NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

ARCHAEOLOGY: වල්ලිපුරම් රන් සන්නස | Vallipuram Gold Plate Inscription

 


සොයාගත් ස්ථානය - 1936දී යාපනයේ වඩමාරච්චි පෙදෙසින් හමුවුනා.

1936දී වල්ලිපුරම් ග්‍රාමයේ වැසියන් පිරිසක් කෝවිලක් හදන්න පදනම් කානු කපද්දී මේ රන් සන්නස හමුවෙලා බලධාරීන්ට භාරදීලා තියෙනවා. රන්පත අඟල් 4ක් විතර දිග අඟල් 1ක් පමණ පළල, බරින් රන් ග්‍රෙන්ස් 70ක් බව සන්නස පරීක්ෂාකල මහාචාර්ය පරණවිතාන මහතා සටහන් කර තිබෙනවා. දැන් එය කොළඹ ජාතික කෞතුකාගාරයේ අභිලේඛන මැදිරියේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

දිස්වීම - රන් පත්‍රයක, පේලි හතරක ලියවුනු 2වැනි සියවසේ භ්‍රාහ්මීය අක්ෂරවලින් සමන්විතය.


යුගය - ක්‍රිව: 126-170 රජකල වසභ රජ සමයේ පැරණි සිංහල භාෂාවෙන් (භ්‍රාමීය අක්ෂර යොදාගෙන) ලියා තිබෙන බවයි විද්වත් මතය.

සන්නසේ පණිවුඩය - සිධ මහරජ වයහභ රජෙහි අමෙතෙ ඉසගිරියෙ නකදිව බුජමෙනි බඳකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ

පරිවර්තනය - ශ්‍රේෂ්ඨ වසභ රජු රාජ්‍ය කරන සමයේදී, ඉසිගිරිය ඇමති නකදිව (නාගදීපය එනම් යාපනය ) පරිපාලනය ගෙන යන අතරතුර පියගුක තිස නැමැත්තෙක් බදකර-අතනේ (එනම් පැරණි වල්ලිපුරම් ප්‍රදේශයේ ) විහාරයක් කරවන ලදී.

වැදගත්කම - මෙම සන්නස ඉතිහාසඥයින්ට වැදගත් වන්නේ, එමගින් නකදිව හෙවත් නාගදීපය ලෙස මහාවංශයේ, චුලවංශයේ සඳහන් වන ස්ථානය නූතන යාපනය බවට තහවුරු වීමයි. 

‘නකදිව’ යනුවෙන් අදහස් කර ඇත්තේ අද එනමින් හඳුන්වනු ලබන දූපත පමණක් නොව සම්පූර්ණ යාපන අර්ධද්වීපයමයි. ලංකාවේ කීර්තිමත් විද්වතෙකු වූ පෝල් ඊ. පීරිස් මැතිතුමා විසින් විවිධ මුලාශ්රය උපකාර කරගනිමින් නාගදීප යනු සමස්ත යාපන අර්ධද්වීපයම බව වල්ලිපුරම් සන්නස ලැබෙන්න පෙර දක්වලා තිබූනා

නාගදීපය හෙවත් නූතන යාපනය බුදුන් වැඩි නාගදීපයම බවත්, සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව රැගෙන ලංකාවට ගොඩබැස්ස ජම්මුකොළපටුණ වරාය යාපනයේ කන්කසන්තුරේ අසල වරායක් බවත් තහවුරු කරගැනීමටද මේ සන්නස උපකාරී වුනා.


Comments