BIOLOGY : ඩේවිඩ් ඇටෙන්බරෝගේ සමනලයා



බ්‍රිතාන්‍ය ජාතික ස්වභාව විද්‍යාඥ, කතෲ හා රූපවාහිණී ශිල්පී සර් ඩේවිඩ් ඇටෙන්බරෝගේ නමින් ඇමසන් වනයේ දුර්ලභ සමනල වර්ගයක් නම්කොට තිබෙනවා. සිය රූපවාහිණී වැඩහසටන් හරහා සුවහසක් ජනයාවෙත ස්වභාවධර්මයේ අපූර්වත්වය හා එය රැකගැනීමේ වැදගත්කම කියාදුන් ඇටෙන්බරෝ සිදුකල අමිල සේවය වෙනුවෙනුයි මේ නම් කිරීම සිදුකොට තිබෙන්නේ.

Euptychia attenboroughi හෙවත් Attenborough's black-eyed satyr ලෙස නම්කොට ඇති මේ සමනල් විශේෂය ඉහල ඇමසන් වනාන්තරවල දකින්නට ලැබෙන අතර පියාපත් විහිදූ විට  සෙන්ටිමීටර් 2ක් පමණ වනවා. මොවුන් පාද සතරක්  Nymphalidae ඇති සමනල් කුලයට අයත් වනවා.

මෑතකදී හඳුනාගත් මේ සමනල් වර්ගය සොයාගත්තේ ලන්ඩන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ අනුග්‍රහයෙන් ඇමසන් වනයේ පර්යේෂණ කටයුතුවල නියුතු කණ්ඩායමක් විසින්.



Comments

  1. ඇටෙන්බරෝ වරක් නිල් සමනල විශේෂයක් ගැන කළ වැඩ සටහනක් මං රේඩියෝවේ ඇසුවා. එදයි මට නිවැරදිව වැටහුනේ ස්වභාව ධර්මය අරුම පුදුම සහගත බව!

    ReplyDelete

Post a Comment