ARTIFICIAL INTELLIGENCE: AI දැන්වීම් සඳහා නළුවන්ගේ කටහඬවල් ලබාදීමේ ගිවිසුම් වලට එළඹීම ඇමරිකාවෙන් ඇරඹේ


හොලිවුඩ් නළුවන්ගේ සංගමය වන SAG-AFTRA හා නළුනිළි‍යන්ගේ දක්ෂතා නිර්මාණකරුවන් වෙත යොමුකරන  Narrativ සමාගම ගිවිසුමකට එළැඹී තිබෙනවා. ඒ වෙළඳ දැන්වීම් සඳහා AI-ජනනය කරන ලද ඔවුන්ගේ කටහඬේ අනුරූ සඳහා බලපත්‍ර ලබා දීමට නළුවන්ට ඉඅඩ සළසමින්. 

විනෝදාස්වාද ක්‍ෂේත්‍රයේ AI තාක්‍ෂණය භාවිතය තමන්ගේ රැකියාවලට හා ආදායම් මාර්ගවලට බරපතල තර්ජනයක් බව ඇමරිකන් මෙන්ම යුරෝපා නළුනිළි සංගම් පවසනවා. AI තාක්ෂණය ඇසුරින් ඉතා පහසුවෙන් නලුවෙකුගේ හෝ නිළියකගේ කටහඬ සාම්පලයක්, සම්පූර්ණ චිත්‍රපටයකම දෙබස් කෘතිමව නිර්මාණය කිරීමට පුලුවන්. මේ ගිවුසුම් ප්‍රකාරව, ඒ.අයි තාක්ෂණය භාවිතයෙන් තම කටහඬවල් සංස්කරණයට ගිවිසුම් ගත නළුනිළියන් එකඟවෙන අතර එම කටහඬවල් භාවිතාකරමින් නිර්මාණය කරන වැඩසටහන් වල කතෲභාග ගෙවීමට සමාගම එකඟව තිබෙනවා.


Comments