- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
Predator: Badlands
1986දී පාසැල් ශිෂ්‍යයෙකු ලෙස පලමු ප්‍රිඩේටර් චිත්‍රපටය කොළඹ රීගල් සිනමා හලේ නැරඹූ ප්‍රිඩේටර් සිනමා ලෝලියෙකු ලෙස අලුත්ම PREDATOR: BADLANDS චිත්‍රපටය තිරගත වන තෙක් ආශාවෙන් බලා සිටියා
බෑඩ්-ලෑන්ඩ්ස් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පට යූටියුබ් හරහා අතිශයින්ම ප්‍රචලිත වීම නිසා, යලිත් ලංකාවේ සිනමා ලෝලීන් හා විද්‍යා ප්‍රබන්ධ ලෝලීන් අතර යලිත් ප්‍රිඩේටර් සිනමා විශ්වය ගැන අලුත් අවධානයක් ඇතිවෙලා.
ප්‍රෙඩේටර් සිනමා විශ්වයේ (Predator Cinematic Universe ) කාලරේඛාව ඉතා සංකීර්ණයි, ඒ කුමක් නිසාද යත්, එය ආරම්භ වූයේ කවදාද යන්න පිළිබඳ කිසිදු ඉඟියක් නොමැතිව විවිධ කාල වකවානු වලට අයත් චිත්‍රපට රාශියක් නිකුත්වී ඇති බැවින් පමණක් නොව, ඊටම බැඳුනු ඒලියන් (Alien Cinematic Universe) සිනමා විශ්වයක් හා චිත්‍රපට ගණනාවක්ම ඇති නිසාය.
මුලින්ම Predator හා Alien සිනමා විශ්වයන් දෙක අතර ඇති සම්බන්ධතාවය හඳුනා ගනිමු
සිනමා විශ්වයන් දෙකේම මූලාශ්‍ර සොයා බලනව විට, ප්‍රිඩේටර් වරුන් (Yautja) යෞට්ජා ලෙස හැඳින් වෙන අතර ඔවුන් අතිශයින් ඥානවන්ත, තාක්‍ෂණිකව දියුණු මානවරූපී පිටසක්වල ජීවී විශේෂයක් බව සොයාගන්න පුලුවන්.
ඔවුන්ගේ සංස්කෘතිය මුළුමනින්ම කේන්ද්‍ර වී ඇත්තේ වැඩිවිය පැමිණීමේදී සිය පෞරුෂත්වය හා නායකත්වයට ඇති සුදුසුකම පෙන්වාදීමට භයානක ගොදුරු චාරිත්‍රානුකූලව දඩයම් කිරීම මතබව පැවසෙනවා. ඔවුන් පරිණාමය වූයේ කටුක ග්‍රහලෝකයක වන අතර, එමඟින් ඔවුන් ඉතා දරුණු විලෝපිකයන් බවට පරිණාමයවී තිබෙනවා.
යෞට්ජා පිටසක්වලයින් විශ්වය පුරා සැරිසරමින් දරුණු විලෝපිකයින් සොයමින්, ඔවුන් දඩයම් කරමින් සිටින අතර ඔවුන්ගේ ප්‍රියතම දඩයම වන්නේ, මරා දැමීමට ඉතාමත් අපහසු, බිහිසුණු ජීවී විශේෂයක් වන සෙනොමෝෆ් (Xenomorph) නම් පිටසක්වල සත්ව විශේෂයයි.
සෙනොමෝෆ් ජීවීන් (Xenomorphs), 'ඉංජිනේරුවන්' (Engineers) ලෙස හැඳින්වෙන, අතිශයින්ම දියුණු තාක්ෂණයකට හිමිකම් කියූ පුරාණ මානවරූපී පිටසක්වල ජීවී විශේෂයක් විසින් ජෛව අවියක් ලෙස නිර්මාණය කරන ලද අතර ඔවුන් අකමැති, ඔවුන් දඬුවම් දියයුතු යයි සිතන ග්‍රහලෝක වලට මෙම සෙනමෝෆ් සත්වයින් මුදා හැර, එම ග්‍රහලෝක සම්පූර්ණයෙන්ම විනාශකර දැමීමට ඉන්ජිනේරුවන් ක්‍රියාකර තිබෙන බව සිනමා විශ්වයේ පුරාවෘත්ත වල සඳහන් වෙනවා.
පෘථිවිය මත ජීවය බිහිකරන ලද්දේද, එමෙන්ම එම ජීවය මානවයන් ලෙසට පරිනාමය වන ආකාරයට මැදිහත්වීම් කරන ලද්දේද මේ ඉන්ජිනියර්ස් නම් දියුණු පිටසක්වලයින් බවට විශ්වාස කෙරෙනවා. කලින් කලට ඔවුන් පෘථිවියට පැමිණි බවට සාක්ෂි ඉපැරණි ගුහා රූපවල තිබෙන පිටසක්වලයින්ගේ බවට සැකකෙරෙන චිත්‍රවලින් හෙලිවෙන බවද පැවසෙනවා.
Engineers හා අතර Yautja සම්බන්ධය පැහැදිලි නැති අතර ඉන්ජිනේරුවන් නම් පෞරාණික මානවරූපී ගෝත්‍රය මීට වසර ලක්ෂ ගණනකට පෙර ඔවුන්ගේ ග්‍රහලෝකය විනාශවීමෙන් පසු (එම විනාශය පාලනයෙන් ගිලිහුණු සෙනමෝර්ෆ් සත්වයන් සිදුකරන ලද බවට Alien: Prometheus චිත්‍රපටයේ පෙන්වනවා) අතුරුදහන් වූ බවයි විශ්වාස කරෙන්නේ. යෞට්ජා ඊට වඩා මෑතකාලීනව තාක්ෂණය බිහිකරගත් ජීවී විශේෂයක් බව විශ්වාසකල හැකියි.
යෞට්ජාවරුන් කුමන කාලයකදී සෙනොමෝෆ් ජීවීන්ව සොයාගත්තාද යන්න පැහැදිලි නැතත්, දරුණු විලෝපිකයින් මෙන්ම බුද්ධිමත්, වේගයෙන් බෝවෙන ජීවී විශේෂයක් නිසා දඩයම් සඳහා තෝරාගත් ග්‍රහලෝකවල සෙනොමෝෆ් ජීවීන් බෝකර, ඔවුන් දඩයම් කිරීම යෞට්ජාවරුන් සම්ප්‍රදායක් ලෙස සිදුකරනවා. රණකාමියෙකු ලෙස වරම් ලබාගැනීමට නම් සෙනමෝෆ් බහුල ග්‍රහලෝකයකට ගොස්, ඔවුන් මරාදමා ඔවුන්ගේ හිස්කබල් රැගෙන ආපසු පැමිණීම යෞට්ජා යව්වනයින්ට අනිවාර්ය වුනා.
Yautja හා පෘථිවියේ පිරමීඩ අතර සම්බන්ධය
ඒලියන් හා ප්‍රිඩේටර් විශ්වයේ යම් යම් ස්ථානවල, යෞට්ජා විසින් පැරණි ඊජිප්තු ෆේරෝ රජවරුන්ට පිරමීඩ නිර්මාණය කිරීමට ඔවුන්ගේ තාක්ෂණය ලබාදුන් බවත්, එම පිරමීඩවලින් සමහරක් තුල සෙනමෝෆ් ජීවීන් බෝකල හැකි වංකගිරි (maze) වැනි ස්ථාන තිබෙන බවත්. සෙනමෝෆ් වරුන් බෝකීරීම සඳහා ධාරක ජීවීන් ලෙස මිනිසුන් ලබාදීමට ෆේරෝ රජවරුන් ක්‍රියාකල බවත්.
එම මිනිසුන් දෙවියන්ට බිලිපූජා සඳහා ලබාදෙන බවට පැරණි ඊජිප්තු වැසියන් විශ්වාස කලත් සැබවින්ම යෞට්ජා හා ෆේරෝ රජවරුන් අතර ඇති අවබෝධය මත පිරමීඩ තුල සෙනමෝෆ් ජීවීන් බෝකර ගැනීමට එම මිනිසුන් භාවිතා කල බව පැවසෙනවා.
කලින් කලට පෘථිවියට පැමිණෙන යෞට්ජා දඩයක්කරුවන් පිරමීඩතුලට පිවිස සෙන්මෝෆ් දඩයමේ යෙදෙනවා.
Predator Cinematic Universe Timeline - ප්‍රිඩේටර් සිනමා විශ්වයේ සම්පූර්ණ කථාරේඛාව
"The Predator" සිනමා විශ්වයට චිත්‍රපට (movies), සජීවිකරණ විශේෂාංග (animated specials), සහ එහි විශ්ව කාලරේඛාව තුළ සියවස් ගණනාවක් පුරා විහිදෙන චිත්‍රකතා (comics) හා ප්‍රබන්ධකථා (fiction) රාශියක් තිබෙනවා.
මේ කාළරේඛාව සකස්කර ඇත්තේ චිත්‍රපට, සජීවීකරණ විශේෂාංග, චිත්‍රකථා හෝ ප්‍රබන්ධ පලවූ අවුරුද්ද අනුව නොව, පෘථිවි ඉතිහාසය නැතිනම් මානව ඉතිහාසයේ ඒ ඒ සිදුවීම් සිදුවූ කාළවකවානුව අනුවයි.
මේ අනුව 2025දී එලිදැක්වූ සජීවීකරණ චිත්‍රපටයක් මුලින්ම තිබෙන්නේ එහි පලමු සිදුවීම ක්‍රි.ව 841 (841 AD) පමණ එනම් වයිකිං යුගයේ සිදුවූ බව දැක්වෙන නිසා.
(1) Alien vs. Predator - A live-action science fiction action horror film directed by Paul W.S. Anderson. (screened in 2004) - 2004 වසරේ තිරගත වූ 'ඒලියන් vs. ප්‍රිඩේටර්' (Alien vs. Predator) යනු පෝල් ඩබ්ලිව්. එස්. ඇන්ඩර්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සජීවී ක්‍රියාදාම විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක්.
Timeline; 3000BC - ක්‍රිස්තුපූර්ව 3000 හා ඊට පෙර/පසු ඈත වකවානුවල 'ඒලියන්' චිත්‍රපට මාලාවේ සෙනොමෝෆ්වරුන් (Xenomorphs) සහ 'ප්‍රිඩේටර්' චිත්‍රපට මාලාවේ යෞට්ජාවරුන් (Yautja) අතර සම්බන්ධතාවය පෙන්වනවා. යෞට්ජාවරුන් මිනිස් ශිෂ්ටාචාරයට බලපෑම් කළ ආකාරය සහ පෘථිවියේ පිරමිඩ තුළ බෝ කරන ලද සෙනොමෝෆ්වරුන් දඩයම් කළ ආකාරය හෙලිකරයි.
යෞට්ජාවරුන් පුරාණ කාලයේ (ක්‍රිස්තුපූර්ව 3000) පෘථිවියට පැමිණි අතර, ඇස්ටෙක්, කාම්බෝජ සහ ඊජිප්තු වැනි මුල්කාලීන මානව ශිෂ්ටාචාරවලට පිරමිඩ වැනි දියුණු ව්‍යුහයන් තැනීමට ඉගැන්වීය. ඊජිප්තු, ඇස්ටෙක් හා කෙමර් (කාම්බෝජ ) පිරමීඩ සෙනොමෝෆ්වරුන් (Xenomorphs) කොටු කිරීමට සහ බෝ කිරීමට තැනූ බලකොටු ලෙස හඳුන්වාදෙයි.
යෞට්ජාවරුන්ට දඩයම් කිරීම සඳහා සෙනොමෝෆ්වරුන් බෝ කිරීමට මිනිසුන් ධාරකයන් (hosts) ලෙස භාවිතා කරන බවත්, එම මිනිසුන් දෙවියන්ට බිලිපූජා සඳහා කැපකරන බව එකල මිනිසුන් විශ්වාස කල බවත් පැවසෙනවා. සෑම වසර 100 කට වරක්ම යෞට්ජාවරුන් පෘථිවියට පැමිණ පිරමිඩයේ සිටින සෙනොමෝෆ්වරුන් දඩයම් කිරීම සිදු කරනවා.
(2) Predator: Killer of Killers - Animated anthology science fiction film directed by Dan Trachtenberg (screened in 2025) - ප්‍රිඩේටර් බෑඩ්ලෑන්ඩ්ස් චිත්‍රපට අධ්‍යක්ෂණය කල ඩෑන් ට්‍රැචෙන්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලදසජීවිකරණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය (2025 දී තිරගත කරන ලදී)
යෞට්ජා ප්‍රිඩේටර් ජිවියෙකු පෘථිවියේ සටනකට මැදිහත්වල පලමු කාළවකවානු මෙම චිත්‍රපටයේ දක්වා ඇත.
Timeline; 841 AD – Viking Era, Scandinavia - උර්සා නම් වයිකිං නායිකාවක්, තම කුඩා පුත් ඇන්ඩර්ස් සමග තම පියාගේ ඝාතනයට පළිගැනීම සඳහා ක්‍රිවිච් ගෝත්‍රයට සහ ඔවුන්ගේ නායක සෝරන්ට එරෙහි සටනකට සැරසෙයි.සටන අතරතුර යෞට්ජා ප්‍රිඩටර් ජීවියෙකු සටනට මැදිහත්ව වී රණශූරයන් දඩයම් කරයි. අවසානයේදී උර්සා එම දඩයක්කාරයා පරාජය කර, තමා උත්තරීතර 'ඝාතකයන්ගේ ඝාතකයා' බව ඔප්පු කරයි
Timeline; 609 AD Feudal Japan - වැඩවසම් යුගයේ ජපානයේ, කෙන්ජි නම් නිංජා රණශූරයෙක් නායකත්වය සඳහා තම සමුරායි සොහොයුරාට එරෙහිව දරුණු යුද්ධයක පැටලෙයි. සටන්කරුවන් දඩයම් කිරීමට යෞට්ජා ප්‍රිඩේටර් ජීවියෙකු මැදිහත්වෙයි. නින්ජා රණශූරයින් ප්‍රිඩේටර්ගේ අධිතාක්ෂණික අවි පරදවා ඔහුව මරාදමා ඝාතයාගේ ඝාතකයින් බවට පත්වෙයි.
(3) Prey (2022) is a live-action science fiction action film directed by Dan Trachtenberg, serving as a live action prequel to the Predator cinematic universe - 2022දී තිරගතවුනු "ප්‍රේ" චිත්‍රපටය ඩෑන් ට්‍රැක්ටන්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද සජීවී ක්‍රියාදාම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි.
Timeline; 1719AD, Great Northern Plains, USA - 1719 හෝ ආසන්නයේ එක්සත් ජනපදයේ උතුරුදිග මහා තැනිතලා ප්‍රදේශ වාසභූමි කරගත් කොමාන්චි නම් රතු ඉන්දියානු ගෝත්‍රයේ තරුණියක් වටා මේ ප්‍රබන්ධය ගෙතී තිබෙනවා. ඇය, තමන් පිරිමින් මෙන්ම දක්ෂ දඩයක්කාරියක් බව තමන්ගේ ගෝත්‍රයේ නායකයින්ට ඔප්පු කිරීමට දැඩි අවශ්‍යතාවයකින් පෙලෙන නිර්භීත යුවතියක්.
බිහිසුණු වළසුන්, මවුන්ටන් ලයන් නම් දිවියන් විශේෂය දඩයම් කරමින් ඈත ඝණ කැලෑවල සැරිසනට ඇයට අහසින් පැමිණි අදෘශ්‍යමාන, සිතාගත නොහැකි ඉන්ද්‍රජාලික තාක්ෂණයක් හිමි දඩයක්කාරයෙක් පිලිබඳව හෝඩුවා දැනී එම ජීවියාව සොයාගැනීමට ලුහුබඳිනවා. නාරු ලෙස හැඳින්වෙන එම තරුණියට ඇගේ සොහොයුරු තාබේ සහ ඇගේ විශ්වාසවන්ත සුනඛයා වන සාරි උදව් කරයි
පිටසක්වලයා සමග සටනේදී තාබේ මිය යන අතර, නාරු එම සත්වයා පරාජය කර කොමාන්චි ගෝත්‍රයේ නායකයා බවට පත්වෙනවා.
(4) Alien vs. Predator (2004) Live action film which connected Predator universe and Xenomorph universe
Timeline; 1904AD, Hunt at Razorback Point Whaling Station, Bouvetøya Island, South Atlantic Ocean - 1914 - දකුණු අත්ලාන්තික් සාගරයේ ඇන්ටාක්ටිකාවට ආසන්න රේසර්බැක් පොයින්ට් තල්මසුන් දඩයම් කිරීමේ ස්ථානය. මෙම ස්ථානයේ අයිස් තට්ටුවලට යටින් පුරාණ යෞට්ජා පිරමීඩයක් තිබෙන අතර තල්මසුන් දඩයම් කරන්නන් මේ පිලිබඳව නොදනී.
මෙම ස්ථානයට පිවිසි නොර්වීජියානු තල්මසුන් දඩයම් කණ්ඩායමක් සිය දඩයම් අවසන් කර, ආපසු යන්නට සූදානම් වන අඅවස්ථාවේ ඔවුන්ගේ අවාසනාවට, තරුණ යෞට්ජාවරුන් සිය සාම්ප්‍රදායික දඩයම සඳහා සිය යානාවලින් පැමිණෙමින් සිටින අතර, ඔවුන්ගේ ආසන්නවීමත් සමග පිරමීඩය සක්‍රියවීම ඇරඹෙයි.
ඒලියන් vs ප්‍රිඩේටර් චිත්‍රපටය මෙම සිදුවීම් මාලාවෙන් ආරම්භවන අතර ඉතිරිය 2004 වසරේදී සිදුවන සිදුවීම් දාමයකි.
(5) Predator: Killer of Killers - Animated anthology science fiction film directed by Dan Trachtenberg (screened in 2025) - Segment three
Timeline; 1944/1945 - World War II, Pacific Theater; ජෝන් ටොරස් දෙවන ලෝක යුද්ධ සමයේ 1944/1945 වර්ෂවලදී 49 වන ප්‍රහාරක කණ්ඩායම සමඟ පියාසර කළ ටෙක්සාස්හි එක්සත් ජනපද හමුදා ගුවන් හමුදා ප්‍රහාරක ගුවන් නියමුවෙකි.
ජෝන් ටොරස් පැසිෆික් සාගරය හරහා B-24 බෝම්බ හෙලන ගුවන් යානා සඳහා ආරක්ෂක මෙහෙයුමක යෙදී සිටි අතර ඔහුගේ යානා බලඝණයට සිතාගත නොහැකි වේගයකින් ගමන් කරන අභිරහස් යානාවක රේඩාර් සංඥා ලැබෙයි. ඒ සමගම ප්‍රහාරයක් පිලිබඳව හෝ ආපදාවක් පිලිබඳව ගුවන් විදුලි ඇමතුම් නොමැතිව බලඝණයේ ගුවන් යානා අතුරුදහන් වීමට පටන් ගනී.
පලපුරුදු හා දක්ෂ නියමුවෙකු වන ටොරස්ට ක්ෂණයකින් පෙනී නොපෙනී යන, දිදුලන පියාසර වස්තුවක් දකින්නට ලැබේ. එම පියාසර වස්තුව අදෘශ්‍යමාන ආවරණයක් සක්‍රීය කර ඇති යෞට්ජා යානයකි (Yautja ship with active cloaking). ටොරස්ගේ යානය කුඩා දූපතකට කඩාවැටී ඔවු දැඩිසේ තුවාල ලබන නමුත් කෙසේ හෝ යෞට්ජා දඩයක්කරුවා මරාදැමීමට සමත්වේ
(6) Predator (first movie) - Screened in 1987
Timeline; 1987 Central American Jungles - 1987 දී, CIA නිලධාරි ඇල් ඩිලන්, මේජර් ඇලන් ෂේෆර් (ආනල්ඩ් ෂවසනෙගර්) සහ ඔහුගේ විශේෂ බලකා කණ්ඩායම මධ්‍යම ඇමරිකාවේ ඝන කැලෑවල රහසිගත මෙහෙයුමක් සඳහා බඳවා ගනී.
මෙහෙයුම අතරතුර ෂේෆර්ගේ කණ්ඩායම නොපෙනෙන පිටසක්වළ දඩයම්කරුවෙකුගේ ඉලක්කයක් බවට පත්වේ. එම දඩයම්කරු සැඟවුණු ආවරණයක්, අධෝරක්ත දර්ශක උපක්‍රමයක් (infra-red vision) සහ ප්ලාස්මා ආයුධයකින් සමන්විත උස, තාක්‍ෂණිකව දියුණු යෞත්ජා (Yautja) දඩයක්කරුවෙකු අතර දඩයමට සුදුසු ජීවීන් සොයමින් ඝණ කැලෑවේ සැරිසරමින් කැලෑවල වෙසෙන ඉන්කා ගෝත්‍රිකයින් මරාදමමින් සිටින්නෙකි.
සන්නද්ධ කණ්ඩායම සුදුසු ඉලක්කයක් ලෙස සළකන යෞට්ජා චාරිත්‍රානුකූල දඩයමක් ලෙස ඇලන් ෂේෆර්ගේ සෙබළුන් ක්‍රමානුකූලව ලුහුබඳිමින් මරා දමයි.
(7) Predator: Bad Blood - limited edition comic book series (Dark Horse Comics issues #12–14 1993 and 1994)
Timeline; 1993/1994 Pine Barrens, New Jersey, USA - නිව් ජර්සි නුවර ඝාතකාගාරයක් බවට පත් කරමින් බිහිසුණු මිනීමැරුම් සහ ම්ලේච්ඡලෙස අත්පය කපාදැමූ සිරුරු හමුවෙන්නට පටන් ගැනීමත් සමගම නගර ජනයා භීතියෙන් ඇලලෙයි.
විශ්‍රාමික සීඅයිඒ (CIA) මෙහෙයුම්කරුවෙකු වන ජෝන් පුල්නික් පේන්ට්බෝල් (paintball) ක්‍රීඩාංගණයක් පවත්වාගෙන යන අතර මෙම ඝාතනවලට ඔහු සම්බන්ධයයි කටකතා නගරයේ පැතිර යන අතර ඔහු ආරක්ෂක අංශවලට නිරීක්ෂණය හසුවෙයි.
කෙසේ වෙතත්, සැබෑ අපරාධකරු යනු යෞට්ජා (Yautja) ගෝත්‍රිකයන් "බෑඩ් බ්ලඩ්" (Bad Blood) ලෙස හඳුන්වන උන්මත්තක යෞට්ජා දඩයක්කරුවෙකු බව ජෝන් සොයා ගනී. බැඩ් බ්ලඩ් දඩයක්කරුවන් ක්‍රීඩාවක් ලෙස නොව විනෝදය සඳහා අත්තනෝමතිකව මරා දමන නිසා යෞට්ජා සමාජයෙන් ඉවත් කරන ලද උන්මත්තයින් වේ.
මෙවැන්නෙකු පෘථිවියේ සිටින බව යෞට්ජා නායකයින් සොයා ගන්නා අතර, එම බැඩ් බ්ලඩ් ඝාතකයාව විනාශකිරීම සඳහා විශේෂිත දඩයක්කරුවෙකු පිටත් කර යවයි.
(8) Predator 2 - Live action thriller screened in 1997
Timeline; 1997 Los Angeles, USA - 1997 වර්ෂයේ ලොස් ඇන්ජලීස් (Los Angeles) නගරය කොලොම්බියානු සහ ජැමෙයිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති වූ බිහිසුණු කල්ලි යුද්ධයකින් වෙළී තිබුණ අතර නගරය පුරා වෙඩිතබා ගැනීම් නිතරම සිදුවුනා.
මේ අතර මත්ද්‍රව්‍ය නාෂක විශේෂ පොලිස් ඒකකයේ ලුතිනන් මයික් හැරිගන් (Mike Harrigan) පැහැදිලි කළ නොහැකි දරුණු මිනීමැරුම් මාලාවක් විමර්ශනය කරයි. නාඳුනන ඝාතකයන් විසින් සන්නද්ධ කල්ලි සාමාජිකයන් විසින් ආරක්ෂා කරන ලද සන්නද්ධ තිප්පොලවල් වලට පහර දී සියලු දෙනාම ඝාතනය කිරීමට සමත් වී තිබුණි.
වින්දිතයන් උඩුබැලි අතට වහලෙන් එල්ලා සම ගලවා තිබුණේ සිතාගත නොහැකි පරිදියි. සන්නද්ධ කල්ලි සමාජිකයින් පිරුණු ආරක්ෂිත ස්ථානවලට මෙලෙස ඇතුළුවී සියළුදෙනාම ඝාතනය කල හැක්කේ කාටද යන උභතෝකෝටිකයෙන් ඔහු වික්ෂිප්තව සිටී.
පරීක්ෂණ අතරතුර පීටර් කීස් නම් ෆෙඩරල් නිළධාරියෙකු හඳුනා ගන්නා හැරිගන්, මොහු රහසිගත ෆෙඩරල් කාර්ය සාධක බලකායක ප්‍රධානියා බවත්, ඔහුගේ අරමුණ පිටසක්වල ජීවියෙකු අල්ලා ගැනීම බවත් දැනගනී.
තාක්‍ෂණිකව දියුණු වූ මෙම පිටසක්වල ජීවියා ප්‍රෙඩේටර් ලෙස හඳුන්වන බවත් මේ ඝාතන රැල්ල සඳහා ප්‍රෙඩේටර් වගකිව යුතු බවත් පීටර් කීස් පවසනවා. මෙවැනි පිටසක්වල ඝාතන බොහොමයක් සිදුවී ඇති බවත් වසර ගණනාවක් තිස්සේ රජය මෙවැනිම සිදුවීම් වසන් කර ඇති බවත් හැරිගන් දැනගනී.
(9) Alien vs. Predator (2004)
Timeline; 2004AD, Bouvetøya Island, South Atlantic Ocean - 2004 වසරේදී ඇන්ටාක්ටිකාව ආසන්නයේ දකුණු අත්ලාන්තික් සාගරයේ කුඩා දූපතක අයිස් තට්ටු යට පිරමීඩයක් සක්‍රියවන බවට චන්ද්‍රිකා මාර්ගයෙන් සොයාගත් වේලන්ඩ් කෝපරේෂන් හි නිර්මාතෘ, බිලියනපති චාල්ස් බිෂොප් වේලන්ඩ්, පිරමීඩයට ඇතුළු වීමට විද්‍යාඥයින්, පුරාවිද්‍යාඥයින් සහ කුලී හේවායන් කණ්ඩායමක් එක්රැස් කරයි.
වෙයිලන්ඩ්ගේ කණ්ඩායම පිරමීඩයට ඇතුළු වන මොහොතේම යෞට්ජා ප්‍රෙඩේටර් දඩයක්කරුවන් තිදෙනෙක් එම ස්ථානයට පැමිණෙයි. තමන්ට පිරමීඩයට ඇතුළු වීමට දොරවල් විවරකර දුන්නේ දඩයමට සෙනොමෝෆ් බිහිකර ගැනීමට ධාරකයන් බවට පත් කිරීම සඳහා බව කණ්ඩායම පසුව වටහා ගනී.
වේලන්ඩ් කෝපරේෂන් සමාගම ප්‍රෙඩේටර් චිත්‍රපට සමඟ සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙම චිත්‍රපටයෙන් පිලිඹිඹු කරයි. අනාගතයේදී වේලන්ඩ් සමාගම ජපානයේ යුටානි සමාගම සමග ඒකාබද්ධවී යුටානි-වේලන්ඩ් සමාගම ලෙස විවිධ සිනමා හා චිත්‍රකතාවල දැක්වෙයි.
(10) Aliens vs. Predator: Requiem, screened in 2007
Timeline, 2004AD, small rural town of Gunnison, Colorado, United States - ඇන්ටාක්ටිකාවේ සිදුවීමෙන් දින කිහිපයකට පසු මෙම චිත්‍රපටයේ කතාව ආරම්භ වෙනවා. ඇන්ටාක්ටික් පිරමීඩයේ සටනින් දිවි ගලවා ගත් යෞට්ජා තම යානයට ගොඩ වී කක්ෂයට පියාසර කරයි. දැඩි ලෙස තුවාල ලබා මරණාසන්නව සිටින ඔහු සෙනමෝෆ් ජීවියෙකු තමාතුලට ඇතුලුවී ආසාදනය කල බව නොදනී.
ආසාදිත යෞට්ජාගේ පපුවෙන් මතුවන දෙමුහුම් සත්වයා පැය කිහිපයක් ඇතුළත වැඩිහිටි අවස්ථාවට වර්ධනයවී යානයේ සිටින සියලුම යෞට්ජා මරා දමන අතර, යානය දැන් පාලනයෙන් ගිලිහී ඇත.
පාලනයෙන් තොර වූ යානාව කොලරාඩෝ ප්‍රාන්තයේ ගනිසන් නගරය ආසන්නයේදී පෘථිවියට කඩා වැටේ. යෞට්ජා-සෙනොමෝෆ් දෙමුහුන් ජීවියා නගරයේ බොහෝ දෙනා මරා දමා සෙනොමෝෆ් බෝ කිරීම ආරම්භ කරයි.
යෞට්ජා මෙම දෙමුහුන් සත්වයා ගැන දැනගත් පසු, පෘථිවියේ සෙනොමෝෆ් ආසාදනය පාලනය කිරීම සඳහා ඉතා දක්ෂ දඩයක්කරුවෙකු පිටත් කර එවයි. දෙමුහුන් සත්වයා, සෙනමෝෆ් ජීවීන් සමග එක්ව යෞට්ජා දඩයක්කරුවාට පහර දෙන අතර නගරයේ බිහිසුනු පිටසක්වල සටනක් ඇරඹෙයි.
චිත්‍රපටයේ අවසාන දර්ශනයේදී, එක්සත් ජනපද හමුදාවේ කර්නල් ස්ටීවන්ස්, සටනේදී අත්පත් කරගත් යෞට්ජා ප්ලාස්මා අවියක් යූටානි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී කැලන් යූටානි වෙත ලබාදෙන අයුරු පෙන්වයි. මෙය එක්සත් ජනපද හමුදා අංශ හා ධනවත් සමාගම් අතර ඇති රහස් සඹඳතා ගැන ඉඟියක් දෙයි.
යූටානි සමාගම යෞට්ජා තාක්ෂණය ප්‍රති ඉන්ජිනේරුකරණයට බඳුන්කොට එහි රහස් ඉගැනීමට සැලසුම් කරන බව එයින් ඇඟවෙයි.
එම කාලය වන විට පිටසක්වල තාක්ෂණය ලබා ගැනීම සඳහා වෙයිලන්ඩ් සමාගම යූටානි සමාගම සමඟ සෘජු තරඟයක සිටි බව උපකල්පනය කරන්න පුලුවන්.
එමෙන්ම, වෙයිලන්ඩ්-යූටානි ඒකාබද්ධ සමාගම පිහිටුවීමට බොහෝ කලකට පෙර යූටානි සමාගම යෞට්ජා තාක්ෂණය අත්පත් කරගත් බවද මෙයින් තහවුරු වන අතර ඒලියන් සිනමා විශ්වයේ එන යුටානී සමාගම හා ප්‍රිඩේටර් සිනමා විශ්වයේ වේලන්ඩ් හා යුටානි සමාගම් එකම සමාගම් බවත් මේ රූපරාමුවලින් තහවුරු වෙනවා.
(11) Predators - Live action movie screened in 2010
Timeline; 2010AD - Location: An unknown earthlike planet - පෘථිවියේ සිට පැහැරගෙන ගොස් පිටසක්වල කැලෑ ග්‍රහලෝකයකට ගෙනගිය ඉහළ නිපුණතාවයකින්යුත් දරුණු සටන්කාමීන් කණ්ඩායමක් තමන් යෞට්ජා (Yautja) සඳහා දඩයම් රක්ෂිතයකට ගෙනගොස් දමා ඇතිබව වටහා ගනී.
එම ග්‍රහලෝකයේ යෞට්ජා කණ්ඩායම් දෙකක් තරඟයට ඔවුන්ව දඩයම් කරන බව වටහා ගත් ඔවුන්, කෙසේ හෝ දිවි ගලවා ගෙන ග්‍රහලෝකයෙන් ගැලෙවන ආකාරයක් ගැන සොයමින් සිටී.
ඔවුන්ව දඩයම් කරන එක් කණ්ඩායමක් සාමාන්‍ය යෞට්ජා ය. අනෙක් කණ්ඩායම සාමාන්‍ය යෞට්ජා දඩයක්කරුවන්ට වඩා වඩා ශාරීරිකව විශාල හා ශක්තිමත් යෞට්ජා වර්ගයකි. ඔවුන් සාමාන්‍ය යෞට්ජා සමගද යුධවැදී සිටින අතර දුටුතැන ඔවුන්වද මරාදැමීමට සූදානම්ව සිටී.
(12) The Predator - Live action movie screened in 2018
Timeline; 2018AD - Location: Continental United States - හමුදා ස්නයිපර්වරයෙකු වන ක්වින් මැකෙනා රහසිගත ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමක් සඳහා එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමා ප්‍රදේශයේ රැකවල්ලාගෙන සිටියදී යෞට්ජා අභ්‍යවකාශ යානයක් කඩා වැටෙනු දැක, එම යානයෙන් පැමිණි තුවාල ලැබූ යෞට්ජාට අයත් හිස්වැස්මක් සහ අත් ආවරණයක් සොයාගෙන සිය නිවසට ගෙනියයි.
ඕටිසම් තත්වයෙන් පෙලෙන මැකෙනාගේ පුතා නොදැනුවත්වම යෞට්ජා උපකරණ ක්‍රියාත්මක කරන අතර එයින් නිකුත්වන සංඥා ග්‍රහණයකරගන්නා Project Stargazer නම් පිටිසක්වලයින් ගැන සොයමින් සිටින රහසිගත රාජ්‍ය ආයතනයේ ඒජන්තයින් එම නිවසට පැමිණෙයි.
යෞට්ජා තාක්ෂණය සහ ජාන විද්‍යාව අධ්‍යයනය කරන රහසිගත මධ්‍යස්ථානයක් Project Stargazer මගින් මෙහෙයවනු ලැබේ.
දඩයම් කිරීම සඳහා පෘථිවියට පැමිණීමට සැලසුම් කරමින් සිටි සුපර් යෞට්ජා දඩයක්කරුවන්ට (Predators 2010) එරෙහිව ආරක්ෂා වීම සඳහා මිනිසුන්ට උදව් කිරීමට දියුණු තාක්ෂණය ගෙන ආ යෞට්ජා (යානය මෙක්සිකෝවේදී කඩාවැටුනු යානයේ සිටි) ස්ටාර්ගේසර් එජන්තයින් විසින් අල්ලාගෙන එම මධ්‍යස්ථානයට ගෙන එයි.
(13) Predator: Bad Lands - Live action movie screened on 07 Nov 2025
Timeline: Late 22nd century (earth time) - Location: A planet called Genna - (SPOILER ALERT!!!) ඩෙක් යනු තම ගෝත්‍රයෙන් නෙරපා හරින ලද යව්වන වියේ යෞට්ජාවකි. රණශූරයෙකු වීමට කිසිදා නොහැකි වන තරමට ඔහු දුර්වල බව ඔහුගේ පියා සිතයි. තම පියාගේ ගෞරවය දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන්, ඩෙක් බියකරු ග්‍රහලෝකයක් වන ජෙනා ග්‍රහලෝකයේ හි සිටින, කිසිදා මැරිය නොහැකි, උච්ච විලෝපිකයෙකු වන කාලිස්ක් නම් සත්ව්යා දඩයම් කිරීමට ප්‍රතිඥා දෙයි. නමුත් ඔහුගේ පියා ඩෙක්ගේ සහෝදරයා වන ක්වේයි හට ඩෙක්ව මරා දමන ලෙස අණ කරයි. ක්වේයි මෙම නියෝගයට පිටුපාමින් ඩෙක්ව ජෙනා වෙත පිටත් කර හරියි.
ඩෙක්ගේ අභ්‍යවකාශ යානය ජෙනා මතට කඩා වැටුණු අතර, එම ග්‍රහලෝකයේ සතුරු ශාක හා සත්ත්වයන්ගෙන් බේරී ජීවත් වීමට ඔහුට සිදු වේ. එහිදී ඔහුට හානි වූ වේලන්ඩ්-යුටානි ඇන්ඩ්‍රොයිඩ්වරියක් වන තියා (Thia) හමුවෙයි. කාලිස්ක් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී තියාගේ කණ්ඩායම මිය ගොස් තිබුණි. තියා ඩෙක්ට ග්‍රහලෝකයේ ජීවත් වීමට උදව් කරන බැවින්, ඩෙක් ඇය සමඟ එක්වී කාලිස්ක් මරාදැමීමට සැලසුම් කරයි.


Comments
Post a Comment