POSON THOUGHTS : බුදුන්වහන්සේ දමනය කල ආලවක දරුණු පිටසක්වලයෙකු විය නොහැකිද?

ආලවක දමනය කෙටියෙන්

ආලවක නම් රුදුරු යක්ෂයා ඉමහත් බලයක් හොබවමින් අලව් නුවර වනගත පෙදෙසක සිය විමානය සාදාගෙන සිටියේය. අවට ගම්මානවල සියලු වැසියන් බියපත් කරගෙන සිටි ඔහු, ගම් වැසියන් සිය දැසි දස්සන් ලෙස තබාගෙන ආඩ්‍ය දිවියක් ගතකලේය. එමෙන්ම ඔහු මිනීමසටද ගිජුවිය.

දිනක් දඩයමේ යන රජෙකු ආලවකයාගේ ග්‍රහණයට හසුවිය. දුර්වලයෙකුවූ රජු සිය දිවි බේරාගැනීමට දිනකට එකා බැගින් සිය යටත් වැසියන් ආලවකගේ ආහාරය පිණිස එවන්නට පොරොන්දුවී දිවි ගලවාගෙන පැන ගියේය.

අවසානයේ රජුගේ කුඩා පුත්‍රයාද ආලවකගේ ගොදුර ලෙස යවන්නට සිදුවිය.

අලව් කුමරු යක්ෂ භවනට ගෙනයද්දී ඔහුගේ පෙර පින් බලය මතුවිය.

එදින බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය.

"මහණ නිකම යව" බුදුන්ට අණ දුන්නේය.

"මැනවැයි ඇවත" බුදු හිමි කීකරුව එළියට නික්මුණ සේක.

"මහණ මෙහි එව"

බුදුන් වහන්සේ එයටද කීකරුව යළි වැඩි සේක. මෙසේ තෙවරක් සිදු විය. සිවු වෙනි වතාවේදී

"නැත ඇවැත..........නික්ම නොයමි.....කල හැක්කක් කරන්නැ " යි වදාළ සේක.

"මහණ මම නුඹෙන් ප්‍රශ්නයක් විමසමි. එය විසඳන්නට නොහැකි වුව හොත්.... ළය පලන්නෙමි.......සිත පෙලන්නෙමි.....දෙපය ගෙන පර සක්වලට දමන්නෙමි" යි යක්ෂයා ගුගුලේය.

"ඇවැත එය කළ හැක්කෙක් දෙව් මිනිස් බඹ ලොව නැත්තේය..... එහෙත් කැමැත්තක් අසන්න." බුදුන් වහන්සේ වදාළ සේක.

මෙවිට ආලවක යක්ෂයා විසින් විසදිය නොහැකි යැයි පරම්පරාවෙන් හිමිව තිබූ ප්‍රශ්න බුදු හිමිට ඉදිරිපත් කළේය...........

ආලවක සූත්‍රයේ දැක්වෙන්නේ ආලවක යක්ශයා පරම්පරාවෙන් දැනගෙන සිටි ප්‍රශ්ණත්, ඒවාට බුදුන්වහන්සේ ලබාදුන් පිලිතුරුත්ය...


කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසූ සුචින්නෝ සුඛමාවහාතී
කිංසූ හවේ සාධු තරං රසානං
කතං ජීවිං ජීවිත මාහු සෙට්ඨං

(ඉතා වැදගත් ධනය කුමක්ද? කවර හැසිරීමක් සැපයට හේතු වේද? ඉතා මිහිරි රසය කුමක්ද? කෙසේ ජීවත් වීම ශ්‍රේෂ්ඨ ද? යනු ඒ ප්‍රශ්න හතරයි. එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ

සද්ධී ද විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මෝ සුචින්නෝ සුඛමාවහාතී
සච්චං හවේ සාධුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං

ශ්‍රද්ධාව ඉතා වැදගත් ධනයයි. ධර්මය අනුව හැසිරීම සැපයට හේතු වෙයි. සත්‍යය ඉතාම මිහිරි රසයයි. පඤ්ඤාවෙන් යුතුව ජීවත්වීම ශ්‍රේෂ්ඨ ය.

ආලවකයා යනු කවරෙක් වියහැකිද?

ආලවකයා යක්ශයෙකු බව බණපොතේ සඳහන් වේ. යක්ශයා යනු කවරෙකුද?

ශ්‍රි ලංකාවේද යක්ශයින් සිටි බවත් බුදුන්වහන්සේ ඔවුන්ව ගිරි දිවයිනට පලවා හැරි බවත් සඳහන්වේ. බොහෝ විද්වතුන් විශ්වාසකරන ආකාරයට යක්ශයින් යනු මනුශ්‍ය ගෝත්‍රයකි. සමහරවිට නොදියුණු ගති පැවතුම් ඇති, අභාවයට ගිය පෞරාණික නියැන්ඩර්තාල් වරුන් වැනි මානව වර්ගයක ශේෂවු ගෝත්‍ර විය හැකිය. සමහරවිට ලංකාවේ සිටින්නට ඇත්තේ මෙවැනි නියැන්ඩර්තාල් හෝ එවැනි හෝමෝසැපියන් නොවන අර්ධමානව වර්ගයක් විය හැකිය.

බුද්ධ දේශනාවට සවන්දී, ධර්මය අවබෝධකරගෙන බුදුන් සරණයාමට තරම් මනස දියුණු නොවූ මේ අර්ධ-මානවයින්ගෙන් මනුශ්‍යයන් හට විය හැකි කරදර හිරිහැර මගහරවා ගැනීම පිනිස බුදුන්වහන්සේ මෙම අර්ධ-මානව "යක්ශයින්" පලවා හරින්නට ඇතැයි තර්කයක් ගොඩනැගීමට කැමැත්තෙමි...

එහෙත් ආලවකයා නොදියුණු අර්ධමානවයෙකු විය හැකිද?

ආලවකයා බුදුන්වහන්සේගෙන් ඇසූ ප්‍රශ්ණ දෙස බලනවිට ඔහු බුද්ධි-හීන නොදියුණු මානවයෙකු විය නොහැකි බව පැහැදිලිය. ඔහු බුදුන්වහන්සේගෙන් අසා ඇත්තේ සරල පැනයන් නොව ඉතා ගැඹුරු විග්‍රයක් කලහැකි, තර්ක විතර්ක ගොඩ නැගිය හැකි පැන සතරකි. බණපොතේ දැක්වෙන ආකාරයට අලවක මෙම ප්‍රශ්ණ දැනගෙන ඇත්තේ සිය පරම්පරාවෙනි. ඔහුගේ ගෝත්‍රයේ කිසිවෙකුට තර්කානුකූලව පැහැදිලිකල නොහැකිවූ, පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට ගෙනා මෙම පැන ගෞතම බුදුන්ට අභියෝගයක් සමග යොමුකලේ එබැවිනි...

එනම් ආලවක මෙන්ම ආලවකගේ පරම්පරාවම ඉහල බුද්ධි මට්ටමකින් යුතු, විවිධ තර්කවිතර්කයේ යෙදෙන, දැනුම පිපාසයෙන් පෙළුනු අයවලුන් විය නොහැකිද? මෙවැනි ගතිලක්ශණ බුද්ධියෙන් දියුණු හෝමෝසැපියන් මානවයන්ට අමතරව තිබිය හැක්කේ කාටද? ආලවක මනුශ්‍යයෙකු විය නොහැකිය. ඔහු මනුශ්‍යගෝත්‍රයේ නොවන බව බණපොත්වල පැහැදිලිව දක්වා තිබේ.

ඥාණවන්ත මහ සෙනෙවියෙකු ලෙස ගෞරව ලබන මහායාන, වජ්‍රයාන ආලවක

ආලවක දමනය පිලිබඳ විස්තර තේරවාද බුදුදහමේ පමණක් නොව මහායාන බුදුදහම අදහන චීනය, කොරියාව, ජපානය ආදී රටවලද බෞද්ධ ජනප්‍රවාදයක් ලෙස කියවේ. එමෙන්ම තායිලන්තයේ හා බුරුමයේද ඔවුන්ටම ආවේණික ආලවක දමන කතාවස්තු තිබෙනවා

පාලියෙන් ආලවක යන නාමය සංස්කෘත භාශාවෙන් අතවක හෝ ආතවක ලෙස කියවෙයි.
මහායාන (බෝධිසත්ව ඇදහීම ) හා වජ්‍රයාන (ටිබෙට් දේශයේ මූලික කරගත් තන්ත්‍රවාදී බුදුදහම ) බෞද්ධ සංස්කෘතිවල අතවක කතාවස්තුව ප්‍රසිද්ධය.

එම සම්ප්‍රදායන් අනුව ආලවක හෙවත් අතවක "බුද්ධිමත් රජු - Wisdom King" ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් ඔහු ඉතා කෲර පාලකයෙකු බවද කියවෙනවා. තේරවාදී සම්ප්‍රදායේ ආලවකට ආරෝපණය කරන නොදියුණු අර්ධමානව යක්ෂ ප්‍රතිරූපය මහායාන හා වජ්‍රයාන ආලවක කතාවස්තුවේ දකින්නට නොලැබෙනවා.

එමෙන්ම මහායාන/වජ්‍රයාන සම්ප්‍රදායන්වල ආතවක හෙවත් ආලවක, මහා රාක්ෂ සෙන්පතියන් අට දෙනාගෙන් (Eight Great Yakṣa Generals) එක් අයෙකු ලෙස හඳුන්වනවා. මහා රාක්ෂ සෙන්පති ආතවක ලෙස ඔහුව එම සම්ප්‍රදායේ හඳුන්වනවා. 

චීනයේ හා ජපානයේ මහායාන/වජ්‍රයාන සංකළණ බෞද්ධ සංස්කෘතියට අනුවද ආතවක ඥාණවන්ත මහ-සෙනෙවි ලෙස හඳුන්වනවා.

ජපානයේදී ආතවක හෙවත් ආලවක, ඩයිගෙන්සුයි මයූ ලෙස හඳුන්වන අතර ජපන් දේශය විදේශීය සතුරන්ගෙන් හා ස්වභවික ව්‍යසනවලින් ආරක්ෂාකරන දේශාරක්ෂක භූතාත්මයක් ලෙස ජපන් ජාතිකයින් ආලවක ඇදහීමක් සිදුකරනවා.


එසේනම් ආලවක යනු හෝමෝසැපියන්වරුන් තරමටම හෝ ඊටත් වඩා බුද්ධියකින් යුතු ජීවියෙකු විය යුතුය. ඒ අනුව ඔහු පිටසක්වලයෙකු විය නොහැකිද?





බටහිර විද්‍යාඥයින් පිටසක්වල ජීවීන් ප්‍රධාන වර්ග දෙකකට ගොනුකල හැකි බවට අනුමාන කරයි. මේ වර්ග දෙක;

1. Benevolent extraterrestrial [කරුණාවන්ත පිටසක්වයින්]
2. Malevolent extraterrestrials [අනර්ථකාමී පිටසක්වලයින්]

අනර්ථකාමී පිටසක්වලයින් මනුශ්‍ය වර්ගයා පිලිබඳව තැකීමක් නොකරන, එසේත් නැතිනම් විනාශමුඛයට පැමිණවිය හැකි දරුණු ජීවීන්වේ. ඔවුන් මෙලොවට පැමිණියහොත් ඔවුන්ගේ දියුණු තාක්ශණය මිනිස්වර්ගයාගේ විනාශයට යෙදෙවුනු ඇතැයි සිතිය හැකිය. 

ආලවකයාට "යක්ශ" යන යෙදුම භාවිතා කෙරුනේ  ඔහු Malevolent වර්ගයේ දරුණු පිටසක්වලයෙකු වීම නිසා වන්නට පුලුවන.  මිනිස් ජීවිත තුට්ටුවකට මායිම් නොකල ඔහු සමහරවිට විනෝදාංශයක් ලෙස මිනිස්ජීවිත බිලිගන්නටද ඇත. 

ප්‍රිඩේටර් චිත්‍රපටයේ පිටසක්වලයාද විනෝදාංශයක් ලෙස මිනිසුන් දඩයමේ යෙදෙන අනර්ථකාමී පිටසක්වලයෙකි. අලවකයාද සිය සමාගමයද සමග පෘථිවියට පැමිණෙන්නට ඇත්තේ මිනිස් දඩයමේ යෙදෙන්නට වන්නට පුලුවන. බුදුන්දවස මිනිසුන් "ආලවක" යන නම ඇසූ පමණින් බියවන්නේ එබැවින් විය යුතුය. එවැනි දරුණු ජීවියෙකු දමණය කරන්නට තාක්ශණයක් හෝ අවි ආයුධ එකල නොතුබූ නිසා ආලවකයා ඇතුලු පිරිස සිතැඟි පරිදි සිය දරුණු ක්‍රියා කරමින් වසන්නට ඇත.

ආලවකයා අහසින් පැමිණි අමනුශ්‍යයෙක් (Celestial Ogre) ලෙස ආලවක සූත්‍රයේ ඉංග්‍රීසි පරිවර්තන හඳුන්වන්නේ ඇයි?





ආලවක දමනය පිලිබඳ තොරතුරු සෙවීම සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රයේ "alavaka" යන්න සඳහන් කොට සෙවීම් සිදුකිරීමේදී හමුවූ සමහර ඉන්ග්‍රීසි ලිපිවල ආලවක "සෙලෙස්ටියල් ඕර්ග" ලෙස හඳුන්වා තිබෙන දක්නට ලැබුනි. සෙලෙස්ටියල් යනු ආකාශයෙන් පැමිනි හෝ ආකාශයේ/අභ්‍යවකාශයේ හටගත් යන තේරුම දෙයි. ඔර්ග යනු දරුණු අමනුශ්‍යයා යන තේරුම දෙයි. ඒ අනුව ආලවකයා අභ්‍යවකාශයෙන් පැමිණි අමනුශ්‍යයෙකු ලෙස යම් මූලික විශ්වාසයක් තිබෙන බවට අනුමාන කල හැකිය. මෙයද ආලවකයා දරුණු පිටසක්වලයෙකු ලෙස හඳුනා ගැනීමට සාක්ශියක් ලෙස ගැනීමට කැමැත්තෙමි.

බුදුන් විනාශ කිරීමේ උත්සහයේදී ආලවක භාවිතාකල අවිය

ආලවක හෙවත් ආතවක සතුව වජ්‍ර නම් මහා බලසම්පන්න අවියක් තිබූ බව තේරවාද මෙන්ම මහායාන/වජ්‍රයාන මෙන්ම ජපන් ජනප්‍රවාද වලද කියවෙනවා. හින්දු දේව සම්ප්‍රදාය අනුව වජ්‍ර අවිය, ඉන්ද්‍ර දෙවියා සතු අවියක් වන අතර එය විශ්වයේ මහා බලසම්පන්න අවි වලින් එකක් බව කියවෙනවා.

හසුවන ඕනෑම දෙයක් දවාලිය හැකි බිහිසුණු අකුණු සැර නිකුත් කරන වජ්‍ර අවියෙන් ආලවක බුදුන්ට පහදුන් නමුත් එයින් උන්වහන්සේට කිසිදු අණතුරක් සිදු නොවූ බව පැවසෙනවා.

හින්දු පුරාණවල මෙන්ම වේද ග්‍රන්ථවලද සඳහන් වන වජ්‍ර අවිය සුරයින් හා අසුරයින් අතර සිදුවූ බිහිසුණු යුද්ධයේදීද භවීතා කර තිබෙනවා.

සුර අසුර යුද්ධය පිටසක්වල ශිෂ්ඨාචාර දෙකක් අතර ඈත අතීතයේ සිදුවූ මහා යුද්ධයක් බවට් එය සෞරග්‍රමණ්ඩළය දක්වා පැතිරුණු බවත් යම් විද්වතුන් විශ්වාස කරනවා 

Comments