WORLD AFFAIRES : බයිඩන් ඇමරිකාව සීතල යුද්ධ දෙකක පටලවමින් සිටී



ඇමරිකාවේ රාජ්‍ය-තාන්ත්‍රික පඹගාල

ජෝ බයිඩන්ගේ ජනාධිපති ධූරයට වසර දෙකක් ගතවන තැන, එක්සත් ජනපදය සිය පැරණි සුපිරි ප්‍රතිවාදියා වන රුසියාව සහ ඇමරිකාවේ 21 වැනි සියවසේ තාක්ෂණික, කාර්මික මෙන්ම යුධමය වශයෙන් ප්‍රමුඛ සතුරා වන චීනය සමඟ එකවර රාජ්‍ය තාන්ත්‍රික සහ ජාතික ආරක්ෂක අර්බුදවලට මුහුණ දෙමින් සිටියි.

එනම් බයිඩන් දැන හෝ නොදැන ඇමරිකාව මහා ශීතල යුද්ධ දෙකකට එකවර මැදිකරගෙන සිටිනවා විචාරකයින් ප්‍රශ්ණ කිරීමට පටන්ගෙන තිබෙනවා.

යුක්රේනයේ යුද්ධය, ලෙයින් තෙත් වූ පළමු සංවත්සරයට ළඟා වීමට ආසන්න මේ මොහොතේ චීනයේ ඔත්තු බැලීමේ බැලූනය ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පළමු සැබෑ ගැටුම නිර්මාණය කර තිබෙනවා.

වාර්ෂික මියුනිච් ආරක්ෂක සමුළුව සඳහා බටහිර විදේශ ප්‍රතිපත්ති නිලධාරීන් සහ විශේෂඥයින් එක්රැස් වන විට මෙම සති අන්තයේ මෙම භයානක කාල පරිච්ඡේදය පිලිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා වනු ඇත. 

නිසැකයෙන්ම සාකච්ඡාවෙන් වැඩි කාලයක් යුක්‍රේනයේදී රුසියාව නියත පරාජයකට ලක් කරන්නේ කේසේද? රුසියානු අවි බලය බොහෝ කාලයකට මොට කරන්නේ කෙසේදැයිද සාකච්ඡාවන අතරම චීනයේ ආධිපත්‍ය සැලසුම් කෙසේ පරාජය කරන්නේද යන්න ගැනද සාකච්ඡාවනු ඇත.

මෙම ද්විත්ව රාජ්‍යතාන්ත්‍රික අර්බුදය, වොෂින්ටනයේ ධ්‍රැවීකරණය වූ දේශපාලන එදිරිවාදිකම් විදේශයන්හි ඇමරිකානු ප්‍රතිපත්තියට බලපෑම් කළ හැකි ආකාරය ද හෙලිදරව් කරමින් සිටී.

සංකීර්ණ භූ-දේශපාලනික කරුණු දේශපාලන පන්දු ක්‍රීඩා බවට පත්වීම

ට්‍රම්ප්ගේ ආගමනය මෙන්ම පරාජයද හමුවේ ඇමරිකානු දේශපාලන දේහය දැඩි ලෙස දෙකඩවී තිබෙනවා. ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පාක්ෂිකයින් මෙන්ම දේශපාලන නියෝජිතයින්ටද කිසිදු කරුණක් සඳහා එකඟවීමේ අවස්ථා අඩුවෙමින් පැවතීම ඉතාමත් අභියෝගාත්මකයි.

නිදසුනක් වශයෙන්, චීන ඔත්තු බැලූ බැලූනය ඉක්මනින් බිම හෙළීමට අපොහොසත් වීමෙන් ජාතික ආරක්ෂාව අනතුරේ හෙලූ බවට බවට රිපබ්ලිකන් සෙනේට් සභොකයින් හා කොන්ග්‍රස් මාණ්ඩළිකයින් ජෝ බයිඩන්ට චෝදනා කළහ. එහෙත් ඉන් පසුව දිස්වූ හඳුනා නොගත් පියාසර වස්තූන් 3ක් ඉක්මණින් වෙඩිතබා දැමීමට බයිඩන් දුන් අණ, කලබළයෙන් ගත් "trigger happy" ක්‍රියාමාර්ගයක් ලෙස ඔවුන්ම විවේචනය කිරීමෙන් රිපබ්ලිකන්-ඩිමොක්‍රැටික් ගැඹුරු බෙදීම හඳුනාගත හැකිය.

ඉතා සංකීර්ණ භූ-දේශපාලනික ගැටලු පවා පක්ෂ-විපක්ෂ මඩ ගසාගැනීම් බවට පත්වීමෙන් ඇමරිකානු දේශපාලන දේහය අසාධ්‍ය වී ඇති බවට හොඳ නිදසුනකි. චීනය මෙන්ම රුසියාවද මේ අභ්‍යන්තර ගැටුම් අවබෝධකරගෙන සිටින අතර ඒවා සිය ක්‍රියාමාර්ග ගැනීමේදී වාසියට භාවිතා කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.

චීනය හා අමරිකාව අතර ගැටුම - පැරණි ඇමරිකන් / සෝවියට් සීතල යුද්ධය හා සමකල නොහැකි ඇයි?

මේ අතර, එක්සත් ජනපදය සහ චීනය අතර වර්ධනය වන ශක්තිය පිළිබඳ පරීක්ෂණය ලෝකය යුද්ධයකට ඇද දැමිය හැකි ආකාරයේ ගැටුමක් බවට පත්වීම වැලැක්වීමට තවමත් කාලය තිබේ.

බොහෝ එක්සත් ජනපද දේශපාලනඥයන්ට චීනයෙන් අඇමරිකන් ආර්ථිකය විසංයෝජනය කිරීමට අවශ්‍ය වුවද, එය කිසිදු අර්ථවත් ආකාරයකින් කළ නොහැක. සමහර නිෂ්පාදන කම්හල් එක්සත් ජනපදයට ගෙන ඒමෙන් පමණක් දශක ගණනාවක් තිස්සේ දැඩි ලෙස සැපයුම් දාම බද්ධ වී ඇති ආර්ථිකයන් දෙකක් වෙන්කල  නොහැක

ඇමරිකාව හා චීනය අතර ඕනෑම මට්ටමක සන්නද්ධ මිලිටරි ගැටුමක් සිදුවීම රටවල් දෙකටම මෙන්ම ලෝකයටම දැවැන්ත ආර්ථික මිලක් ගෙවන්නට සිදුවන බව සක්සුදක්සේ පැහැදිලි නිසා  ඇමරිකානුවන්ට සහ චීන ජාතිකයින්ට ඔවුන්ගේ මතභේද යුධ ගැටුම් දක්වා වර්ධනය වීම වැලක්වීමට විශාල දිරිගැන්වීමක් ඇත.

ලෝකය යලිත් කඳවුරු දෙකකට

ලෝකය ප්‍රජාතන්ත්‍රවාදය සහ ආඥාදායකත්වය අතර කඳවුරු දෙකකට බෙදී යන බව ලොව පුරා වැඩෙන හැඟීමක් පවතිනවා.

පුටින් යුක්රේන යුද්ධය භාවිතා කරන්නේ පැරණි සෝවියට් ජනරජයක් වූ යුක්රේනය මත නැවත රුසියානු ආධිපත්‍යය පතුරවා ගැනීමේ ගැනීමේ උත්සාහයක් ලෙසයි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ යුක්‍රේනයේ ස්වෛරීභාවය වනසා දමා එය යුරෝපීය සංගමයට සහ නේටෝවට සම්බන්ධ වීමේ එහි අභිලාෂයන් ව්‍යර්ථ කිරීමටයි. රුසියාව එලිපත්තේ තිබෙන යුක්‍රේනය නේටෝවට බැඳීම  නැවැත්වීමට පුටින්ගේ රුසියාව විශාල කැපකිරීම් සිදුකිරීමට සූදානමින් සිටින බව රහසක් නොවෙයි.

බයිඩන් රුසියාව සමඟ සෘජු ගැටුමකට කිසිසේත් සූදානම් නැත. රුසියානු හා ඇමරිකානු හමුදා කෙලින්ම ගැටීම තෙවන ලෝකය යුද්ධය බව ඔහු ප්‍රකාශ කර සිටිනවා. 

කෙසේ වෙතත් බයිඩන් රුසියාව මිලිටරිමය වශයෙන් පාලනය කර ආර්ථික වශයෙන් විනාශ කර ඇති බව සහතික කිරීම සඳහා දැවැන්ත අවදානම් දැරීමට සහ ඩොලර් බිලියන ගනනක් කැප කිරීමට සූදානම්ව සිටිනවා. 

Comments