NUMBER 1 : THE FASTEST SUPER COMPUTER IN THE WORLD (2012)
![]() |
ජපානයේ කේ සුපිරි පරිගණකය |
තාක්ශණික තොරතුරු;
නිශ්පාදකයා : ෆුජිට්සු පරිගණක සමාගම
භාවිතාකරන්නා : ජපානයේ කෝබේ නුවර පිහිටි RIKEN Advanced Institute for Computational Science
ප්‍රොසෙසර වර්ගය : 8 core SPARC64 VIIIfx 2.0GHz
ප්‍රොසෙසර් ගණන : 88,128
ගණන වේගය : තත්පරයකට ගණනය කිරීම් බිලියන 10,510,000 (10.5 peta flops)
මෙහෙයුම් පද්ධතිය: Linux
යොදාගනු ලබන්නේ : භූමිකම්පා හා සුනාමි පිලිබඳ පර්යේශණ, වෛද්‍ය පර්යේශණ, තාරකා විද්‍යාව සබැඳි ගණනය කිරීම්.
NUMBER 2 : TIANHE - 1A
සුපිරි පරිගණක ලෝකයේ දෙවැනි වේගවත්ම සුපිරි පරිගණකය ලෙස ගැනෙන්නේ චීනයේ නිශ්පාදිත ටියාන්හේ-1A සුපිරි පරිගණකයි. ටියාන්හේ යනු "ක්ශීර පථය" යන තේරුම දෙයි. චීනයේ ටියෑන්ජින් නුවර ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ සිට ටියාන්හේ ක්‍රියාත්මක වෙයි. 2011 වසරේදී ලොව වේගවත්ම සුපිරි පරිගණකය ලෙස කිරුළු පලන් ටියාන්හේ 1, කේ පරිගණකය එම වාර්තාව බිඳ දමන තෙක් සයමසක් එම කිරුළ දරාගෙන සිටියේය.
![]() |
ටියාන්හේ - 1A සුපිරි පරිගණකය |
නිශ්පාදකයා : ආරක්ශක තාක්ශණය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාලය, චීනය
භාවිතාකරන්නා : ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානය, ටියෑන්ජින්
ප්‍රොසෙසර වර්ගය : Intel Xeon හා nVidia Tesla
ප්‍රොසෙසර් ගණන : Intel Xeon 14,336 nVidia Tesla 7168
ගණන වේගය : තත්පරයකට ගණනය කිරීම් බිලියන 2,500,000 (2.5 peta flops)
මෙහෙයුම් පද්ධතිය: Linux
යොදාගනු ලබන්නේ : පෙට්‍රෝලියම් ගවේශණය හා ගගනවිද්‍යා පර්යේශණ
NUMBER 3 : JAGUAR
ලොව තුන්වැනියට වේගවත්ම සුපිරි පරිගණකය වන්නේ අමෙරිකාවේ ඕක් රිජ් ජාතික පර්යේශණායතනයේ ක්‍රියාත්මක වන ජගුවර් නම් සුපිරි පරිගණකයයි. 2009 නොවැම්බර් සිට 2010 ජූනි මාසය පමණවන තෙක් ජගුවර් ලොව වේගවත්ම සුපිරි පරිගණකය වූ අතර චීනයේ ටියාන්හේ-1 2010 ජූනි මාසයෙන් පසුව ලෝව වේගවත්ම පරිගණකය විය.
නිශ්පාදකයා : ක්‍රේ පරිගණක සමාගම, එක්සත් ජනපදය. (Cray Inc.)
භාවිතාකරන්නා : ඕක් රිජ් ජාතික පර්යේශණායතනය, ටෙනසී ප්‍රාන්තය, එකසත් ජනපදය.
ප්‍රොසෙසර වර්ගය : 6 Core AMD Opteron 2.6 GHz
ප්‍රොසෙසර් ගණන : 224,256
ගණන වේගය : තත්පරයකට ගණනය කිරීම් බිලියන 2,330,000 (2.33 peta flops)
මෙහෙයුම් පද්ධතිය: Linux
යොදාගනු ලබන්නේ : තාරකා විද්‍යා පර්යේශණ, භූමිකම්පා පිලිබඳ පර්යේශණ, ජීව විද්‍යා පර්යේශණ, න්‍යශ්ඨික විලයනය පිලිබඳ පර්යේශණ
NUMBER 4 : DAWNING NEBULAE
වේගවත්ම සුපිරි පරිගණක ලයිස්තුවේ 4වැනි තැන උසුලන්නේ චීනයේ ෂෙන්සෙන් නුවර ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානයේ පිහිටි නෙබියුලා නම් සුපිරි පරිගණකයයි. මෙය නිශ්පාදනය කර ඇත්තේ ඩෝනින් නම් අමෙරිකානු සමාගමයි.
තාක්ශණික තොරතුරු;
නිශ්පාදකයා : ආරක්ශක තාක්ශණය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාලය, චීනය
භාවිතාකරන්නා : ජාතික සුපිරි පරිගණක මධ්‍යස්ථානය, ටියෑන්ජින්
ප්‍රොසෙසර වර්ගය : Intel Xeon හා nVidia Tesla
ප්‍රොසෙසර් ගණන : Intel Xeon 9280 nVidia Tesla 4640
ගණන වේගය : තත්පරයකට ගණනය කිරීම් බිලියන 1,270,000 (1.27 peta flops)
මෙහෙයුම් පද්ධතිය: Linux
යොදාගනු ලබන්නේ : චීන ආරක්ශක හමුදා සඳහා සිදුකෙරෙන පර්යේශණ
NUMBER 5 :TSUBAME 2.0
සුබාමේ 2.0 ජපානයේ ටෝකියෝ තාක්ශණික ආයතනයේ සේවයේ යොදවා ඇති සුපිරි පරිගණකයකි. ජපානයේ NEC සමාගම හා අමෙරිකාවේ HP සමාගම ඒකාබද්ධව නිර්මාණය කොට ඇති සුබාමේ 2.0 පරිගණකය කාළගුණ ආනාවැකි නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ගණිතමය අනුරූ නිර්මාණය (mathematical modelling of weather), සුනාමි ගැන පර්යේශණ වැනි ස්වාභාවික විපත් වලින් වන හානිය පිලිබඳ අනාවකි නිවැරදිව කල හැකි තාක්ශණයන් බිහිකිරීම සඳහා භාවිතා වේ.
නිශ්පාදකයා : NEC Japan, HP USA
භාවිතාකරන්නා : ජපානයේ ටෝකියෝ තාක්ශණික ආයතනය
ප්‍රොසෙසර වර්ගය : Intel Xeon හා nVidia Tesla
ප්‍රොසෙසර් ගණන : Intel Xeon 2816 nVidia Tesla 4224
ගණන වේගය : තත්පරයකට ගණනය කිරීම් බිලියන 1,1920,000 (1.19 peta flops)
මෙහෙයුම් පද්ධතිය: Linux / Windows
යොදාගනු ලබන්නේ : කාළගුණ හා ස්වාභාවික විපත් පිලිබඳ පර්යේශණ
Very good for begginers, but their are some special high class machines as well, like to see some modern techniques.
ReplyDeleteCheers
Ranga