අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Sikorsky UH-60M Black Hawk [බ්ලැක් හෝක් හෙලිකොප්ටරය]


තාක්ශණික තොරතුරු

කාර්යමණ්ඩලය: 2 pilots / 2 gunners
ගෙනයාමේ හැකියාව: 1,200 kg including 14 troops
දිග: 64 ft 10 in (19.76 m)
පලල: 7 ft 9 in (2.36 m)
උස: 16 ft 10 in (5.13 m)
එන්ජින් වර්ගය: 2 × General Electric T700-GE-701C turbo-shaft engines

උපරිම වේගය: 159 kn (183 mph, 295 km/h)
සාමාන්‍ය වේගය: 150 kn (173 mph, 278 km/h)
යුධමෙහෙයුම් සඳහා සහභාගී වියහැකි සීමාව කඳවුරේ සිට: 368 mi (320 nmi, 592 km)
වරක් ඉන්ධන පුරවාගෙන ගමන්කල හැකි උපරිම දුර: 1,380 mi (1,200 nmi, 2,220 km)
සාමාන්‍ය පියාසර උස: 19,000 ft (5,790 m)

ආයුධ හා මිසයිල

තුවක්කු රඳවන ස්ථාන දෙකක් ඇති අතර මේ ස්ථාන දෙකෙහි පහත වර්ගයේ ආයුධ උපරිම දෙකක් රැඳවිය හැකිය.

2 × 7.62 mm (0.30 in) M240H machine guns
2 × 7.62 mm (0.30 in) M134 minigun
2 × .50 in (12.7 mm) GAU-19 gatling guns



මිසයිල හෝ රොකට්ටු එක්පසක දෙක බැගින් උපරිම සතරක් ගෙන යාහැකිය

Rockets: 70 mm (2.75 in) Hydra 70 rockets
Missiles: AGM-114 Hellfire laser guided missiles








Comments

  1. පිස්සු හැදිලා ආයෙම හැදෙනවා

    ReplyDelete

Post a Comment