නවීන තාක්ශණයෙන් යුතු හෙලිකොප්ටර් වෙනුවට නවීන තාක්ශණයෙන් පිරිපුන් නියමුවන් බිහිකරන්නට සැරසෙන අමෙරිකන් යුධ හමුදාව


අමෙරිකන් යුධ හමුදාව තරම් හෙලිකොප්ටර් මත යැපෙන වෙනත් යුධ හමුදාවක් ලොව නැති තරම්ය. වියට්නාම් යුද්ධය පැවති සමයේ ඇරඹුනු අමෙරිකන් යුධ හමුදාවේ හෙලිකොප්ටර් ප්‍රේමය දෙවන ගල්ෆ් යුද්ධයේදී හා ඇෆ්ඝනිස්තානයේදීද මොනවට පැහැදිලි විය. එහෙත් අමෙරිකානු හමුදාවට විශාල ගැටළුවක් ඇත. එනම් අමෙරිකන් යුධ හමුදාවේ හෙලිකොප්ටර්, 1970 දශකයේ නිර්මාණය වුනු යල් පැන ගිය ඒවා වීමයි. බ්ලැක්-හෝක් භට ප්‍රවාහන හෙලිකොප්ටරය හා ඇපෑචි ප්‍රහාරක හෙලිකොප්ටරය 1970 දශකයේ නිර්මාණය වූ අතර ටොන් 12ක බරක් හෝ භටයින්  50ක් ප්‍රවාහණය කල හැකි CH-47 චිනූක් හෙලිකොප්ටරය ඊටත් පැරණි 1960 දශකයේ නිර්මාණයකි.

තවමත් නිපැදවෙමින් පවතින මේ හෙලිකොප්ටර වලට නව ආදේශක සොයාගැනීම අමරිකානු යුධ හමුදාවට විශාල ගැටළුවක් වී ඇත්තේ නව හෙලිකොප්ටර් නිර්මාණ හා සංවර්ධන ක්‍රියාවලිය බෙහෙවින් වියදම් අධික, කාළය වැයවෙන ක්‍රියාදාමයක් බැවිනි. අමෙරිකන් ගුවන් හමුදාව භාවිතාකරන පේව්-හෝක් හෙලිකොප්ටරයද නාවික හමුදාව භාවිතා කරන සී-හෝක් හෙලිකොප්ටරයද, යුධ හමුදා බ්ලැක් හෝක් හෙලිකොප්ටරයේ සුළු අනුවර්තනයන්ය. මෑතකදී බ්ලැක් හෝක් හෙලිකොප්ටරයේ තාක්ශණික තොරතුරු පිලිබඳ විද්‍යා ගවේශණ පලකල ලිපිය මෙතනින් කියවන්න.

මෙම ගැටලුවට අමෙරිකන් යුධ හමුදා සැළසුම් කරුවන් අපූරු පිලියමක් සැළසුම් කොට ඇත. එනම් යුධ හමුදා හෙලිකොප්ටර් වැඩිදියුණු කරනවා වෙනුවට ඒවා පියාසර කරවන ගුවන් නියමුවන් "අධිතාක්ශණික ගුවන් සෙබළුන්" බවට පරිවර්තනය කිරීමේ සැළැස්මයි. අමෙරිකාවේ රේතියෝන් සමාගම මගින් නිර්මිත මෙම "අධිතාක්ශණික ගුවන් සෙබළ" වැඩසටහන "Air Soldier" ලෙස නම්කොට ඇත.


Comments

Post a Comment