The Core Allegation - මූලික චෝදනාව
එක්සත් ජනපද බුද්ධි අංශ මගින් සිදු කරන ලද නිරීක්ෂණයන්ට අනුව, NVIDIA සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවැං (Jensen Huang), ඇලිස් හුවැං (Alice Huang - හුවැං ලේ ලෙසද හැඳින්වෙන) නම් චීන ව්‍යාපාරික කාන්තාව සමඟ පැවැත්වූ සමීප පෞද්ගලික සබඳතාවක් ඔස්සේ චීන බුද්ධි මෙහෙයුමක ඉලක්කයක් බවට පත්ව තිබෙන බවට බලවත් සැකයක් පලවී තිබෙනවා.
මෙම දෙදෙනාගේ වාසගම එකම වුවද, ඔවුන් අතර කිසිදු පවුල්මය හෝ ඥාති සබඳතාවක් නොමැති බව තහවුරු කර ඇත. ඇලිස් හුවැං මහත්මිය චීන වැසියෙකු වන අතර, ඇය සිංගප්පූරුව මූලස්ථානය කරගත් Megaspeed International දත්ත මධ්‍යස්ථාන හා ක්ලවුඩ් සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියක ලෙස කටයුතු කර තිබේ.
එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීන් උපුටා දක්වන වාර්තාවලට අනුව, ඇයව චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය (Ministry of State Security - MSS) මගින් බඳවාගෙන ඇත්තේ ජෙන්සන් හුවැං සහ NVIDIA සමාගම පිළිබඳ තොරතුරු රැස්කිරීමට සහ චීනයට අතිනවීන කෘතිම බුද්ධි (AI) චිප්ස් අලෙවි කිරීමට NVIDIA සමාගම ගන්නා උත්සාහයන් කෙරෙහි බලපෑම් එල්ල කිරීම සඳහා බව විශ්වාස කෙරේ.
කෙසේවෙතත්, මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් කිසිවෙකුට එරෙහිව මෙතෙක් නීතිමය චෝදනා ගොනු කර නොමැති අතර, ජෙන්සන් හුවැං මහතාට හෝ ඇලිස් හුවැං මහත්මියට එරෙහිව කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු වූ බවට ප්‍රසිද්ධ පාර්ශවයන් විසින් මෙතෙක් සාක්ෂි සහිතව නිගමනය කර නොමැත.
Timeline, How It Unfolded - සිදුවීම් මාලාවේ දිගහැරුම
2024 අගභාගයේ සිට 2025 දක්වා වූ කාලසීමාව තුළ, බයිඩන් පරිපාලනය යටතේ එක්සත් ජනපද බුද්ධි අංශ විසින් Megaspeed සමාගම සහ ඇලිස් හුවැං (Alice Huang) සම්බන්ධයෙන් හටගත් සැකකටයුතු තත්ත්වයන් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
වාර්තා වන පරිදි, මෙම සංවේදී කරුණ පිළිබඳව මෙම පුවත ප්‍රසිද්ධියට පත්වීමට වසරකට පමණ පෙර එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දැනුවත් කර තිබූ අතර, එම අවස්ථාවේදී ඔහු විසින් කිසිදු නිල පියවරක් ගන්නට උනන්දුවී නෑ.
ඉන් අනතුරුව, 2026 වසන්ත සමය වන විට, විදේශ ලේකම් මාර්කෝ රූබියෝගේ (Marco Rubio) අධීක්ෂණය යටතේ සකස් කරන ලද අතිශය රහස්‍ය රාජ්‍ය තාන්ත්‍රික සංදේශයක් (memo) ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත යොමුකරවා තිබෙනවා.
මාධ්‍ය වාර්තාවලට අනුව මෙම රහස්‍ය ලේඛනය සකස් කර ඇත්තේ ඇලිස් හුවැං ඉලක්ක කරගනිමින් සිදුකරන ලද විද්‍යුත් සන්නිවේදන නිරීක්ෂණ හා සන්දේශ මගින් ලබාගත් බුද්ධි තොරතුරු පදනම් කරගනිමිනි.
එම සංදේශය මගින් ප්‍රධාන වශයෙන් අනතුරු අඟවා සිටියේ, චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය (MSS) විසින් බඳවා ගන්නා ලද බවට එක්සත් ජනපද බුද්ධි අංශ විශ්වාස කරන ඇලිස් හුවැං සමඟ ජෙන්සන් හුවැං (Jensen Huang) මහතා සමීප සබඳතාවක් ගොඩනගාගෙන ඇති බවයි.
මෙම තීරණාත්මක රහස්‍ය සංදේශය ජනාධිපති ට්‍රම්ප් මහතාගේ මැයි මස චීන සංචාරයට පෙර රාජ්‍ය නිලධාරීන් අතර සංසරණය කරවීම විශේෂයෙන් කැපී පෙනෙන කරුණකි.
නිව් යෝක් ටයිම්ස් හෙලිදරව්ව
2026 ඔක්තෝබර් අග භාගයේදී 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත මගින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, එන්විඩියා (Nvidia) සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවැං චීන ඔත්තුසේවා කුමන්ත්රණයක ඉලක්කයක් බවට පත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඇමෙරිකානු බුද්ධි අංශවල නිගමන හා මෙගාස්පීඩ් (Megaspeed) සම්බන්ධතාවය පදනම් කරගනිමින් සකස් කරන ලද මෙම වාර්තාව මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද වසරකට පෙර මේ පිළිබඳව දැනුවත් කර තිබූ බව සඳහන් කෙරිණි. කෙසේ වෙතත්, ඇලිස් හුවැං නමැති තැනැත්තිය හුවැං සමඟ මිත්‍ර වී බීජිං පාලනය වෙත තොරතුරු රැස් කිරීමට උපකාරී වූ බවට අඥාත මූලාශ්‍ර ඇසුරින් පළ වූ චෝදනා එන්විඩියා සමාගම ආරම්භයේදීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා. මොවුන් අතර අනියම් සබඳතාවයක් තිබුණද, එය ජෙන්සන් විසින් හිතා මතා රහස් පිටකිරීමක් නොවන බව සමාගමේ ස්ථාවරයයි.
පසුව 2026 නොවැම්බර් 7 වන දින 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' පුවත්පත අදාළ රහස්‍ය ලේඛනය පිළිබඳ තොරතුරු දන්නා පුද්ගලයන් උපුටා දක්වමින් අමතර තොරතුරු රැසක් අනාවරණය කළේය. එහි දැක්වුණේ ජෙන්සන් හුවැං සහ ඇලිස් හුවැං අතර ප්‍රේම සබඳතාවක් පැවැති බවට වන චෝදනාව ඇතුළත් රහස්‍ය සටහනක් ඇමෙරිකානු නිලධාරීන් විසින් සකස් කර තිබූ බවයි. මෙම ප්රකාශනයත් සමඟම අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් දැඩි අවධානයක් යොමු වූ අතර වාණිජ ක්ෂේත්රයේ ආරක්ෂාව පිළිබඳ ගැටලු රැසක්ද මතු විය.
මේ පිළිබඳව පියවර ගනිමින් 2026 නොවැම්බර් 8 වන ඉරිදා දින එන්විඩියා සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙයට සමගාමීව ජෙන්සන් හුවැං මහතා තම සේවක මණ්ඩලය වෙත විද්‍යුත් තැපෑලක් යොමු කරමින් තමා අතින් සිදු වූ තමා අනියම් සබඳතාවය පිලිගෙන තිබුණා. නමුත් චීනය වෙනුවෙන් ඔත්තු බැලීම, රහස් තොරතුරු හෙළිදරව් කිරීම හෝ බුද්ධි අංශ වෙත දැනුවත්ව සහයෝගය දැක්වීම යන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.
The Megaspeed / Chip-Smuggling Subplot
Megaspeed සමාගම සහ චිප් ජාවාරම් චෝදනා පිළිබඳව අපගේ අවධානය යොමු කිරීමේදී, මෙය හුදෙක් පුද්ගලික පුවතකට එහා ගිය බරපතල ගෝලීය හා තාක්ෂණික බලපෑමක් සහිත ගැටලුවක් බව මුලින්ම සඳහන් කළ යුතුයි. Megaspeed සමාගම යනු Nvidia සමාගමේ ප්‍රධානතම සෘජු පාරිභෝගිකයෙකු වන අතර, ඔවුන් ඩොලර් බිලියන ගණනක් වටිනා Nvidia චිප්ස් මිලදී ගනිමින් Alibaba වැනි ප්රමුඛ පෙළේ සමාගම් වෙත පරිගණක සැකසුම් ධාරිතාව (computing capacity) කුලියට ලබාදීමේ ව්‍යාපාරයක නිරත වෙනවා.
කෙසේ වෙතත්, 2024 වසරේ සිට ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව (US Department of Commerce) විසින් Megaspeed සමාගමට එරෙහිව බරපතල චෝදනාවක් එල්ල කරනු ලැබුවා. එනම්, ඇමෙරිකානු අපනයන පාලන නීති උල්ලංඝනය කරමින්, චීනයට යැවීම තහනම් කර ඇති ඩොලර් බිලියන 2 ක් වටිනා අතිශය දියුණු සිලිකන් චිප්ස් (advanced silicon chips) නීති විරෝධී ලෙස චීනයට ජාවාරම් කිරීමයි. මෙකී සිද්ධිය පදනම් කරගනිමින්, සිංගප්පූරු බලධාරීන් ද Megaspeed සමාගම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ඊට සම්බන්ධ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීම් ද සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත්, අප තේරුම් ගත යුත්තේ මෙම සියලු චෝදනා Megaspeed සමාගම විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි. ඔවුන් පවසන්නේ කිසිදු නීති විරෝධී චිප් හුවමාරුවක් සිදු වී නොමැති බවයි. එමෙන්ම, Nvidia සමාගම ද තමන් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂාවන්හිදී මෙලෙස කිසිදු නීති විරෝධී ලෙස චිප්ස් වෙනත් පාර්ශ්ව වෙත යොමු කිරීමක් සිදුවී නොමැති බව තහවුරු වී ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ, තාක්ෂණික ක්ෂේත්රයේ භූ-දේශපාලනික බලපෑම සහ අපනයන පාලන නීතිවල සංකීර්ණතාව පිළිබඳව ඉදිරියේදී තවදුරටත් පුළුල් ලෙස අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා.


Comments
Post a Comment