කිරීම, වේගයෙන් යන වාහනවලට ඉඩදීම, මාර්ග සංඥාවලදී නැවැත්වීම හා ගමන් කිරීම යනාදී ක්‍රියාකාරකම් තනිවම සිදුකල හැකියි. කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිය අනුව රෝබෝ වාහන අත්හදා බලන සෑම අවස්ථාවකදීම, හදිසියකදී වාහනයේ පාලනය භාරගත හැකි මිනිස් රියදුරෙකු සෑමවිටම රියැදුරු අසුනේ සිටිය යුතුයි. 

එහෙත් ඉදිරි වසර කිහිපය තුල තාක්ශණය තහවුරු වූ පසු රියැදුරෙකු නොමැතිව තනිවම පාරේ ගමන් කල හැකි හෝ දරුවන් පාසලට ඇරලවා ආපසු නිවෙසට පැමිණිය හැකි රොබෝ වාහන සඳහා අවසර ලැබෙනු ඇති.

ගමන් කරන ධාවන තීරුවෙන් අනෙක් ධාවන තීරුවට මාරුවෙද්දී රොබෝ A7 කාරය ඒ පිලිබඳව රියැදුරා දැනුවත් කරන ආකාරය

A7 කාරයට සිය ධාවන පරිසරය පිලිබඳව දත්ත ලබාගැනීම සඳහා එය තුල රේඩාර් යන්ත්‍ර 6ක්, කැමරා තුනක් හා ලේසර් කිරණ විදීම මගින් බාධක හඳුනාගන්නා LIDAR උපකරණ දෙකක් සවිකොට ඇත. මෙම සංවේදක මගින් ලැබෙන දත්ත කාරයේ පිටුපස ඩිකියේ (car boot) සවිකොට ඇති කෘත්‍රිම බුද්ධි පරිගණක පද්ධතියකට යොමුකෙරෙන අතර එය මගින් කාරය මෙහෙයවයි.

ඩිකිය තුල ඇති A7 කාරයේ කෘත්‍රිම බුද්ධි පරිගණක පද්ධතිය

PC මාදිලියේ පරිගණක පද්ධති 8කින් බලගැන්වෙන විශාල පද්ධතියකින් A7 කාරයේ කෘත්‍රිම බුද්ධි පරිගණකය සමන්විත වන අතර තව අවුරුදු දෙකකින් පමණ මෙම විශාල කෘත්‍රිම බුද්ධි පාලන පද්ධතිය අයිපෑඩ් එකක් තරමට කුඩා වනු ඇත. zFAS (zentrale Fahrerassistenzsteuergerät) ලෙස අව්ඩි සමාගම හඳුන්වන මෙම පරිගණක පද්ධතිය දශක ගණනාවක කෘත්‍රිම බුද්ධි පර්යේෂණයන්ගේ ප්‍රථිපලයකි.





 
චීනුන්ගේ යූටොන්ග් රොබෝ බස් එක



රොබෝකාර් තාක්ශණය පිලිබඳව මහජන උනන්දුව වැඩිවෙමින් ඇතත් බොහෝ රටවල, විශේෂයෙන්ම ජනාකීර්ණ නගරවල පොදු ප්‍රවාහණසේවා මෙන්ම විශාල ප්‍රවාහණ සමාගම් වැඩි උනන්දුවක් දක්වන්නේ නාගරික බස් සේවා හා භාණ්ඩ ප්‍රවාහණ ට්‍රක් රථ රොබෝ තාක්ශණයට අනුගත කරගැනීමයි.

බස් හා ට්‍රක් රථ අණතුරු නිසා අමෙරිකාවේ පමණක් වසරකට ඩොලර් බිලියන 8ක පමණ අලාභයක් සිදුවන අතර විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවේ. අධික වෙහෙසට පත් රියැදුරන්, දුරකථන ඇමතුමක් හෝ සිගරට්ටුවක් දැල්වීමට යාම නිසා අවධානය බිඳගත් රියැදුරන් නිසා මෙම ට්‍රක් හා බස් අණතුරු වලින් වැඩි ප්‍රමාණයක් සිදුවේ.

අණතුරු අවම කරගැනීම මෙන්ම රියැදුරු වේතන හා දීමනා ඉතුරුකර ගැනීමට හැකිවීමත්, සේවයට නොපැමිණීමෙන් සිදුවන අමතර පාඩු පිලිබඳ ගැටලු ඇති නොවීමත් නිසා දියුණු රටවල නාගරික බස් සේවා දැවැන්ත ප්‍රවාහණ සමාගම් රොබෝ රියැදුරන් සිය සේවක මණ්ඩලයට බඳවාගත හැකිවන දිනය වනතෙක් පුල පුලා බලා සිටී.

ශ්‍රී ලංකාවේ කාළකණ්නි පෞද්ගලික බස් සේවාව 2050දීවත් රොබෝ රියදුරන්ගෙන් සමන්වනු ඇතැයි ප්‍රාර්ථනා කරමු.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments

  1. ලිපිය හොඳයි.පුද්ගලික බස් සේවකයන් ගැන කියල තියන දේට එච්චර එකඟ නෑ.
    මගේ රැකියාව එක්ක ඔවුන් ලඟින් ඇසුරු කරන්න ලැබෙනවා.ලංකාව වගේ රටක කෙනෙක්ගේ සේවයට අගයකිරීමක් ලැබෙන්නේ කලාතුරකින්. සමහරු ඉන්නවා උදේ 2-3ට නැගිටලා ගෙදර යන්නෙ රෑ 10-11ට අන්තිම ටර්න් එක ඉවරවෙලා බස් එක අතුගාලා පිරිසිදු කරලා ගෙදර ගිහින් තියන දෙයක් කාලා බීලා නිදාගන්න කොට 11.30-12 වෙනවා.පැය 3-4ක් නිදාගෙන ආයිත් උදේ වැඩට යනවා.එහෙම කෙනෙක්ගේ මානසික තත්වය ගැන අනෙත් අය පොඩ්ඩක් හිතන්න ඕන නේද? මිනිස්සු හරි පුදුමාකාරයි,රුපියල දෙකටත් බස්වල වාද කරගන්නවා.නමුත් මේ දෙ ගැන හිතන්නේ නෑ නේද? මම මේ දල වශයෙන් කිව්වේ ඒත් ලංකාවේ බහුතරයක් රියදුරු කොන්දොස්තර මහත්තුරුන්ගේ ජීවිතය ඕකයි.

    ReplyDelete

Post a Comment