අඟහරු ලෝකයට ගිය ඉන්දියාවේ අරපිරිමැස්ම



මාසයකට පමණ ඉහතදී ඉන්දියාව අඟහරු ලෝකයට ‘‘මංගල්යාන්’ නැමැති අභ්‍යාවකාශ යානාවක් සාර්ථකව ගොඩබැස්සුවේය. එය වසර ගණනක් තිස්සේ එරට විද්‍යාඥයන් දැරූ යෝධ පරිශ‍්‍රමයක සාර්ථක ප‍්‍රතිඵලයකි. අප ජීවත් වන පෘථුවියේ සිට අඟහරු ලෝකය දක්වා ගිය එම ගමනට ඉන්දියාව වැය කළ මුදල, කිලෝ මීටරයකට ඉන්දියානු රුපියල් 14 ක් යැයි ගණන් බලා තිබේ. සාපේක්ෂ වශයෙන් සළකන විට එය, එරටේ මහ පාරක ත‍්‍රී වීලරයකියන් කිලෝ මීටරයක් යෑමට වැය වන මුදලට වැඩි වෙනසක් නැති වියදමකි.


පෘථුවිය සහ අඟහරු ලෝකය අතර පවතින දුර ස්ථායී නැත. පෘථුවිය මෙන්ම අඟහරු ග‍්‍රහයා ද සූර්යා වටේ කැරකෙන්නේ සරළ වෘත්තාකාරව නොවන නිසා, මේ වස්තූන් දෙක අතර එක මොහොතක පවතින දුර, තව මොහොතක පවතින දුරින් වෙනස් විය හැකිය. එබැවින් අභ්‍යාවකාශ ගමන ඉන්දියාව සැලසුම් කෙළේ, පෘථුවිය සහ අඟහරු ලෝකය අතර අවම දුරක් පවතින අවස්ථාවකයි. මේ ග‍්‍රහ ලෝක දෙක ආසන්නම දුරකින් පිහිටන අවස්ථාවකදී පවා ඒ ලෝක දෙක අතර දුර කිලෝ මීටර් මිලියන 50 කටත් වැඩියි.

පෘථුවියේ මහ පාරක් හැදීමට වැය වන මුදල සහ අභ්‍යාවකාශ ගමන් පථයක යාමට වැය වන මුදල අතර සෘජු සංසන්දනයක් කිරීම තාර්කික නැති බව ඇත්ත. එසේම ගුවනේ ගමන් කිරීම සහ පොළොවේ ගමන් කිරීම සඳහා දැරිය යුතු වියදම අතරත් වෙනසක් තිබේ. උදාහරණයක් වශයෙන්, කොළඹ සිට පැරිසිය අතර ගුවනින් යාමට/ඒමට වැය වන මුදල කිලෝ මීටරයකට රුපියල් 4.41 කි. එහෙත් බස් රියකින් ලංකාවේ  ඕනෑම තැනක කිලෝ මීටරයක් යාමට රුපියල් 9 ක් වැය වෙයි. ඒ අනුව ලංකාවේ බස් එකක ගියාට වඩා අඩු මුදලකින් ඉන්දියානු රොකට් එකකින් අඟහරු ලොවට යා හැකිය.

Comments

  1. QUOTE
    **අප ජීවත් වන පෘථුවියේ සිට අඟහරු ලෝකය දක්වා ගිය එම ගමනට ඉන්දියාව වැය කළ මුදල, කිලෝ මීටරයකට ඉන්දියානු රුපියල් 14 ක් යැයි ගණන් බලා තිබේ.**
    **බස් රියකින් ලංකාවේ ඕනෑම තැනක කිලෝ මීටරයක් යාමට රුපියල් 9 ක් වැය වෙයි**
    UNQUOTE

    Your Conclusion
    **ඒ අනුව ලංකාවේ බස් එකක ගියාට වඩා අඩු මුදලකින් ඉන්දියානු රොකට් එකකින් අඟහරු ලොවට යා හැකිය.**

    INCORRECT... :)

    ReplyDelete

Post a Comment