වේගයෙන් දියුණුවන නාවික තාක්ෂණය මූර්තිමත් කරමින්, චීනය සම්පූර්ණයෙන්ම දේශියව නිශ්පාදනය කරන ලද විශාල ගුවන්යානා ගෙනියන නෞකාවක් ඊයේ දියත්කලා.
යූක්‍රනයෙන් මිලදිගත් "ලියොනින්ග්" චීනයේ පලමු ගුවන්යානා ගෙනියන නෞකාව වන අතර මෙම නෞකාව සෝවියට් දේශයේ නිර්මාණයක් වන "Kuznetsov" කාණ්ඩයේ නෞකාවකි. ටොන් 100,000ක් බර ඇමරිකන් නිමිට්ස් කාණ්ඩයේ ගුවන් යානා ගෙනියන නෞකාවලට වඩා කුඩා වන කුස්නෙට්සොෆ් කාණ්ඩයේ නෞකාවලට බලය සපයන්නේ ඩිසල් ටර්බයින් එන්ජින් මගිනි. ඇමරිකන් ගුවන්යානා ගෙනියන නෞකා සියල්ලම න්‍යෂ්ඨික බළයෙන් ක්‍රියාත්මක වේ.
එමෙන්ම මෙම නෞකාවලට විශාල අවිආයුධ තොගයක් පටවාගත් බර ප්‍රහාරක යානා ගුවන්ගත කල හැකි "Steam Catapult" තාක්ෂණයද නොමැත. Steam Catapult තාක්ෂණයේදී නෞකාවේ න්‍යෂ්ඨික එන්ජිමෙන් ජනනය වන වාෂ්ප උපයෝගී කරගෙන ධාවන පථයට යටින් විශාල පිස්ටනයක් ක්‍රියාත්මක වන අතර මෙම පිස්ටනය මගින් ධාවන පථයේ තිබෙන ගුවන් යානය අධික වේගයකින් තල්ලුකර ගුවන්ගත වීමට අමතර බලයක් ලබාදේ. ඉතා සංකීර්ණ තාක්ෂණයක් මෙන්ම මෙහෙයුම් ක්‍රමවේදයන් ඇති වාෂ්ප කැටපෝල තාක්ෂණය දියුණු කරගැනීමට අපහසු තාක්ෂණයක් බව විශේෂඥයින් පවසනවා.
ඒ අනුව චීනයේ ලියොනින්ග් හා මෙම අලුත් ගුවන්යානා ගෙනියන නෞකා වේගය අතින් හා ගෙනයා හැකි ගුවන්යානා ගණන අතින් ඇමරිකන් නෞකා වලට වඩා පහලින් තිබෙනවා.
කෙසේ වෙතත් ඉදිරියේදී නිර්මාණය වන චීන ගුවන්යානා ගෙනියන නෞකා ඇමරිකන් නිමිට්ස් කාණ්ඩයේ විශාලත්වයට සමාන, වාෂ්ප කැටපෝල තාක්ෂණයෙන් බර ගුවන්යානා ගුවන්ගත කල හැකි මාදිලියේ ඒවා වනු ඇතැයි චීන ආරංචිමාර්ග පවසනවා.
__________________________________________________________________________
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment