Red Star OS - උතුරු කොරියාවේ ජාතික මෙහෙයුම් පද්ධතිය


රෙඩ් ස්ටාර් ඕ.ස් නමින් හඳුන්වන, උතුරු කොරියානුවන් විසින් නිර්මාණය කරන ලද ඔවුන්ගේම පරිගණක මෙහෙයුම් පද්ධතියක් පිලිබඳව තොරතුරු ලැබෙන්නට පටන් ගත්තේ 2013 වසරේ සිටයි. එහෙත් සියලුදේම අතිශයින් රහසිගතව සිදුකරෙන උතුරු කොරියාවේ ජාතික පරිගණක පද්ධති කිසිවක්, අන්තර්ජාලය පවා, ලෝක අන්තර්ජාල සේවාවට සම්බන්ධ කොට නොමැති නිසා මෙම මෙහෙයුම් පද්ධතිය පිලිබඳව තොරතුරු වැඩියමක් බටහිර පරිගණක විශේෂඥයින් දැන සිටියේ නෑ.

බ්‍රිතාන්‍යයේ ගාඩියන් හා ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඊයේ වාර්තාකොට තිබුණ ආකාරයට ජර්මානු ජාතික පරිගණක විශේෂඥයින් දෙදෙනෙකු වන නික්ලස් ෂයිස් හා ෆ්ලොරියන් ගෘනොව් මෙම රෙඩ් ස්ටාර් මෙහෙයුම් පද්ධතියේ පිටපතක් උතුරු කොරියාවෙන් පිටත සිටිමින් බාගත කරගන්නට සමත්වී තිබෙනවා. එම මෙහෙයුම් පද්ධතිය විශ්ලේෂණයට බඳුන්කල ඔවුන් දෙදෙනා පවසන ආකාරයට රෙඩ් ස්ටාර් මෙහෙයුම් පද්ධතිය ලින්කස් කර්නලය ආශ්‍රිත කරගෙන නිර්මාණය කරන ලද, එහෙත් ඉතා ගැඹුරින් වෙනස් කරමින්, උතුරු කොරියානු රජයේ අවශ්‍යතා සඳහාම නිර්මාණය කල, දැඩි ආරක්ශිත විධිවිධාන වලින් සමන්විත, පූර්ණ ලෙසම උතුරු කොරියානු නිර්මාණයක්.


ලින්ක්ස් කර්නලය භාවිත කොට නිර්මාණය කොටතිබුණත් මෙහි මුහුණත (user interface) ඇපල් Mac OS මුහුණතට ඉතා සමාන ලෙස වෙනස් කොට තිබෙනවා. එයට හේතුව දැන් උතුරු කොරියානු නායකයා වන කිම් ජොන්ග් අන්, ස්විට්සර්ලන්තයේ පෞද්ගලික පාසැලක අධ්‍යාපනය ලැබූ, ඇපල් මැකින්ටොශ් පරිගණක ප්‍රියකරන්නෙකු නිසා බව පැවසෙනවා.

විශ්ලේෂකයින් පවසන ආකාරයට මෙම මෙහෙයුම් පද්ධතිය වර්ඩ්ප්‍රොසෙසින්ග්, කැල්කියුලේටර්, සංගීත නිර්මාණ, වීඩියෝ ගොනු ධාවනය කිරීම වැනි ප්‍රයෝජනවත් ඇප්ලිකේෂන් ගණනාවකින් සමන්විතයි. එහෙත් ඔවුන් පවසන ආකාරයට, උතුරු කොරියානුවන් මෙම පරිගණක මෙහෙයුම් පද්ධතිය උපරිම රහස්‍ය භාවය හා රජයට එය භාවිත කරන්නා පූර්ණලෙසම පාලනය කල හැකි ලෙස නිර්මාණය කොට තිබෙනවා.

උදාකරණයක් ලෙස, පරිගණකයට වැඩසටන එකතුකිරීම හෝ වෙනස් කිරීම සම්පූර්ණයෙන්ම වලාක්වා තිබෙන අතර සියලුම මෙහෙයුම පද්ධති ගොනු (system files) ආරක්ශක උපක්‍රම මගින් සඟවා තිබෙනවා. යමෙක් මෙම ගොනු පිරික්සීමට හෝ වෙනස් කිරීමට උත්සහ කලහොත් පරිගණකය ක්‍රියා විරහිත වනවා. එමෙන්ම, පරිගණකයේ සිදුකරන සියලුම ක්‍රියාවන්, සකසන ලිපිගොනු, බලන වීඩියෝ, සවන්දෙන සංගීතය වැනි සියලුම තොරතුරු ගබඩාකොට ගෙන තිබෙන්නේ ඕනෑම අවස්ථවක රජයේ නිළධාරීන්ට එම පරිගණකය භාවිතයෙන් සිදුකරන ලද්දේ කුමන දේවල්ද යන්න පහසුවෙන් සොයගැනීමට හැකිවන ලෙසයි.

එමෙන්ම පරිගණකය භාවිතයෙන් සකසන ලද, හෝ එම පරිගණකයේ විවෘත කරන ලද ඕනෑම ආකාරයක ගොනුවක් watermarking තාක්ශණයකට අනුව රහසිගතව සළකුණු කරනවා. ඒ අනුව, බළධාරීන් හට එම ගොනුව කුමන පරිගණකවල විවෘතකරන ලද්දේදැයි ඉක්මණින් සොයාගත හැකියි. එපමණක් නොව පරිගණකයට USB පෙන් ඩ්‍රයිවයක් සම්බන්ධකල හොත්, එම පෙන්ඩ්‍රයිවයේ ඇති සියලුම ගොනු (විවෘත නොකල ගොනු පවා) මෙම වෝටර්මාකින් තාක්ශණය මගින් සළකුණු කරනවා. මෙතරම් ආරක්ශක විධිවිධාන යොදා ඇත්තේ පරිගණක භාවිතයෙන් රාජ්‍ය විරෝධී ලිපිලේඛන හෝ වීඩියෝ නැරඹීම, නිර්මාණය කිරීම හෝ බෙදාහැරීම වැලැක්වීමටයි.


එමෙන්ම මෙහි වෙනස්කම්වලට භාජනයය කරන ලද  ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරයක්ද, ඊමේල් වැඩ්සටහනක්ද ඇතුලත්. මෙම වෙබ් බ්‍රව්සරයෙන් උතුරු කොරියානුවන් හට සම්බන්ධවිය හැක්කේ උතුරු කොරියානු ජාතික අන්තර්ජාල සේවාවට පමණක් වන අතර උතුරු කොරියානු ජාතික අන්තරජාල සේවාව, බාහිර අන්තරජාලයට සම්බන්ධකොට නැහැ. ඒනිසා උතුරු කොරියානුවන්ට පරිශීලනයකල හැක්කේ උතුරු කොරියානු රජයේ වෙබ් අඩවි පමණයි.

නික්ලස් ෂයිස් හා ෆ්ලොරියන් ගෘනොව් පවසන් ආකාරයට මෙය දැඩි ආරක්ශිත විධිවිධාන යොදා, භාවිතාකරන්න සිදුකරන සියලුම ක්‍රියාකාරකම් දැඩි පාලනයකට යටත්කරන ලෙස නිපදවා ඇති, එහෙත් භාවිතා කරන්නාට නූතන මෙහෙයුම් පද්ධතියකින් ලබාදෙන බොහෝ ප්‍රාථමික සේවා ලබාදෙන මෙහෙයුම් පද්ධතියක්.

Recent Posts Widget
---------------------------------------------------------------------------------------------------------

Comments