ඩ්‍රැගන්: අභ්‍යවකාශ ගතකරන ලද පලමුවන පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ යානාව

ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය
අභ්‍යවකාශ තරණයේ 60 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට පෞද්ගලික සමාගමක් විසින් පෞද්ගලික ප්‍රාග්ධනය යොදවා නිර්මාණය කරන ලද අභ්‍යවකාශ යානයක් ඉකුත් මැයි 26වැනි සෙනසුරාදා (2012) සාර්ථකව අභ්‍යවකාශ ගතවී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධ වුනා. මින් පෙර සෑම අභ්‍යවකාශ ගමනක්ම සිදුකරන ලද්දේ එම යානය ගුවන් ගත කරන ලද රටේ රාජ්‍ය ප්‍රාග්ධනය හා සම්පත් යොදාගෙනයි. දැනට අභ්‍යවකාශයට යානා යවා ඇති රටවල් අතලොස්සෙන් (ඇමරිකාව, රුසියාව, චීනය, යුරෝපා සංගමය, ඉන්දියාව, ඉරානය) සියලුම රටවල් සිය අභ්‍යවකාශ වැඩසටහන් ජාතික වැඩසටන් ලෙස රටේ මහජන මුදල් යොදවාගෙන සිදුකලා.

මෙය වෙනස් කරනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා විසිනුයි. 2011 වසරේදී සියලුම අභ්‍යැවකාශ ශටල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසුව අභ්‍යවකාශයට අමෙරිකානුවන් හෝ අමෙරිකානු යානා යැවීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගත යුතු යැයි ඔබාමා ජනාධිපතිවරයා තීරණය කල අතර ඒ අනුව නාසා ආයතනය අභ්‍යවකාශ යානා නිර්මාණය කරනවා වෙනුවට ඒවා නිර්මාණය කිරීමට ඒ වනවිටත් බිහිකොට තිබූ පෞද්ගලික අංශයේ සමාගම්වලට අවශ්‍ය තාක්ශණය හා පහසුකම් ලබා දෙන්නට තීරණය කලා.

මෙයින් වඩාත් සාර්ථකම සමාගම වුනේ 2002 වසරේ බිහිවූ SpaceX සමාගමයි. මෙම සමාගම විසින් නිර්මිත ෆෝල්කන් 1 නම් රොකට්ටුවක් 2008දී සාර්ථකව පෘථිවිය වටා කක්ශගත කෙරුනු අතර 2010 වසරේදී එම රොකට්ටුවේම වැඩි දියුණු කිරීමක් වුනු ෆෝල්කන් 9 අධිබල රොකට්ටුව සාර්ථකව අත්හදා බැලුනා. (ෆෝල්කන් 9 රොකට්ටුව හා SpaceX සමාගම ගැන පලවුනු ලිපිය කියවන්න)

පසුගියදා සාර්ථකව කක්ශගත කොට අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධවනු ලැබුවේ සමාගම විසින්ම නිපදවා ඔවුන්ගේ ෆෝල්කන් 9 රොකට්ටුවෙන් අභ්‍යවකාශගත කරන ලද "ඩැගන්" නමින් හඳුන්වා ඇති අභ්‍යවකාශයට භාණ්ඩ ප්‍රවාහණය කරන යානාවයි.
 

කක්ශගතවීමෙන් පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලඟාවූ ඩ්‍රැගන් යානය  මධ්‍යස්ථානයේ සිටි ගගනගාමීන් විසින් මෙහෙයවනු ලැබු රොබෝ අතක් මගින් ග්‍රහණය කරගන්නා ලද අතර එය ඉතා සීරුවෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ docking station නමින් හැඳින්වෙන පිටතින් එන යානා සම්බන්ධකරගන්නා දොරටුව වෙත යොමු කරවනු ලැබුවා. ඉන්පසු හෙවත් යානාවේ හා මධ්‍යස්ථානයේ දොරටු එකිනෙක සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය ආරම්භවුනු අත එය අවසානයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් දොරටු විවරකොට ඩ්‍රැගන් යානයට ඇතුලු වූවා.


අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රොබෝ හස්ථය මගින් ග්‍රහණය කරගන්නා ලද ඩ්‍රැගන් යානය.

ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රොබෝ හස්ථයෙන් ග්‍රහණය කරගැනීමට පෙර (ග්‍රැෆික් රූපය නාසා ආයතනය මගිනි )







අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධවුනු ඩ්‍රැගන් යානය දිස්වෙන ආකාරය (නාසා ග්‍රැෆික් සටහන )
ඩ්‍රැගන් යානය ආපසු පෘථිවියට ගොඩ බසින ආකාරය (NASA Graphic Image)







Comments