![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhFEtz2ylIqv4X1zfUd_KTrTIn7lWR7Y3DwBw7yg-JYZvvR_OVwYNAk9cl6tCJX_-zHzglLW_K6Jn3pqRwNZUxBFJtcJX1eaB0hVfTEQX29ZXGPfUqifAqjl-B9sOxXvBMrmgqRCHbw7a4Z/s640/ap17332277482003.jpg)
රුසියාවේ අලුත්ම අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන වොස්ටොක්නි කොස්මෝඩ්‍රෝම් මධ්‍යස්ථානයෙන් පසුගිය නොවැම්බර් 22වැනිදා ගුවන්ගත කල සෝයුස් රොකට්ටුව නියමිත කක්ෂයට අවතීර්ණවීමට අපොහොසත්වුනා. සාර්ථකව රොකට් පර්යන්තයෙන් ගුවනට නැගුණු රොකට්ටුවේ දෙවන අදියර වන ෆ්‍රිගැට් අදියරේ රොකට්ටු නිවැරදි දිශාවට එල්ල නොවී දැල්වීම නිසා එය කක්ෂයට යනවා වෙනුවට කඩා වැටුනා. මේ නිසා එය රැගෙන ගිය රුසියන් කාළගුණ චන්ද්‍රිකාව හා වෙනත් රටවල් වලට අයත් කුඩා මයික්‍රෝ චන්ද්‍රිකා 18ක් විනාශවී ගියා.
මේ අණතුරට හේතුව තවමත් විමර්ෂණය වෙමින් පැවතුනත් මූලික පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ රොකට්ටුවේ ගයිඩන්ස් පරිගණකය, එම රොකට්ටුව කසකස්ථානයේ බයිකොනූර් මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වන බවට තේරුම්ගෙන දෙවන අදියරේ රොකට්ටු ක්‍රියාත්මක කොට ඇති බවයි. එහෙත් මේ රොකට්ටුව දියත්වුනේ ඊට කිලෝමීටර් 6500ක් නැගෙනහිරින් පිහිටි වොස්ටොක්නි වෙතින් නිසා රොකට් දැල්වීම වැරදියට සිදුවී තිබෙනවා.
බයිකොනූර් කොස්මොඩ්‍රෝම් හා වොස්ටොක්නි කොස්මොඩ්‍රෝම් අතර දුර කිලෝමීටර් 6500කි |
හෙලිවී ඇති අන්දමට සෝයුස් රොකට් වැඩසටහනේ ගයිඩන්ස් පරිගණක වැඩසටහන් සූදානම් කරන මෘදුකාංග ඉන්ජිනේරුවන් පරිගණකයේ ගයිඩන්ස් මෘදුකාංගය නිවැරදි දත්ත සමග යාවත්කාලීන නොකිරීම නිසා මේ විනාශය සිදුවී තිබෙනවා. විචාරකයින් පවසන්නේ මෙවැනි ළාමක අතපසුවීම් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රුසියානු/සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනට මහත්වූ කැළලක් බවයි.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment