NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

වොල්වෝ සමාගම කාර් රථයක පිටුපස ඇසිරුම් කොටසින් (trunk) විහිදෙන සූර්ය කෝෂ පැනලයක් නිර්මාණය කරයි.


වොල්වෝ සමාගම මෙම සූර්ය කෝෂ පැනලය නිර්මාණය කොට ඇත්තේ සුනම්‍ය, කාරයක ට්‍රන්ක් කොටසේ අසුරා තැබිය හැකි එහෙත් ක්ෂණයකින් විහිදී ගොස් විශාල වර්ගඵලයකින් යුතු සූර්ය කෝෂ පැනලයක් නිර්මාණය වන ආකාරයටය.

වොල්වෝ සමාගමේ V60 ප්ලග්-ඉන් හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් මෝටර් රථ මාදිලිය වෙනුවෙන් නිර්මාණය කොට ඇති මෙය දැන පර්යේෂණ මට්ටමේ පවතින බව වාර්තාවේ. බැටරිය පූර්ණ ලෙස ආරෝපණය වූ පසු නැවත හැකිලී ට්‍රන්ක් කොටස තුල තැන්පත් වන ලෙස මෙය සකස් කොට ඇත.

දැනට V60 රථය හයිබ්‍රිඩ් ආකාරයට පෙට්‍රෝල් හා බැටරි යන දෙක මාරුවෙන් මාරුවට භාවිතා වන ආකාරයට ධාවනය කල හැකි අතර, සම්පූර්ණයෙන්ම බැටරි බලයෙන් කිලෝමීටර් 50ක් යා හැකි ආකාරයට නිපදවා ඇත. බැටරිය ආරෝපණය වීම පෙට්‍රෝල් එන්ජිමෙන් රථය ධාවනය වන විට සිදුවන අතර ඊට අමතරව ප්‍රධාන විදුලියෙන්ද (mains electricity) බැටරිය ආරෝපණය කරගත හැකිය.

මෙම සූර්ය කෝෂ පද්ධතිය සවිකල විට බැටරිය ආරෝපණය මෙම සූර්යකෝෂ මගින් කරගත හැකි නිසා ප්‍රධාන විදුලිය හෝ පැට්‍රෝල් නොමැතිව 100% සූර්ය බලයෙන් ධාවනයේ යෙදිය හැකිය.


Comments

  1. මමත් එකක් ගන්න ඕන :-d

    ReplyDelete
  2. මේක ගොඩ දැම්මොත් හයි බිරිඩ් කැලේ අහ්..

    ReplyDelete

Post a Comment