ඇපල් අයිෆෝනයේ සිරී වැඩකරන්නේ කෙසේද?


සිරී නම බිහිවූයේ කෙසේද?

සිරී වැඩසටහනට පාදකවී ඇති භාශා හඳුනාගැනීමේ මෘදුකාංගය (speech recognition software) නිර්මාණය කලේ අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ පර්යේෂණ ආයතනයක් වූ "Stanford Research Institute" හෙවත් "SRI" ආයතනයයි. පසුව එම මෘදුකාංගය වානිජව ප්‍රචලිත කිරීම සඳහා සිරි නම් පෞද්ගලික සමාගමක් (Siri Inc.) අරඹා ඔවුනට එම තාක්ශණයේ පේටන්ට් අයිතිය ලබාදී තිබුණා. පසුකලෙක ඇපල් සමාගම විසින් සිරී ආයතනය මිලදී ගත් අතර ඔවුන් සිරී නාමය වෙනස් නොකොට තබාගත්තේ තාක්ශණය බිහිකල තිඹිරිගෙය වූ SRI ආයතනයට ඇති ගෞරවයක් ලෙස බව පැවසෙනවා.


සිරී, අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවේ අධිතාක්ශණික ව්‍යාපෘතියක් වූ බව ඔබ දන්නවාද?

සිරී නිර්මාණය කල ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනය, අමෙරිකන් ආරක්ශක දෙපාර්තමේන්තුව සඳහා නවතම තාක්ශණයන් බිහිකිරීමේ පර්යේෂණ සඳහා පුරෝගාමී ආයතනයකි. සිරී ව්‍යාපෘතිය ඇරබෙන්නේ 2004 වසරේදී අමෙරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුව අනුමත කල CALO (Cognitive Assistant that Learns and Organizes) නම් ව්‍යාපෘතිය යටතේයි. CALO ව්‍යාපෘතියේ අරමුණ වූයේ පුද්ගලික සහයකයෙකු (personal assistant) ලෙස ක්‍රියාකල හැකි, බුද්ධිමත්, කටහඬ හඳුනාගෙන ප්‍රතිචාර දැක්විය හැකි, තොරතුරු ගබඩාකරගෙන, ඒවා සැකසුම් කරමින් අවශ්‍ය ආකාරයට තොරතුරු ලබාදීමේ හැකියාව ඇති පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමයි.
පස්වසරක ව්‍යාපෘතියක් වූ මෙයට අමෙරිකාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන 25ක පර්යේෂකයින් හා විද්‍යාඥයින් 300කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර ඔවුන් ගේ ඉලක්කය වුනේ, කෘත්‍රිම බුද්ධිය පාදක කොට ගත්, තර්කණ හැකියාව, ඉගෙනීමේ හැකියාව, කටහඬින් දෙන විධාන හඳුනාගෙන ප්‍රතිචාර දැක්විය හැකි, තමන් කරමින් සිටින දෙය විස්තර කල හැකි, තමන් ඉගෙනගත් දේ පිලිබඳව ප්‍රත්‍යාවලෝකනය කල හැකි මෘදුකාංග වැඩසටහනක් නිපදවීමයි.


අතිශය සාර්ථක වුනු මෙම වැඩසටහනේ තාක්ශණය අමෙරිකානු F22 වැනි අතිනවීන ගුවන් යානා පරිගණකවලට ඇතුලුකොට තිබෙන බව පැවසෙනවා. මේ අනුව නියමුවාට යානයේ පරිගණකට සාමාන්‍ය භාශාවෙන් විධාන දීම, තොරතුරු ලබාගැනීම හා උපදෙස් ලබාගැනීමේ පහසුකම ලැබී තිබෙනවා.

යුධ ව්‍යාපෘති සඳහා තාක්ෂණය උකහාගත් පසු, ඒ සඳහා වැයවූ ආයෝජනයෙන් කොටසක් උපයාගැනීම සඳහා ආරක්ශක දෙපාර්ථමේන්තුව CALO තාක්ශණය වානිජකරණය සඳහා SRI ආයතනයට අවසර දුන්නා. ඇපල් සමාගමට සිරි තාක්ෂණය ලැබුණේ ඒ අයුරිනුයි.

අයිෆෝනයේ සිරී  ක්‍රියාකරන අයුරු

 ඔබ සිරිවෙත යම් විධානයක් දුන් විට, එය මුලින්ම ඔබගේ හඬ ඩිජිටල් සංඥා බවට පරිවර්තනය කිරීම සිදුකරණවා. දෙවනුව ක්‍රියාමාර්ග දෙකකට මුල පුරනවා





විධානය මීටපෙර දී තිබෙන විධානයක් නම්, නැතහොත් සරල විධානයක් නම් (උදා: address book හි ඇති අංකයකට ඇමතුමක් ගැනීම, මතක ගබඩාවේ MP3 ඇති ට්‍රැක් එකක් ධාවනය කිරීම) පරිගණකය මගින් තමන් ගැටලුව විසඳාගත් බව සර්වරයට දන්වන අතර සර්වරය සිය විශ්ලේෂණය නවතාදමනවා.

විධානය ෆෝනයේ පරිගණකයට තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ විධානයක් නම් එය සර්වරයේ විශ්ලේෂණය ලැබෙන තෙක් සිටින අතරම, විධානය පැහැදිලි කරගැනීම සඳහා භාවිතාකරන්නාගෙන් පැහැදිලි කිරීම්ද ඉල්ලා සිටිනවා.
එපමණක් නොව, වරක් සංකීර්ණ විධානයක් සාර්ථකව විසඳාගත් පසු, එය මතක තබාගෙන නැවතත් එම විධානය හෝ ඊට ආසන්න විධානයක් ලැබූවිට සර්වරයේ ආධාරයක් නොමැතිව ක්‍රියාත්මක වීමට සිරී මෘදුකාංගයේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනට හැකියාව තිබෙනවා.
එමෙන්ම ඔබගේ රුචිකත්වයන් ඉගනගෙන ඒ අනුව ඔබට සහයවීමට සිරීට හැකියාව තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ නිතරම සිරී භාවිතා කරමින් ඔබ කාර්යාලය හෝ නිවස අවට ඇති ඉතාලි අවන්හල් ගැන විස්තර සොයා තිබෙනවා නම්, ඔබ වෙනත් නගරයකට ගොස් අවන්හල් පිලිබඳ විස්තරක් ඉල්ලුව හොත් සිරී එම නගරයේ ඔබ නවාතැන් ගෙන සිටිනා ස්ථානය අවට තිබෙන ඉතාලි අවන්හල් වල ලැයිස්තුවක් සකසා ඔබට ඉදිරිපත් කරනවා. මේ සඳහා ඔබ සිටිනා ස්ථානය දැන ගැනීමට GPS පහසුකම හා ගූගල් මැප්ස් (මෑතක සිට ඇපල් සමාගමේම සිතියම් වැඩසටහන) මෙන්ම ගූගල් සෙවුම් යන්ත්‍රයද භාවිතා කරනවා.

සිරී භාවිතාකරන ග්‍රැෆික් නිර්මාණකරුවෙකු සිරී පිලිබඳ සිය මනෝචිත්‍රය ෆොටෝශොප් නිමාණයක දැක්වූ ආකාරය










Comments

  1. හොඳ ලිපියක්,
    බොහොම ස්තුතියි !

    ReplyDelete
  2. Hondai, e unata samahara welawata daha parak ahanna one,,,

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත, දැන් ඇමරිකාවේ මනුස්සයෙක් නඩුවක් දාලා තියෙනවා සිරි, දැන්වීම් වල දාලා තියෙනවා වගේ වැඩකරන්නේ නෑ කියලා....

      Delete
    2. විශේෂයෙන් අපි වචනය උච්චාරනය කරන විදිය ගොඩක්ම බලපානවා..

      Delete
  3. වැදගත් ලිපියක්.බොහොම ස්තූතියි

    ReplyDelete
  4. අම්මට .. සිරි !! මරු ලිපිය. ස්තුතියි ..

    ReplyDelete
  5. එලිසා කියල මේවගේ ප්‍රාතමික මට්ටමේ වැඩසටහනක් ඉස්සර තිබුණා. වොයිස් කමාන්ඩ්ස් නැතිව අපි ටයිප් කරන දේවල් මේ වගේ ඇනලයිස් කරල ඊට ගැලපෙන පිළිතුරු දීමේ හැකියාවක් ඒ වැඩසටහනට තිබුණා. ලංකාවේ අපිට නම් මේ සිරී ගෙන් වැඩ ගන්න හරිම අමාරුයි..

    ReplyDelete
  6. හැබැයි ඔය සිරි වෙලාවකට පිස්සු නටනවා ඒ වෙලාවට තමයි කියවෙන්නේ අප්පට සිරි කියල

    ReplyDelete

Post a Comment