සුපිරි පරිගණක කිරුළ යලිත් ඇමරිකාවට

 
දෙවසරකට අධික කාළයක් අමෙරිකාවට අහිමිවී තිබූ ලොව වේගවත්ම සුපිරි පරිගණකයේ හිමිකරුවා යන කීර්ති නාමය යලිත් ඇමරිකාවට ලැබී තිබේ. ඇමරිකාවට වේගවත්ම සුපිරි පරිගණක කිරුල මුල්වරට අහිමි කලේ 2010 වසරේ දී චීනයේ දේශීය නිර්මාණයක් වූ ටියාන්හේ 1A සුපිරි පරිගණකය විසිනි. 2011 ජූලි වනතෙක් වේගවත්ම සුපිරි පරිගණකය ලෙස ටියාන්හේ 1A රජකල අතර 2011 ජූලියේදී ජපානයේ ෆුජිට්සු සමාගම නිර්මාණය කල "K කොම්පියුටර්" නම් සුපිරි පරිගණකය චීනුන්ගෙන් සුපිරි පරිගණක කිරුළ උදුරා ගන්නා ලදී.

ඇමරිකාව වෙත යලිත් සුපිරි පරිගණක කිරුළ රැගෙන ආවේ අයි.බී.එම් සමාගම විසින් අමෙරිකාවේ ලෝරන්ස් ලිවර්මෝර් ජාතික පර්යේෂණායතනය වෙනුවෙන් නිර්මාණය කල IBM Sequoia නම් සුපිරි පරිගණකයයි.

IBM Sequoia System

පාදක සැකැස්ම (base system) : අයි.බී.එම් BlueGene/Q
තත්පරයකට කල හැකි ගණනය කිරීම් : ක්වඩ්‍රිලියන 16 හෙවත් පෙටා-ෆ්ලොප් 16
ප්‍රොසෙසර් ගණන : මිලියන 1.6
මතක ධාරිතාවය : පෙටාබයිට 1.6කි
මෙහෙයුම් පද්ධතිය : ලීනක්ස්
භාවිතා කරන ආයතනය : ලෝරන්ස් ලිවර්මෝර් ජාතික පර්යේෂණායතනයට අනුබද්ධ ජාතික න්‍යෂ්ඨික ආරක්ශණ ඒජන්සිය
ප්‍රධාන කාර්යය : අමෙරිකාවේ න්‍යශ්ඨික අවි වැඩපිලිවෙලට අවශ්‍ය පර්යේශණ කටයුතු සඳහා සිදුකල යුතු සංකීර්ණ ගණනය කිරීම්.

අයි.බී.එම් සිකෝයා සුපිරි පරිගණකය, දෙවැනි තැනට එන ෆුජිට්සු සුපිරිපරිගණකයට වඩා 50% කින් වේගවත් වන අතරම බලශක්ති භාවතය අතින් 30% කාර්යක්ශමය.

IBM සිකෝයා සුපිරි පරිගණකය එකලස් කිරීමේ නිරතවී සිටින අයි.බී.එම් ඉන්ජිනේරුවෙක්
  
බලවතුන්ගේ සුපිරි පරිගණක තරඟය

අමෙරිකාව, ජර්මනිය, ජපානය ,චීනය, ප්‍රංශය වැනි බලවත් රටවල් අතර බලසම්පන්න සුපිරි පරිගණක නිපදවීම සඳහා තරඟයක් ඇති වී ඇත. බලසම්පන්නම සුපිරි පරිගණකයේ කිරුළ හිමිකර ගැනීම ඔවුන්ගේ තාක්ශණික බලමහිමය ලොවට කියාපාන එක් මිනුම් දන්ඩකි. මෙතක් කල් බටහිර ජාතීන් හා ජපානය අතර හුවමාරු වුනු මේ සුපිරි පරිගණක කිරුළ මුල්වරට සංවර්ධනය වෙමින් පවතින රටකට රැගෙන ආවේ චීනයයි.

මෙතරම් බලසම්පන්න පරිගණක කුමටද?

සුපිරි පරිගණකයක කාර්යය වන්නේ ඉතා සංකීර්ණ ගණනය කිරීම් වේගවත්ව කිරීමයි. ඒ අනුව සාමාන්‍ය පරිගණක වලට වසර ගණනාවක් ගතවෙන ගණනය කිරීම් පැය කිහිපයකින් නිමාකොට එම ප්‍රතිපල පර්යේෂකයින්ට ලබාදීමට සුපිරි පරිගණකවලට හැකියාව ඇත. මෙමගින් පර්යේෂණ කටයුතු වේගවත් වන අතර ඉක්මණින් පර්යේෂණ සඳහා සිදුකරණ ආයෝජන වලින් ප්‍රයෝජන ලබාගත හැකිය.

මෙවැනි අතිවිශාල ගණනය කිරීම් අවශ්‍ය වන පර්යේෂණ කටයුතු මොනවාද?

1] ඛණිජ තෙල් හා ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය සඳහා කරනු ලබන පර්යේශණ වලදී එකතුවන දත්ත

2] රොකට්ටු, මිසයිල හා ස්ටෙල්ත් ගුවන් යානා වැනි නිර්මාණයේදී සිදුකල යුතු සංකීර්ණ ගණනය කිරීම්

3] න්‍යෂ්ඨික අවි නිපදවීමේදී ඒවායේ පිපුරුම් බලය හා විකිරණශීලිත්වය පිලිබඳ ගණනය කිරීම්

4] ලොව කාළගුණය හා දේශගුණය, ලෝක ගෝලය උණුසුම් වීම පිලිබඳව ලොව පුරා කාළගුණ මධ්‍යස්ථාන හා චන්ද්‍රිකා වලින් ලැබෙන දත්ත ආධාරයෙන් කාළගුණ හා දේශගුණ අනාවැනි සිදුකිරීම

5] ජාන ඉන්ජිනේරු හා අනුකමය ඉන්ජිනේරු (genetic engineering and molecular engineering) පර්යේෂණ වලදී එකතුවන දත්ත විශ්ලේෂණය සඳහා

6] තාරකාවිද්‍යාවේදි සිදුකලයුතු සංකීර්ණ ගණනය කිරීම්

7] ක්වන්ටම් භෞතික විද්‍යා පර්යේෂණ වලදී සිදුකලයුතු සංකීර්ණ ගණිතකර්ම සඳහා

Comments

  1. මචන් මේ වගෙ එව්ව දාපන් .GOOD LUCK

    ReplyDelete
  2. මෙම අඩවියෙන් අලුත් ලිපි පිලිබදව අපිට ඉකමනින් දැනුවත් වීමට ෆ්ලෝව්ස්ලා ඇඩ් කලොත් නරක්ද?

    ReplyDelete
    Replies
    1. යෝජනාවට ස්තූතියි මහේශ්....follower widget දැන් හරි.....මෙම අඩවියේ සාමාජිකයෙකු වන ලෙස මම ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලසිටිමි....

      Delete
  3. බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට !!

    ReplyDelete
  4. පිස්සු හැදෙනවා මේවා ඇහුවහම....

    ReplyDelete
  5. බොහොම ස්තුතියි !!!

    ReplyDelete
  6. වැදගත් ලිපියක්, බොහොම ස්තුතියි...

    ReplyDelete

Post a Comment