ELECTRIC CARS 2022: එක චාර්ජ් එකකින් වැඩිම දුරක් යන්න පුලුවන් ඉලෙට්‍රික් කාර් මොනවද?


10. Skoda Enyaq iV - 530Km


ජර්මනියේ වොක්ස්වැගන් සමූහයට අයත් ස්කෝඩා සන්නාමයේ  ඉලෙක්ට්‍රික් SUV එක කිලෝමීටර් 530ක් යන්න පුලුවන් වාහනයක්. ඒත් ඒක දහවැනි තැන තියෙන්නෙ එක ආරෝපණයකින් ඊටවඩා ගොඩක් දුර යන්න පුලුවන් වාහන තියෙන නිසා.

9. Polestar 2 - 540Km


පෝල්ස්ටාර් ඉලෙක්ට්‍රික් වාහන සන්නාමය ස්වීඩනයේ වොල්වෝ සමාගමට අයිතියි. ඒ වගේම වොල්වෝ සමාගමේ අයිතිය දැන් තියෙන්නෙ චීනයේ ගීලී සමාගමට. ගීලී සමාගමේ ධන ආයෝජන නිසා වොල්වෝ සමාගම වගේම එයාලගෙ පෝල්ස්ටාර් සන්නාමයටත් අලුත්ම තාක්ෂණයේ වාහන ඉදිරිපත් කරන්න පුලුවන් වෙලා. පෝල්ස්ටාර් 2 කියන්නෙ දොර 5, ලිෆ්ට් බැක් වර්ගයේ කාර් මාදිලියක්. එක බැටරි චාර්ජ් එකකින් කිලෝමීටර් 540ක් යන්න පුලුවන්.

8. Volkswagen ID3 - 545Km

VW ID3 ඉලෙක්ට්‍රික් වාහන නිර්මාණය සඳහාම වොක්ස්වැගන් සමූහයට අයත් සන්නාම ගණනාවක් (VW, Audi, SEAT, Škoda) සඳහා විශේෂයෙන් ගොඩනගපු MEB Platform එකෙන් හදපු පලවෙනි වාහනය. 2019දි  ID3 වාහනය මුලින්ම එලිදැක්වුනා. 


7. Tesla Model X - 560Km


දොර 5, mid-size crossover මාදිලියේ වාහනයක් වන මොඩල් X ඉදිපස සාමාන්‍ය පරිදි ඇරෙන දොරවල් හා පසුපස ෆැල්කන් වින්ග් ආකාරයට ඉහලට එසවෙන දොරවල් වලින් යුක්තයි. 2015 සිට වෙළඳපොලේ තිබෙන මොඩල් X මාදිලිය එක බැටරි චාර්ජ් එකකින් කිලෝමීටර් 560ක් ගමන් කරන්න පුලුවන්.

6. Tesla Model 3 - 580Km


මොඩල් 3, දොර 4 ලිෆ්ට්බැක් මාදිලියේ වාහනයක්. කෙසේ වෙතත්, පිටුපස දොරක් නොමැති අතර, ට්‍රන්ක් හෙවත් බූට් එකක් (අපේ වහරෙන් ඩිකිය) තිබෙනවා. 2017 සිට මොඩල් 3 වෙළඳපොලේ තිබෙන අතර 2022 මාදිලියට කිලෝමීටර් 560ක් යන්නට පුලුවන්.

5. BMW i4 - 587Km


BMW i4 දොර 4, ලිෆ්ට්බැක් මාදිලියේ රථයක් වන අතර 2021දී හඳුන්වාදුන් BMW සමාගමේ අලුත්ම රථ මාදිලියක් වනවා. මෙම රථය 2021 නොවැම්බර් මස මුල්වරට වෙළඳපොලට ඉදිරිපත් වුනා. එක බැටරි චාර්ජ් එකකින් කිලෝමීටර් 587ක් ගමන් කරන්න පුලුවන්.

4. Ford Mustang Mach E - 610Km


ෆෝඩ් මස්ටැංග් මක්-ඊ, ක්‍රොස් ඔවර් SUV රථයක් ලෙස නිෂ්පාදකයා හඳුන්වනවා (එනම් කාර් රථයක් හා SUV රථයක් අතරමැදි ප්‍රමාණයේ, එම වාහන වර්ග දෙකේම ලක්ෂණ දකින්නට ඇති රථයක්) 2020 දෙසැම්බරයේ සිට වෙළඳපොලේ ඇති මක්-ඊ රථය චීනයේ හා මෙක්සිකෝවේ ෆෝඩ් කර්මාණ්තශාලාවල නිෂ්පාදනය කරනවා. බැටරි චාර්ජ් එකකින් කිලෝමීටර් 610 ගමන් කල හැකි බව නිෂ්පාදකයාගේ දත්තවලින් පෙන්නුම් කරනවා.

3. BMW iX - 611Km


දොර 5,  මිඩ්-සයිස් ක්‍රොස් ඕවර් SUV මාදිලියේ රථයක් වන BMW - iX කිලෝමීටර් 611ක් ධාවනය කල හැකියි.  2018 පැරිස් මෝටර් ශෝ ප්‍රදර්ශණයේදී හඳුන්වාදුන් Vision iNext  කන්සෙප්ට් වාහනය ඇසුරින් නිෂ්පාදිත iX රථය 2021 මුල් කාර්තුවේ සිට වෙළඳපොලේ තිබෙනවා.

2.  Tesla Model S - 650Km

දොර 5, ලිෆ්ට්බැක් මාදිලියේ රථයක් වන ටෙස්ලා මොඩල් එස්, ලොව ජනප්‍රියම ඉලෙක්ට්‍රික් වාහනය ලෙස හඳුන්වාදිය හැකියි. Tesla Model S 2012දී හඳුන්වා දුන් අතර 2021දී සම්පූර්ණයෙන්ම නවීකරණය කරනලද මාදිලියක් හඳුන්වාදුන්නා. මෙම මාදිලියට අරෝපණයකින් කිලෝමීටර් 650ක් ගමන් කරන්නට පුලුවන්.

1. Mercedes EQS - 730Km


2021 සැප්තැම්බර් මාසයේදී එලිදැක්වුනු මර්සෙඩී EQS රථය, දොර 5, ලිෆ්ට්බැක් මාදිලියෙන් එනවා. මර්සෙඩීස් සමාගමේ අලුත්ම තාක්ෂණයන් සියල්ලගෙන්ම පාහේ අනූන EQS, දැනට වැඩිම දුරක් එක් ආරෝපණයකින් ගමන්කල හැකි රථය ලෙස හඳුන්වාදෙන්නට පුලුවන්.
 



Comments