Samsung Galaxy S III - අයිෆෝනය හා සටනට එන අලුත්ම කොරියන් සූරයා


අද සිට (21 June) ඇමරිකාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ වෙළඳපොලට නිකුත්වෙන සැම්සුන්ග් ගැලක්සි S III ජංගම දුරකථනය මෙතෙක් නිකුත්වූ ඇන්ඩ්‍රොයිඩ ජංගම දුරකථනවලින් ඇපල් අයිෆෝනයට හොඳම අභියෝගය දිය හැකි නිර්මාණය බව ජංගම දුරකථන වෙළඳපොල විශ්ලේශකයින් පවසනවා. අද දෙරණ අන්තර්ජාල සංස්කරණයට අනුව මෙහි මිල රු.115,000 ලෙස නියමකොට තිබෙනවා. ඇමරිකාවේ මිල ඩොලර් 199සිට ඉහලට නියමකොට තිබෙන බව අමෙරිකානු වෙබ් අඩවි වාර්තා කරනවා.

නවතම ගුණාංග (features) රාශියකින් සපිරි ගැලක්සි SIII අයිෆෝනයට වඩා ඝනකමින් අඩුවන අතර, අයිෆෝනයට වඩා විශාල අඟල් 4.8ක සුපර් ඇමෝලෙඩ් වර්ගයේ HD LED තිරයකින්ද යුතු වනවා. එපමණක් නොව, මෙහි තිරය අයිෆෝනයේ 960x640 විබේධනයට වඩා ඉහල, පික්සල් 1280x720ක විබේධනයකින් යුක්තයි.

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන ඇන්ඩ්‍රෝයිඩ් 4.0 "අයිස්ක්‍රීම් සැන්ඩ්විච්" අඩංගුකොට නිපදවා ඇති ගැලක්සි SIII සැබැවින්ම ඉහලපෙලේ නිර්මාණයක්.

ගැලක්සි S III හි නවතම ගැජමැටික්ස්....

Smart Stay තාක්ශණය -මෙම තාක්ශණයට අනුව SIII හි ඉදිරිපස කැමරාව සැමවිටම භාවිතාකරන්නාගේ මුහුණ හඳුනාගෙන දෑස් දෙස අවධානය යොමුකරගෙන සිටිනවා (eye tracking). භාවිතාකරන්නාගේ දෑස් දුරකථනයෙන් වෙනතකට යොමුවූ වහාම එය තිරයේ තීව්‍රතාවය අඩුකරගෙන (screen brightness) බැටරි ආරෝපණය සංරක්ශණය කරගන්නවා. නැවතත් භාවිතාකරන්නාගේ දෑස් දුරකථනයට යොමුවූවිට එය ක්ශණිකව බැටරි සංරක්ශක අවස්ථාවෙන් මිදී යලි පණගැන්වෙනවා. - අපේ ලැප්ටොප් වලටත් මේ තාක්ශණය එනවානම් කොතරම් පහසුවක්ද?

Buddy Shot - ඔබ යමෙකුගේ ඡායාරූපයක් මුල්වතාවට ගෙන එම තැනැත්තාගේ නම ඇතුලත්කොට ඡායාරූපය ගබඩාකරගත්විට, එම තැනැත්තාගේ ඊමේල් ලිපිනය හෝ දුරකථනයේ MMS පහසුකම ඇත්නම් ක්ශණයකින් ඡායාරූපය එම තැනැත්තාට යැවිය හැකි අතර, ඉන් පසුව එම තැනැත්තාගේ ඡායාරූපයක් ගන්නා සැමවිටම "tap on the screen" මගින් එම ඡායාරූප අදාල පුද්ගලයාට යැවිය හැකිය. මෙහිදී සිදුවන්නේ SIII ෆෝනය එම තැනැත්තාගේ මුහුණුවර හඳුනාගෙන එය එම තැනැත්තාගේ contact details සමග ගබඩා කරගැනීමයි.

Direct Call - ඔබ යමෙකුට කෙටි පණිවුඩයක් යවමින් සිටීනම් හෝ යමෙකුගෙන් කෙටි පණිවුඩයක් ලැබුණු විට ඔබ ෆෝනය කන ලඟට ගෙන ගියහොත් ෆෝනය ස්වයංක්‍රීයවම එම පුද්ගලයාගේ දුරකථන අංකයට ඇමතුමක් ගනියි. බොත්තම් එබීමක් අවශ්‍ය නැත.

Instant Mute - ඔබට mute ෆෝනය කල යුතුනම් හෝ ඔබ සවන්දෙමින් සිටින ගීතය/වීඩියෝව pause යුතුනම් අත්ලෙන් ෆෝනයේ තිරය වැසීමෙන් ක්ශණිකව එය mute / pause වේ. ෆෝනය මේසය මත තිරය යටට තිබෙන සේ තැබීමෙන්ද මෙයම සිදුවේ.

Near Field Communication - NFC තාක්ශණය ඇති වෙනත් ජංගම දුරකථන සමග ඡායාරූප හා දත්ත හුවමාරුව සඳහා එවැනි දුරකථනයක SIII සෙමින් වැද්දීමෙන් දත්ත හුවමාරුව සිදුවේ.

Camera Features 
  • 8 Megapixel Camera
  • එකපිට එක ඡායාරූප 20 නොනවත්වා ගත හැකි burst mode පහසුකම
  • Best photo feature - burst mode මගින් ගන්නා ඡායාරූප අතරින් හොඳම එක තෝරාදීමටද මෙම ෆෝනයට හැකිය
  • HD වීඩියෝ පටිගතකරන අතරම ස්වයංක්‍රීයව ඡායාරූපද ගැනීම

දුර්වලතා හා විවේචන

S III ෆෝනයේ ප්‍රධානම දුර්වලතාවය ලෙස විචාරකයින් දක්වන්නේ එහි S Voice නම් කටහඬ හඳුනාගැනීමේ වැඩසටහනයි. ඇපල් අයිෆෝනයේ "සිරි" වැඩසටහනට තරඟයක් දෙන්නට මෙම නව තාක්ශණය හඳුන්වාදුන්නද එය සිරි වැඩසටහනට වඩා බොහෝ පිටුපසින් තිබෙන, දුර්වල වැඩසටහනක් බව විචාරකයින් පවසනවා.

අනෙක් විවේචනය නම් මෙම ෆෝනයේ ඇති අතිවිශාල features and settings ප්‍රමාණයයි. මෙම features භාවිතාවට setup කිරීම හා ඉගෙන ගැනීම අපහසු කටයුත්තක් ලෙස ඔවුන් පවසනවා. සැම්සුන්ග් ඉන්ජිනෙරුවන් උවමනාවට වඩා පහසුකම් ගොඩක් ඇතුලුකොට ෆෝනයේ ක්‍රියාකාරිත්වය අනවශ්‍ය ලෙස සංකීර්ණකොට ඇති බවට චෝදනා නැගෙනවා


ගැලක්සි S III තාක්ශණික දත්ත

Network - 2G, 3G HSDPA/HSUPA, 4G LTE (4G LTE තාක්ශණය ඇති ජංගම දුරකථන සමාගම් වලින් පමණි)

Screen - 4.8" Super AMOLED HD, 1280x720
Screen Protection - Scratch proof Corning Gorilla glass

Memory - Upto 64GB internal, Expansion up to 64GB with MicroSD card
Communication - NFC, WiFi, Bluetooth

OS - Android 4.0 Ice Cream Sandwich

CPU - Quad-core 1.4 GHz Cortex-A9
System on Chip (SOC) - Samsung Exynos QuadCore
Graphics Chip - Mali 400MP

Primary Camera - 8MP, Autofocus with LED flash, Burst mode, HD Video
Front Camera - 1.9MP






Comments

  1. තියෙන විස්තර වලට අනුව නම් Apple - iPhone 4S වලට ලේසි වෙන එකක් නෑ වගේ......

    ReplyDelete
  2. ගාණ තමයි කේස්

    ReplyDelete
  3. මම දන්න හැටියට සැමිසුන්ග් ෆොන් එක එටිසලාටි එකෙන් ගන්න පුලුවන් රු 105,000කට. කොහොම උනත් ඇපල් අයිෆෝන්-5 දුරකථනය මෙම වසරේ අවසන් කාර්තුවෙිදි නිකුත් කිරිමට එම සමාගම දැනටමත් කටයුතු කරමින් සිටිනවා කියලා චීනයේ ඇපල් දුරකථන නිපදවන "ෆෝක්ස්කෝන්" සමාගමෙි ප්‍රධාන විධායක නිලධාරි Terry Gou සිය සමාගමෙි කොටස් හිමිකරුවන් සමග ඊයේ ප්‍රකාශ කර තියෙනවා කියලා අද විදෙස් මාධ්‍ය වල ප්‍රවෘත්ති පලකරලා තිබිබා. මොනවා උනත්, අපිට තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න වෙනවා. නමුත් අද රුපියල් ලක්ෂයක් දීලා ගන්න ෆෝන් එකේ වටිනාකම තව මාස 2-3ක් යනකොට රු 30-40 දාහකින් පහල බහින එකයි දරාගන්න බැරි...!!! ස්තුතියි ඔබගේ වටිනා පෝස්ටුවට.

    ReplyDelete
  4. iphne walata wada සැමිසුන්ග් penuma hodai

    ReplyDelete

Post a Comment