HIKING & BACKPACKING : එක්ස්පර්ට් බැක්පැකර් කෙනෙක් වගේ කෑම්ප් ෆයර් එකක් හදාගන්න හැටි.


1] ආරක්ෂාව හා ගිණි පැතිරීම වැලැක්වීම

හයිකින්, බැක්පැකින් ගැන හොඳ පළපුරුද්දක් තියෙන අය පරිසර හිතකාමී, පරිසරය සුරකින සංචාරකයින්. ඒ නිසා ඔබත්, කෑම්ප්ෆයර් එකක් ගහන්න පෙර;

- කෑම්ප් සයිට් එකේ කෑම්ප්ෆයර් එකක් ගහන්න අවසර තියෙනවද දැන ගන්න

- කෑම්ප් ෆයර් එකක් පටන්ගන්න ඉස්සෙල්ලා ගින්නක් පැතිරීමට ඇති අවස්ථා නැතිවෙන්න කරන්න පුලුවන් උපරිම දේවල් කරන්න.

2] ආරක්ෂාව වැඩි, ගිණි පැතිරීම් වලක්වන උපක්‍රම

- කෑම්ප් ෆයර් එක ටෙන්ට් හා ස්ලීපින් බෑග් වලට වඩා අඩුම අඩි 6ක් දුරින් ඇති කරන්න වගබලා ගන්න.

- ගස්, වල්පැලෑටි හා උස තණකොළ ආසන්නයේ කෑම්ප් ෆයර් ආරම්භ නොකරන්න. අමු කොළ අතු ඔබ හිතනවාට වඩා වේගයෙන් ගිණි ඇවිලී පැතිරී යයි.

- කෑම්ප් සයිට් එකේ ෆයර්පිට් එකක් තියෙනවානම්, අනිව ඒකෙ කෑම්ප් ෆයර් එක ඇතිකරන්න. වෙන තැන්වල එපා.

- ෆයර් පිට් එකක් නැතිනම්, අඟල් 6ක් විතර ගැඹුරට, අඩි 2-3ක විශ්කම්භය තියෙන කවාකාර ෆයර් පිට් එකක් හදා ගන්න.

- ෆයර් පිට් එක වටේට ලොකු ගල් තියලා සීමාව සළකුණු කරන්න. ගල් තැබීම නිසා ගින්න අවට තණකොල හා වියලි ද්‍රව්‍ය වලට පැතිරීම වලකිනවා.

නිවැරදි ලෙස ආරක්ෂිතව හදපු කෑම්ප් ෆයර් පිට් එකක්

3] කෑම්ප් ෆයර් එක ඉක්මණින් ඇවිලෙන්න, ලෑස්තිකර ගතයුතු දේවල්

i] ලයිටරයක් හෝ ගිණිපෙට්ටිය (මේවා නැතිනම් වැද්දන්ගේ ක්‍රමය පුහුණු වෙලා තියෙන්න ඕනෙ...)

ii] වියලි තණකොට මිටක් දෙකක් / වියලීගිය කොළරොඩු ටිකක් - පත්තුකරගන්න ලේසියි

iii] සිහින් කෝටුකෑලි මිටියක් - කොළැරොඩු ඇවිලිලා ඉවරවෙන්න ඉස්සෙල්ලා ගින්න ඊළඟ පියවරට වැඩි කරගන්න මේවා ලඟ තියෙන්න ඕනෑ.

iv] වියලි අතු/ඉති හෝ දර
======================









4] ටීපී ක්‍රමයට (Teepee Method) කෑම්ප් ෆයර් එක හදාගැනීම

Teepee කියන්නේ ඇමරිකාවේ ප්‍රෙයරී තණබිම්වල ජීවත්වුනු රතු ඉන්දියානුවන් ගෝත්‍රයක්. ඔවුන්ගේ කේතුකාකාර (කේතුවක් හැඩැති ) කූඩාරම්වලටත් කියන්නේ ටීපී ටෙන්ට් කියලා. මේ ගිණිමැළ වර්ගය සකසාගන්නේත් කේතුවක් හැඩයට දරකෝටු අසුරලා නිසා මේ කෑම්ප් ෆයර් වර්ගයටත් ටීපී කෑම්ප් ෆයර් කියලා කියනවා.

ටීපී කෑම්ප් ෆයර් එකක් හදාගන්න එක හරිම ලේසියි.

පලමුවෙන් ෆයර් පිට් එන මැද්දේ වියලි තණකොළ, වියලි කොළරොඩු ආදිය ගොඩක් හදාගන්න. මේ කොළගොඩ අඟල් 6කට වඩා විශාලවෙන්න හදාගන්න එපා.


ඊට පස්සේ රූපයේ පෙනෙන ආකාරයට වියලි දරකෝටු කේතුවක් වගේ රැඳෙන විදියට අසුරාගන්න. කොළරොඩු දල්වා ගැනීම සඳහා මේ දර ඇසුරුමේ එක් තැනක තරමක හිඩසක් තියන්න.




5] ලොග් කැබින් ක්‍රමයට (Log Cabin Method) කෑම්ප් ෆයර් එක හදාගැනීම

ලොග් කැබින් කෑම්ප් ෆයර් එක, ටීපී කෑම්ප් ෆයර් එකක් කාළයක් පුරාවට, ඒ කියන්නේ රාත්‍රිය පුරාවට, නැතිනම් කෑමක් පිසගන්නා තෙක් හොඳින් පවත්වා ගන්න පුලුවන් ක්‍රමයක්.

ලොග් කැබින් කෑම්ප් ෆයර් එකත් පටන්ගන්නේ ටීපී ක්‍රමයට. ගින්න ඇවිලුනාට පස්සේ, රූපයේ විධියට තරමක් විශාල දර, ටීපී ගිණිගොඩ වටේට අසුරන්න. 



එතකොට ඔබට කාළයක් දැල්වෙන, ඉක්මණින් නිවී යන්නෙ නැති ලොග් කැබින් කෑම්ප් ෆයර් එකක් ලැබේවි.







__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. ඉතාම ප්‍රයෝජනවත් ලිපියක්. ලිපක් මොලවා ගන්න, නැතිනම් ගිනි මැලයක් ගහන්න අත්දැකීම් නැති අය ඉන්නවා . 90 දශකයේ මුල කාලයේ වසරක, නත්තල් නිවාඩු සමයේ මමත්, මිතුරෙකුත් අපගේ පවුල් සමග ඕස්ට්‍රේලියාවේ ඉහලම උසකින් පිහිටියා යැයි කියන කොසියස්කෝ උද්‍යානයේ පිහිටි සෝ පිට් ක්‍රීක් හි කෑම්පින් කළා. ග්‍රීෂ්ම ඍතුවේ මැද උනාට හවස හතර වෙනකොට ගැහෙන සීතලයි. හැමදාම හවසට 'හීටින්ග් ඔයිල්' වලින් අප පිරිමි දෙදෙනාගේ සීතල දුරු කර ගන්නා ගමන් හොඳ ගිනි මැලයකුත් ගැහුවා. දෙවන හෝ තුන්වන දින අප අසලම වයසක ජෝඩුවක් ඒගොල්ලන්ගේ කෑම්පර් වෑන් එකේ නවාතැන් ගත්තා . එකල වයස තිහක් පමණ වූ අපට සාපේක්ෂව ඔවුන් අපගේ දෙමව්පියන්ගේ වයසේ අයයි. ඔවුන් මගෙන් බූමිතෙල් ටිකක් ඉල්ලුවාම මම කෑන් එක පිටින්ම දීලා අවශ්‍ය තරමට ගන්න කිව්වා. ටික වෙලාවකින් ඔවුන්ගේ වෑන් එක පැත්තෙන් බූමිතෙල් ගඳත්, දුමාරයත්, අඛණ්ඩව එන නිසා මාත් මිතුරාත් ඒ පැත්තට ඔලුව දැම්මාමයි වැඩේ තේරුනේ. මේ ජෝඩුව හෙන සයිස් කොට දෙකකට බූමිතෙල් දානවා, පත්තු කරනවා. යලි යලිත් ඒකම කරනවා. මේක දැක්කාම මගේ බූමිතෙල් ඔක්කොම ඉවර කලත් මේගොල්ලන්ට මේ කොට පත්තු කරගන්න බැරි බව තේරුනා. ඒ මදිවාට බූමිතෙල් ගඳ ටෙන්ට් ඇතුලට ගියාම අපිවත් ගඳ ගහනවා. අපි අහල පහලින් කෝටු කෑලි ටිකක් එකතු කරලා බූමිතෙල් කොහොමවත් භාවිතා නොකර මැලය අවුළුවලා දුන්නා. සුද්දෝ හොඳ සාමාන්‍ය දැනීමක් තියන කොට්ඨාශයක් කිව්වාට මෙහෙම මොට්ටයෝත් ඉඳ හිටලා ඉන්නවා. ඔබට ස්තුතියි.

    ReplyDelete
  2. Good article. Also mention things not to do like using lequid fuels to light the fire quickly. Even though this sounds basic knowledge, surprising number of people attempt to do this. I know a group of see kankan expats burned down the entire hiloday home, lost one child and had 3rd degree burns to couple of adults due to one of them trying to light the fire place using a petrol can.

    ReplyDelete

Post a Comment