අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

වසර 31,000 පැරණි බීජ පැලකරවූ රුසියානු විද්‍යාඥයෝ

මේ පැලෑටියේ මවු ශාකය එම බීජ නිපදවන විට මැමත් නම් යෝධ ඇතුන් මෙම පැලෑටියේ ජන්ම භූමිය වුනු සයිබීරියාව සිසාරා සැරිසරමින් සිටියහ!
වසර 31,800කට පෙර රුසියානු සයිබීරියාවේ ඊසානදිග ප්‍රදේශයේ කොලීමා ගංගාව අසල යම් ස්ථානයක නම් arctic ground squirrel ලේනුන් විශේෂයට අයත්  ලේනෙකු ශීත සෘතුවේදී ආහාරයට ගැනීම සඳහා ඇට වර්ග ගණනාවක් ඌ විසින් පොලොව යට හාරන ලද කුඩා උමගත් තුල තැම්පත් කලේය. අවසාන අයිස් යුගයට (වසර 10,000 පෙර මෙය අවසන් විය) අයත් වුනු මේ කාළයේ ගිම්හාන සෘතුව ඉතා කෙටි වුනු අතර ආහාර වැළලූ ස්ථානය ලේනාට අමතක වුනු බැවින් ශීත සෘතුව එළඹීමත් සමග පොලව ඝනීභවනය වී අයිස් බවට පත්වීමෙන් මේ බීජවල ජීව ගුණය සුරැකී තිබිණි.

Arctic Ground Squirrel


කොලීමා ප්‍රදේශය, ඊසානදිග සයිබීරියාව, රුසියානු ෆෙඩරේශණය
මෑතකදී මෙම ප්‍රදේශයේ ගවේශණයක යෙදුනු රුසියානු විද්‍යාඥයින් කණ්ඩායමකට අඩි 38 ගැඹුරු පස්තට්ටුවක් යටින් මේ බීජ හා තවත් පැලෑටි කොටස් හමුවිය. කාබන් කාළ නිර්ණ පරීක්ශාවකින් පසු මෙම බීජ වසර 31,000 පමණ පැරණි බව තහවුරු වුනු අතර පැළෑටි පොහොර ද්‍රාවණයක පෙඟෙන්නට හැර තිබුණු මෙම බීජ වලින් මුල් ඇදෙන බව දැකගන්නට හැකිවිය.

මුල් ඇදෙමින් තිබුණු බීජ විද්‍යාගාරය තුලදී කුඩා පෝච්චි වලට මාරු කරන ලද අතර ඒවා ඉතා හොඳින් වැඩී මල් හටගෙන ඇති ආකාරය ඔබට පෙනෙන්නට ඇත. මෙම පැලෑටිය මල් පමණක් නොව බීජ පවා නිපදවමින් ඇති ඇතර මෙනිසා වසර 31,000 පෙර අයිස් යුගයන් පසු අභාවයට ගොස් තිබූ මෙම පැලෑටි වර්ගය යලිත් සාර්ථකව බෝ කරගැනීම විද්‍යාඥයින් හට හැකිවී ඇත. මේ අනුව දැනට ලොව මල් හටගන්නා පැරණිම ශාකය ලෙස මේ කුඩා පැලෑටිය වාර්තාවක් තබා ඇත.

මේ සොයාගැනීමේ ඇති වඩාත්ම වැදගත් භාවය නම් අධික ශීතලට නිරාවරණය කලවිට ශාක බීජ වලට වසර දස දහස් ගණනාවක් ජීව ගුණය රඳවාගෙන නැවත රෝපනය වීමට ඇති හැකියාව තහවුරු වීමයි.

අනාගතයේ සිදුවිය හැකි ව්‍යසනයකදී ලොව වැදගත් ආහාර ධාන්‍ය හා වෙනත් වැදගත් ශාක බීජ ශීත කොට ආරක්ශා කිරීමේ ව්‍යාපෘති විද්‍යාඥයින් විසින් ක්‍රියාත්මක කොට ඇති අතර මේ ව්‍යාපෘති සාර්ථක විය හැකි බව වසර 31,000ක් පැරණි බීජ වලින් යලි රෝපනය වුනු මේ පැලෑටිය මගින් තහවුරු කොට ඇත.

යෝධ මැමත් ඇතුන් අයිස් යුගයේදී සයිබීරියානු තැනිතලාවල රංචු වශයෙන් ගැවසුනි.


Comments