POLITICS: Team AKD බරපතල අර්බුධයක?


Full Disclosure: ලියුම්කරුගේ පෞද්ගලික දේශපාලන දැක්ම අනුව Team AKD පසුබෑම පිලිබඳව ලියුම්කරුට ඇත්තේ කණගාටුවකි.

Team AKD බරපතල අර්බුධයක

ජනපතිවරණ චන්දයට තව දින 12ක් පමණ තිබියදී (අද සැප්. 7) රනිල් හා සජිත් සිය මැතිවරණ ව්‍යාපාර වේගවත් කර තිබේ. ආරම්භයේදී පසුබා තිබූ රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරද නව ජවයකින් ක්‍රියාත්මක වනු පෙනෙ. සජිත් ප්‍රේමදාසද විශාල රැළි පවත්වමින් සිය බිම් මට්ටමේ සංවිධාන ශක්තිය පෙන්වමින් සිටී

එහෙත්, බිම් මට්ටමේ අති විශාල සංවිධාන ශක්තියක් හා දැඩි කැපවීමක් ඇති බිම් ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක සහය නොමිලේම ලැබී තිබෙන අනුර කුමාර දිසානයාකගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම හෙවත් මේ වන විට බරපතල අර්බුධ රැසක ගිලී තිබෙනු දකින්නට තිබෙන බව කණගාටුවෙන් වුවද කිව යුතුය.

නවතාලිය නොහැකි ජවයකින් (unstoppable momentum) ක්‍රියාත්මකවූ අකුදිගේ මැතිවරණ ව්‍යාපාරය එක්වරම දෙදරවන්නට (stall) වූ කරුණු කිහිපයක් පසුගිය සති කිහිපය තුල එකක් පසුපස එකක් සිදුවුනා.

1] ආචාර්ය හර්ෂණ අවුල්කල ලංකා වාණිජ මණ්ඩළයේ අනුග්‍රහයෙන් පැවැත්වූ ආර්ථික ප්‍රතිපත්ති විවාදය (Ceylon Chamber of Commerce - Economic Policy Debate) 

විශාල පූර්ව ප්‍රචාරයක් තිබූ ඉහත විවාදය සඳහා අනුර කුමාරගේ ජාතික ජනබල වේගයෙන් සහභාගීවූ ආචාර්ය හර්ෂණගේ ළාමක හැසිරීම් රටාව, ඇසූ ප්‍රශ්ණවලට නිවැරදිව, විචක්ශණව පිලිතුරුදීමට නොහැකිවීම හා විද්වත් සභාවක දේශපාලන ප්‍රචාරණයක් සිදුකිරීමේ වෑයම

ආචාර්ය හර්ෂණගේ පැහැදිලි නොහැකියාව (clear incompetence) නිසා සජිත් පිල නියෝජනය කල ආචාර්ය හර්ෂද සිල්වාට දැඩි ප්‍රසාදයක් හිමිවීම හා පැහැදිලි ජයක් ලැබීමෙන් ව්‍යාපාරික ප්‍රජාව තුල අනුර කුමාර දිසානායක්ගේ ආර්ථික ප්‍රතිපති පිලිබඳව සාධාරණ සැකයන් ජනිතවීම මෙන්ම මෙතෙක් තිබූ ප්‍රභල අපහැදිලි ස්ථාන තවත් අපහැදිලි තත්වයකට පත්වීම. 

මෙය අනුර කුමාරව පවා සලිත කරන්න සිදුවූ බව ඉන් පසු ඔහුට තවත් ආර්ථික සමුලු පවත්වා පෞද්ගලිකව ප්‍රභල ව්‍යාපාරිකයින් අමතන්නට සිදුවීමෙන් පැහැදිලි වෙනවා.

2] තැපැල් චන්ද exit poll හරහා හෙලිවූ පසුබෑම

තැපැල් චන්දයට දින කිහිපයකට පෙර ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සිය ජනාධිපති බලතල (ලියුම්කරුගේ නිගමනය අනුව අයුතුලෙස) භාවිතා කරමින් හමුදා සාමාජිකයින්ගේ ආහාර සලාකවලට බලපාන තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම හා 24% - 50% අතර ප්‍රමාණයකින් විශාල පඩිවැඩිකිරීම ප්‍රකාශයට පත්කිරීම මගින් රාජ්‍ය සේවය තුල තිබූ මාලිමා ප්‍රවනතාවය තීරණාත්මක ලෙස තමන් වෙත හරවාගැනීමට ජනාධිපති අපේක්ෂක රනිල් සමත්වීම

මෙහි කම්පණය කොතරම්ද යත් තැපැල් චන්ද පිලිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමෙන් අනුර කුමාර හා ඔහුගේ කණ්ඩායම වැලකී සිටිනවා

3] වසන්තට එරෙහිව නිකුත්වූ අධිකරණ වරෙත්තුව

Team AKD මෙහෙයුම් කමිටුවේ ප්‍රභල සාමාජිකයෙකු වූ වසන්ත සමරසිංහට අධිකරණයක් මගින් නිකුත්කල අත් අඩංගුවට ගැනීමේ වරෙත්තු නිවේදනයද අකුදිගේ කණ්ඩායමට තවත් system shock එකක් එල්ල කිරීමට සමත්ව තිබෙනවා.

වසන්තට හා තවත් මාලිමා/ජවිප ප්‍රභලයෙකුට එල්ලවී ඇති බරපතල වංචා චෝදනාවක් අධිකරණ වරෙත්තුව හරහා බලගතුවීම මගින් විරුද්ධ කණ්ඩායම් වලට විශාල ප්‍රචාර වාසියක් ලැබෙන අතර අනුර කුමාර හා මාලිමාව මෙතෙක් පවත්වාගෙන ගිය දූශණයෙන් තොර පිරිසිදු කණ්ඩායම යන කීර්තිනාමයට සුලුපටු නොවන අභියෝගයක් එල්ල කිරීමට මෙම වරෙත්තුව නිසැකවම සමත්වී තිබෙනවා.

4] මාලිමාවේ බිම් මට්ටමේ හිටපු හමුදා චන්ඩීන්ගේ වීඩියෝව

මාලිමාව යනු මිනීමරු ජවිපය බවත් එයතුල සැඟවුනු සන්නද්ධ අංශයක් හා හෙල්මට් බලකා නම් විශාල බිම් මට්ටමේ මැර කල්ලි සිටින බවත් කාලයක සිට විරුද්ධවාදීන් ගෙනයන දැඩි ප්‍රචාරයට මාලිමාවේම සිටින මරි මෝඩ ක්‍රියාකාරීන් පිරිසක් වීඩියෝ සාක්ෂි සපයා තිබෙන අතර එය සමාජ ජාල තුල දැඩි ලෙස ව්‍යාප්තවෙනවා.

මාලිමාවේ විශ්‍රාමික හමුදා සාමාජිකයින් යයි කියාගන්නා දෙදෙනෙක් සිදුකරන වහසිබස් දෙඩවීමක් මෙම වීඩියෝවේ දැක්වෙන අතර එය විරුද්ධවාදීන් විසින් මාලිමාවේ මැර කල්ලි ගැන ගෙන යන ප්‍රචාර ඉබේම තහවුරු වෙන අතර එය හෙලා දැකීමට හෝ ඒ පිලිබඳව යම් පැහැදිලි කිරීම පවා සිදුකිරීමට අකුදිගේ මැතිවරණ මෙහෙයුම් කමිටුවට නොහැකිවී තිබෙනවා.

5] චන්දෙට පෙර මාලිමාවේ බිම් මට්ටමේ තරුණ ක්‍රියාකාරීන් අතර අවාසනාවන්ත ලෙස මුල් බැසගෙන තිබෙන "අපි දිනලයි ඉන්නෙ" මානසිකත්වය

ක්‍රියාකාරීන්, ප්‍රධාන මෙහෙයුම් නිළධාරීන් හෝ අපේක්ෂකයා චන්දයට පෙරම තමන් දැනටමත් ජයගෙන ඇති බවත්, තමන්ගේ ජයග්‍රහණය නියත බවත් විශ්වාස කිරීම හා ඒ අනුව හැසිරීම එම අපේක්ෂකයාට හා කණ්ඩායමට නියත පරාජයක් ගෙන එන්නට සමත් වෙනවා.

මේ සඳහා මෑත ඉතිහාසයේ දෙස්-විදෙස් උදාහරණ දෙකක් දක්වන්නම්;

a] ඇමරිකන් ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ගේ "Happy birthday to this future president" ට්විටර් පණිවුඩය.

2016 ඇමරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් 08 වැනිදා පැවැත්වුනු අතර එය ඩොනල්ඩ් ට්‍රම්ප් හා හිලරි ක්ලින්ටන් අතර ද්වන්ධ සටනක් විය. 

හිලරිට අති විශාල ජනප්‍රසාදයක් තිබූ අතර ඇමරිකානුවන් මෙන්ම විදෙස් රටවල රාජ්‍යතාන්ත්‍රිකයින් පවා හිලරිගේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොතිබුනේ ඩොනල්ඩ් ට්‍රම් එතරම්ම විවාදාත්මක හා අප්‍රසන්න චරිතයක් වූ නිසාමයි. 

හිලරි ක්ලින්ටන්ටද සිය ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොවූ අතර 2016 ඔක්තෝම්බර් 26වැනිදාට යෙදී තිබූ සිය ජන්ම දිනය සැමරීම සඳහා ඇය සිය කුඩා කාළයේ ඡායාරූපයක්ද සහිතව සිය නිළ ට්විටර් ගිණුමේ Happy birthday to this future president නම් ට්විටර් පණිවුඩයක් තබමින් ඊට දින 12කට පසුව පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයේ නියත ජයග්‍රහණයට තමන්ටම සුභපතා ගත්තා.

2016 ජනාධිපතිවරණයෙන් ලොවම මවත කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගත්තා.

b] 2015 ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ "දැනටමත් දිනලයින් ඉන්නෙ..."

2015 ජනාධිපතිවරණයේදී සිය නිළබළය, රාජ්‍ය බලය හා මැරබලය සිය මැතිවරණ මෙහෙයුමට නොමසුරුව යොදාගත් මහින්ද රාජපක්ෂට සිය ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් තිබුනේ නෑ. ප්‍රතිවාදී මෛත්‍රීපාල සිරිසේන දේශපාලන පතෝල කරලක් වූ අතර ඔහුගේ මැතිවරණ මෙහෙයුම කරට ගෙන සිටියේ දශක ගණනාවක් නිරන්තරයෙන් පැරදෙමින් "permanent leader of the opposition" හෙවත් යාවජීව විපක්ෂ නායක ලෙස විරුදාවලිය දිනාසිටි රනිල් වික්‍රමසිංහයි.

කෙසේ වෙතත්, රාජපක්ෂලාගේ උඩඟු, මැර දේශපාලනයට තිත තැබීමට ජනතාව ඉටාගෙන සිටියත්, නියත ජය පිලිබඳව ඉහල සිට පහලටම සිටින වන්දිභට්ටයින් හා සට්ටැඹියන් ශපත කර තිබූ නිසා, මහින්ද රාජපක්ෂටත් භුමියේ සිදුවෙමින් තිබෙන දැවැන්ත පෙරලිය ගැන නිසි අවබෝධයක් තිබුනේ නෑ

මිත්‍යාවක් වන "මාලිමාව දිනලා ඉවරයි. 70%ක් 80% අපේ. කැම්පේන් කරලා වැඩක් නෑ. හැමෝම මාලිමාවට" ආඛ්‍යානය.

පක්ෂ ක්‍රියාකාරීන් ඕනාවට වඩා "තමන් දැනටමත් දිනලා යයි" ඉන්නේ යනුවෙන් විශ්වාස කිරීම හා එපරිද්දෙන් ක්‍රියාත්මක වීම ඉතාමත් භයානක වන්නේ මේ නිසයි. ඒ මගින් භූමිය සිදුවන දෑ පිලිබඳව නිවැරදි තොරතුරු නායකත්වයට වාර්තා නොවන අතර ව්‍යාජ චිත්‍රයක් මත ඔවුන් තීරණ ගන්නවා.

අනුර කුමාර දිසානායකත් මීට සති කිහිපයකට පෙර විශ්වාසයෙන් සිටියේ සිය බිම් මට්ටමේ කාඩර්වරුන් නිරන්තරයෙන් ඔහුට වාර්තා කරන "දැනටමත් දිනලා ඉවරයි" මානසිකත් වයෙන් වුවත් අන්තිම පැය දක්වා මේ චන්දයේ ජග්‍රාහකයා කවුදැයි යන්න විවෘතව පවතිනු ඇති.









Comments