THE INTERNET : මීලඟ මයික්‍රොසොෆ්ට් බ්‍රව්සරය ගූගල් ක්‍රෝමියම් තාක්ෂණයෙන් බලගැන්වෙන ලකුණු?


මයික්‍රෝසොෆ්ට් සමාගම, වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග, සිය අලුත්ම බ්‍රව්සරය වූ එජ් හඳුන්වා දුන්නා. ෆයර් ෆොක්ස් හා ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයන්ට වඩා බලගතු මෙන්ම, පැරණි මයික්‍රොසොෆ්ට් බ්‍රව්සරය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්ට වඩා බොහෝ සෙයින් වේගවත් හා නවීන උපාංගයන්ගෙන් පිරි බ්‍රව්සරයක් ලෙසයි මයික්‍රොසොෆ්ට් සිය එජ් බ්‍රව්සරය හඳුන්වා දුන්නේ.

එහෙත් තවමත් බ්‍රව්සර් ලොවේ කිරුළු පැලඳ සිටින්නේ, ගූගල් ක්‍රෝම් බ්‍රව්සරයයි. එහි වෙළඳපොල පංගුව 60%ක්ටත් වැඩි බවයි වාර්තා වන්න්නේ.


මේ අනුව, මයික්‍රොසොෆ්ට් සමාගම සිය අලුත්ම එජ් බ්‍රව්සරයේ "EdgeHTML" තාක්ෂණය අතහැර දමා ඒ වෙනුවට ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය බලගැන්වෙන ක්‍රෝමියම් තාක්ෂණයෙන් බ්‍රව්සරයක් තනමින් සිටින බව වාර්තා වෙනවා. 

ගූගල් සමාගම ලාබ නොළබන ඕපන් සෝස් ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන "ප්‍රොජෙක්ට් ක්‍රෝමියම්" හරහා නිර්මාණය කල ක්‍රෝමියම් වෙබ් බ්‍රව්සර තාක්ෂණය ඕනෑම අයෙකුට භාවිතාකල හැකියි. යම් තරමකට ජනප්‍රියවී ඇති ඔපෙරා බ්‍රව්සරය නිර්මාණය වී ඇත්තේද ක්‍රෝමියම් තාක්ෂණය පාදක කරගෙනයි.

මේ අනුව ඉදිරියේදී එලිදැක්වෙන වින්ඩෝස් 10 අප්ඩේට් ක්‍රියාවලියක් මගින්, අලුත්ම මයික්‍රොසොෆ්ට් බ්‍රව්සරය බාගතකර හැකිවෙනු ඇති. දැනට මෙය "ඇනහයිම්" ලෙස නම් කොට ඇති බවයි මයික්‍රොසොෆ්ට් ආරංචිමාර්ග පවසන්නේ 



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments