ඔබ චක්‍රවාට, galaxy නැතිනම් ගැන අහලා තියෙනවා. ගැලැක්සියක් නැතිනම් චක්‍රවාටයක් කියන්නේ තාරකා බිලියන ගණනක් එකට තිබෙන තාරකා පද්ධතියක්. විශ්වය හෙවත් universe කියන්නේ මේ චක්‍රවාට ඔක්කොම එකතු කරලා ගත්තම. සාමාන්‍යයෙන් තාරකා විද්‍යාඥයින් විශ්වය කියන පදය වෙනුවට අප දන්නා විශ්වය (known universe) කියලා භාවිතා කරනවා. මොකද අපට පේන (දුරේකෂ වලට හසුවන ) ඈතම තියෙන චක්‍රවාටයට වඩා තවත් ඈත මොනවා තියෙනවාදැයි නොදන්නා නිසා.
අප දන්නා විශ්වයේ චක්‍රවාට බිලියන 100-200ක් පමණ තියෙන බවට ඇස්තමේන්තු කරලා තියෙනවා. මේ මෑතකදී සිදුකල ගණනය කිරීමකදී චක්‍රවාට බිලියන 500ක් පමණ තියෙනවා කියලත් කල්පිතයක් මතුවෙලා තියෙනවා. අපගේ සෞරග්‍රහ මණ්ඩළය තියෙන ක්ෂීරපථය (Milkyway) ලෙස නම් කර තිබෙන චක්‍රවාටයත් මේ චක්‍රවාට ප්‍රමාණයට ඇතුලත්.
විවිධ ප්‍රමාණයේ චක්‍රවාට තිබෙන තාරකා ප්‍රමාණය විශාල ලෙස වෙනස් වනවා. අපගේ ක්ෂීරපථයේ තාරකා බිලියන 400ක් පමණ තිබෙනවා කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා.
එතකොට රේඩියෝ ගැලැක්සි නැතිනම් රේඩියෝ චක්‍රවාට කියන්නේ මොනවාද?
හැම චක්‍රවාටයක්ම අතිවිශාල විද්‍යුත් චුම්කක තරංග ප්‍රමාණයක් නිකුත්කරනවා. මේ තරංගවලින් විශාල ප්‍රමාණයක් ආලෝක තරංග ලෙස නිකුත් වෙනවා. ඒත් රේඩියෝ චක්‍රවාටවලින් නිකුත්වෙන විද්‍යුත් චුම්බක තරංගවලින් වැඩි ප්‍රමාණයක් ආලෝකය නොවෙන, රේඩියෝ තරංග පරාසයට වැටෙනවා. ඒ නිසා ඒවාට රේඩියෝ ගැලැක්සි හෙවත් ගුවන්විදුලි තරංග චක්‍රවාට කියලා කියනවා.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment