අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

පැයට කිලෝමීටර් 21,000ක වේගයෙන් ගමන්ගත් අමෙරිකානු පර්යේශණ ගුවන්යානයක් පුපුරා යයි!


පැයට සැතපුම් 13000ක (පැයට කිලෝමීටර් 21,000) වේගයක් යනු ශබ්දයේ වේගය මෙන් 20ගුණයක වේගයකි! මෙවැනි වේගයකින් ගමන්කල හැකි වෙනත් කිසිදු යනාවක් නැත. අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ අධිතාක්ශණික පර්යේශණ කටයුතු මෙහෙයවන ඩාර්පා (DARPA) ආයතනය  මගින් මෙහෙයවනු ලැබූ මේ පර්යේශණ ගුවන්යානා ව්‍යාපෘතිය හඳුන්වනු ලැබුවේ ෆෝල්කන් HTV-2 (Falcon HTV-2) යනුවෙනි.

අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුවේ Prompt Global Strike උපායමාර්ගික වැඩසටහන

මෙම උපායමාර්ගික වැඩසටහනේ ඉලක්කය අමෙරිකානු ආරක්ශක හමුදාවන්හට (විශේෂයෙන්ම ගුවන් හමුදාවට) ලොව ඕනෑම ස්ථානයකට පැයක් වැනි කෙටි කාලයක් තුලදී ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ලබා දීමයි. මේ සඳහා ඉතා ඉක්මණින් ගුවන්ගතකල හැකි, සුපිරි වේගයෙන් ගමන්කල හැකි ගුවන්යානා, මිසයිල හෝ රොකට්ටු නිර්මාණය කිරිමේ ව්‍යාපෘති ඩාර්පා ආයතනය මගින් ආරම්භ කර තිබෙනවා. ෆෝල්කන් ව්‍යාපෘතිය ග්ලෝබල් ප්‍රොම්ප්ට් ස්ට්‍රයික් වැඩසටහනට අනුබද්ධ ගුවන්හමුදා ව්‍යාපෘතිය වනවා.

ෆෝල්කන් HTV-2  


HTV යනු Hypersonic Test Vehicle හෙවත් අධිද්වනික පර්යේශණ යානය යන්නයි. රොකට්ටුවක් මාර්ගයෙන් උඩු ගුවනට විදිනු ලැබූ මේ පර්යේශණ යානයේ එන්ජින් ක්‍රියාත්මක කරනු ලබන්නේ පෘථිවි කක්ශයේදීය. පෘථිවි කක්ශයේදී එන්ජින් දල්වාගෙන නැවත වායුගෝලයට ඇතුලුවන යානය වායුගෝලයේදී උපරිම වේගයට ලඟාවී ඉන්ධන අවසන්වුනු පසු ඉලක්ක කරන ලද මුහුදු ප්‍රදේශයකට වැටෙන්නට සැලැස්වීම පර්යේශකයින්ගේ අරමුණ වුනා. 

මෙතරම් වේගයකින් ගමන් කිරීමේදී යානය හසුරුවාගැනීමේ හා පාලනය කරගැනීමේ හැකියාව, යානය වායුගෝලය හා සිදුවන ඝර්ශණය නිසා ඇතිවන අධික තාපයෙන් (2000C පමණ) යානය ආරක්ශාකරගැනීමේ තාපභාදක තාක්ශණයන්, යානයේ ඉලෙක්ට්‍රොනික පාලන පද්ධති හා පරිගණක යනාදී පද්ධති ගණනාවක ක්‍රියාකාරිත්වය පිලිබඳව දත්ත එකතුකිරීම මෙම පර්යේශණ පියාසැරියේ අරමුණ වුනා.

ෆෝල්කන් HTV-2 පර්යේශණ යානය පුපුරා විනාශවී ගියේ ඇයි?

යානයේ පර්යේශණ පියෑසැරිය පාලනය කල විද්‍යාඥයින් පවසන අන්දමට යානය විනාශවීමට හේතූන්  පහත දැක්විය හැකිය

1] යානයේ වේගය පැයට කිලෝමීටර් 20,000 පසුකරද්දී එය අධික ලෙස රත්වීම. මෙම රත්වීම කොතරම්ද යත් යානයේ පිටත පෘශ්ඨය සෙන්ටිග්‍රේඩ් අංශක 2000ක උශ්ණත්වයක් වාර්තාකලේය.

2] මෙම අධික තාපය නිසා යානයේ පිටත පෘශ්ඨය දියවී ගැලවී යාම

3] පිටත පෘශ්ඨය අහිමිවීමත් සමග යානයේ වායුගති ස්වභාවය (aerodynamic properties) අහිමිවීම නිසා එය වේගයෙන්  දෝලයන වෙමින් පාලනයෙන් මිදී යාම

4] පිටත පෘශ්ඨයේ තාප බාධක ගැලවීයාමෙන් යානයේ ඇතුලත අධික ලෙස රත්වීමත්, පාලනයකින් තොරව දෝලනයවීමත් නිසා යානය පුපුරා විනාශවීම.

ෆෝල්කන් සුපිරිවේග ගුවන්යානා ව්‍යාපෘතියේ අනාගතය.

ඩාර්පා ආයතනය හා අමෙරිකානු ගුවන් හමුදාව පවසන ආකාරයට යානය විනාශවුවද ඔවුන් එම පියාසැරියෙන් අතිවිශාල දැනුම් සම්භාරයක් ලබාගත් අතර මීලඟට නිපැදවෙන ෆෝල්කන් පර්යේශණ යානය මේ සියලු දැනුම මගින් වඩාත් ස්ථාවර පියාසැරිය යෙදිය හැකි යානයක් වනු ඇති බවට විශ්වාසය පලකරයි.

Comments

  1. නියම ලිපිය.
    දිගටම ලියන්න.

    ReplyDelete

Post a Comment