රාවණා රජුගේ දඬුමොණර එන්ජිම යලිත් ප්‍රතිර්මාණය කරමු....

දඬුමොණරය මොනවගේද ?

  • එය අහසින් යන ආවරණයක් රහිත පාවෙන අශ්ව කරත්තයක් මෙන් පෙනුණිද?
  • එසේත් නැතිනම් භාරත විමාන චිත්‍රමෙන් පාවෙන මගුල්මඩුවක් මෙන් දිස්වුනිද?
  • නැතිනම් එය පිටසක්වලයින්ගේ පියාඹන පීරිසියක් මෙන් දිස්වුනිද?
  • එසේත් නැතිනම් විශ්ණු දෙවියන්ගේ ගුරුලු වාහනය මෙන් කුරුල්ලෙකුගේ හැඩයක් ගත්තේද?
  • නැතහොත් පෞරාණික ගුවන්යානා ආකෘති ලෙස ඇතැමුන් සලකන රූපාකාරයක් ගත්තේද?
අහසින් යන යානාවක හැඩය තීරණය වන්නේ කෙසේද? නූතන ගුවන්යානා කුරුල්ලෙකුගේ හෝ මාළුවකුගේ රූපාකායක් ගන්නේ හේතු තුනක් නිසාය;

1] එය ගුවන් ගත වීමට හා සමබරතාවය රඳා පවත්වා ගැනීමට අත්තටු අවශ්‍යය
2] වාතය කපාගෙන යාමට සිහින් දිගැටි හැඩයකින් විය යුතුය
3] වායුගති විද්‍යාත්මක නියමයන් හට අවනත විය යුතුය

එහෙත් මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ගුවන්යානයක් බල ගැන්වෙන ප්‍රචාලන උපක්‍රමයයි. සෑම නූතන ගුවන්යානාවක්ම ගුවන් ගත වන්නේ ඉදිරියෙන් ඇති වාතය අවර පෙති හෝ ජෙට් ටර්බයිනයක ආධාරයෙන් පසුපසට තල්ලුකොට ඉන් ලබාගන්නා තෙරපුම යානය ඉදිරියට තල්ලු කිරීමෙනි. මෙලෙස ඉදිරියට තල්ලුවෙන යානය ගුවන්ගත වීමට අත්තටු පිහිටා ඇති හැඩය උපකාරීවේ. මේ හැඩය නිසා තටුවට උඩින් අව පීඩනයකුත්, තටුවට යටින් වැඩි පීඩ්නයකුත් ඇතිවේ, මෙවිට යානය ඉස්සේ. එහෙත් ඉස්සීම රඳා පවතින්නේ ඉදිරියට යන වේගය මතමය. වේගය අඩුවුවහොත් යානය ගුරුත්වාකර්ශණයට නතුවෙයි.

එසේනම් අශ්වකරත්තයකට හෝ මගුල්මඩුවකට ගුවන්ගත වීමට නොහැකිද? හැකිය. උඩින් වේගයන් බ්‍රමණය වන විශාල අවරපෙත්තක් ඇත්නම් එය මගින් පහලට ඇතිකරන තෙරපුම හා අධික පීඩනය අවරපෙත්තට උඩින් ඇති පීඩනයට වඩා වැඩි නිසා එය ඉහලට ඉස්සෙනු ඇත. හෙලිකොප්ටරය ක්‍රියාකරන්නේ මෙලෙසය. උඩින් වේගයෙන් බ්‍රමණය වන අවරපෙත්තක් සවිකලවිට පකිස්පෙට්ටියක් වුවද ගුවන් ගතවෙයි.

ඒ අනුව, ප්‍රචාලන උපක්‍රමය, අන් කිසිවකටත් වඩා යානාවක හැඩය තීන්දු කරයි.

දඬුමොණරයේ ප්‍රචාලන උපක්‍රමය, නැතහොත් සිංහලෙන් කියනවා නම් ඇන්ජිම කුමක්විය හැකිද? 

කුමක් වුවත් එය නූතන ජෙට් යානා, රොකට් හෝ හෙලිකොප්ටර් ප්‍රචාලනය කරන දහන ඇන්ජිමක් විය නොහැකි බව මාගේ මතයයි.

මා එසේ කියන්නේ ඇයි? 

ජෙට්, රොකට්, හෙලිකොප්ටර් යන සියල්ලම (හෙලිකොප්ටර්වල ඇත්තේද ටර්බෝ ජෙට් වර්ගයේ එන්ජිමකි) බල ගැන්වෙන්නේ යම් රසායනික ද්‍රව්‍යයක් (පෙට්‍රෝල්, හයිඩ්‍රජන්+ඔක්සිජන්, හයිඩ්‍රජන්+මධ්‍යසාර හෝ වෙනත් සංයෝගයක්) දහනය කරන ඉතා අකාර්යක්ශම යන්ත්‍ර මගිනි.

මර්කරි වෝර්ටෙක්ස් ඇන්ජිම මනස්ගාතයකි!

දැන් අපි සුප්‍රකට mercury vortex එන්ජිම වෙත හැරෙමු. මෙම රසදිය ඇන්ජිම ක්‍රියාකරනා ආකාරය පිලිබඳ සාධාරණ තර්කයක් හෝ ඉදිරිපත් කිරීමට විමානිකවාදීන් හට නොහැකිවී ඇත. රසදිය සුලි එන්ජිම ගැන ලියවී ඇති ලිපි (මා මේ කියන්නේ වෙබ් අවකාශයේ සිංහලෙන් ලියා ඇති ලිපි ගැන නොව ඉන්ග්‍රීසි බසින් ලියැවුනු ලිපි ගැනයි ) පාදකවී ඇත්තේ විමානිකයේ සඳහන් වී ඇතැයි සැලකෙන රසදිය හා වෝටෙක්ස් හෙවත් සුළිය යන වචන අල්ලාගෙන එම වචන අනුසාරයෙන් කෙසේහෝ මනඃකල්පිත ප්‍රචාලන ක්‍රමයක් මවා ගැනීමෙනි. 

මෙවැනි තවත් "නිර්මාණ උපදෙස්" විමානිකයේ අඩංගුය. උදාහරණයක් ලෙස විමානවේදයට අනුව රෞදී දර්පණය නම් ලේසර් කිරණ අවියක් යයි සැළකිය හැකි බලසම්පන්න අවිය සාදාගැනීමට පහත ක්‍රමවේදය අනුගමනය කලයුතුයයි විමානිකය කියයි....
දර්පණ ප්‍රකරණයට අනුව රෞද්‍රී දර්පණය නිපදවන්නේ මෙසේය.
ඊයම් කොටස් 8ක්, ශාල්මලී කොටස් 3ක්, දුර්වරා කොටස් 7ක්, කඩුපින්ජුර කොටස් 8ක්, දුර්නී කොටස් 21, සුර්ය පළිගු කොටස් 7ක්, රුද්‍රණි ගවෝෂර කොටස් 27ක්, බුලත් කොල කොටස් 6ක්, කෞතිල කොටස් 8ක්, වීරාභර ලින්ග කොටස් 30ක්, ලුණු කොටස් 8ක්, මාතෘණ කොටස් 6ක්, වැලි කොටස් 6ක්, ධිම්බික කොටස් 3ක්, සින්ක් කොටස් 8ක්, හුබස් පස් කොටස් 13ක්, මැලියම් කොටස් 6ක්, කුම්භණි කොටස් 3ක්, මංජු තෙල් 3ක්, තින්නවේලී සෙන්න කොටස් 27ක්, ගෝධාම්ල කොටස් 6ක්, සිල්ක් කපු කොටස් 8ක්, විරින්චි සත්ව කොටස් 8ක්, කන්ද කොටස් 5ක්, කහ හිරියල් කොටස් 3ක්, කර්මුක හෙවත් දුඹුරු ඇකේසියා පොතු කොටස් 7ක් ගෙන හොදින් පිරිසිදු කොට, පිටි වන තෙක් අඹරා උඳුනක බහා නියමිත උෂ්මකයක් බාවිතයෙන් ද්‍රව වන තුරු අංශක 800ක උෂ්ණත්වයට රත් කොට දර්පණ යන්ත්‍රයට වත් කිරීමෙන් රෞද්‍රී දර්පණයක් නිපදවා ගත හැක.
බුළත්කොල, හුඹස් පස්, මැළියම් හා ඇකේසියා ගස් පොතු හා අනෙකුත් අඩුම කුඩුම ඔක්කොම සෙන්ටිග්‍රේඩ් 800ක උදුනක දාලා අවුරුදු 100ක් කාල්ගෑවත් රෞද්‍රී දර්පණය නොවෙයි මූණ බලන කණ්නාඩියක්වත් මතුවේ යයි සිතන්නට පුලුවන්ද? මා මහිදී කරන්නේ රෞද්‍රී නම් අවිය හිතලූවක් යයි / විහිලුවක් යයි කීම නොව, එය සාදාගන්නට දී ඇති අමුද්‍රව්‍ය වට්ටෝරුව ප්‍රශ්ණ කිරීමයි.

ඇයි මා මෙහෙම කියන්නේ? 

මා රාවණා රජු, රාම රාවණ යුද්ධය පමණක් නොව රාවණ මහරජුට අහසේ පියාසර කල හැකි දඬුමොණර නම් ගුවන්යානයක්ද තිබූ බව අදහමි. 

එහෙව් මා මෙසේ කියන්නේ විමාන ග්‍රන්ථය ලියූ ඇත්තන් තම ලියන්නේ මොනවා ගැනදැයි කිසිදු දැනීමකින් තොරව ඇසට පෙණුන හෝ කවුරුන් හෝ කටවචනයෙන් කියූ දෙයක් එලෙසම ලියා තැබූ බව විශ්වාස කරන නිසාය. 

විමාන ග්‍රන්ථය ලියූ ආචාරියාට ගගන විද්‍යාව පිලිබඳ අල්පේච්ඡ දැනුමක් හෝ නොතිබුණු බවත් ඔහු ග්‍රාම්‍ය බමුණෙකු වන්නට ඇති බවත් පෙනෙන්නේ සතුරු යානාවක් දවා හලුකල හැකි අවියක් තනන්නට බුලත්කොල හා ගස් පොතුද ඇවැසි යයි කීමනි. ගගන විද්‍යාව නොව මොනයම්ම විද්‍යා දැනුමක් තිබුණානම් අඩුම ගනනේ බුළත් කොලෙන් ගන්නා යම් රසායනිකයක් යයි ලියන්නට තිබුණා යන්න මගේ තර්කයයි.

රාවණ රජුගේ දඬුමොණරයේ එන්ජිම පිලිබඳව ටෙරන්ස් කහපොල ආරච්චි වන මාගේ කල්පිතය : දඬුමොණරයේ එන්ජිම සුපිරි සන්නායකයකින් නිමැවූ (super conductor), චලනය වන කොටස් නොමැති solid state වර්ගයේ ප්‍රචාලන යන්ත්‍රයකි....

මාගේ තර්කයට හේතු;

1] සුපිරි සන්නායක යනු මර්කරි වෝටෙක්ස් වැනි හිතලූවක් නොව දැනට පවතින විද්‍යාත්මක ද්‍රව්‍යයකි

2] සුපිරි සන්නායකයක් චුම්බක ක්ශේස්ත්‍රයක් මත පාවේ

3] අප ජීවත්වන පෘථිවියද චුම්බක ක්ශේස්ත්‍රයකි, එනම් ප්‍රභල සුපිරි සන්නායක ද්‍රව්‍යවලින් නිපදවූ යානයකට මගීන් හා අවිආයුධද දරාගෙන පාවීමට හැකියයි උපකළ්පණය එතරම් අභව්‍ය නොවේ.
විද්‍යාප්‍රබන්ධයකට ඔබ ගෙනයන්නේනම්;

අවතාර් චිත්‍රපටියේ පාවෙන කඳු ඔබ දැකින්නට ඇති. ඒවා පාවෙන්නේ ඇයි? එය ජේම්ස් කැමරන් අද්‍යක්ශකවරයාගේ හිතලූවක් නොව එය ඔහුට උපදෙස් දුන් විද්‍යාවේශේශ්ඥයි තාත්වික හා විද්‍යාත්මක යයි අනුමත කල දර්ශණයකි.

මෙම කඳු පාවෙන්නේ ඒවා ස්වාභාවිකව පැන්ඩෝරා ග්‍රහලෝකයේ හටගන්නා සුපිරි සන්නායක ද්‍රව්‍යයකින් සෑදී ඇති බැවිනි. සුපිරි සන්නායක කඳු පැන්ඩෝරා ග්‍රහලෝකයේ චුම්භක ක්ශේස්ත්‍රයේ පාවෙයි.

මෙම තර්කයේ දැනට ඇති ප්‍රායෝගික ගැටළු

1] දැනට නිපදවා ඇතින් සියලු සුපිරි සන්නායක, එම සුපිරි සන්නායක ගුණය පෙන්වන්නේ අධිශීතනය කොට ඇති අවස්ථාවලදී පමණකි.

2] කාමර උශ්ණත්වයේ හෝ ඊටවඩා වැඩි උණුසුමකදී සුපිරි සන්නායක ගුන පෙන්නවන් ද්‍රව්‍යයක් තවමත් සොයාගෙන නැත. එහෙත් එවැනි ද්‍රව්‍යයක් සොයාගැනීම/නිර්මාණය සඳහා දියුණු රටවල් ඩොලර් බිලියන ගණන් පරියේෂන සඳහා වසරකට වැය කරයි.

එබැවින්, පරණ පොතක තිබෙන වට්ටෝරුවක් වන රසදිය සුලියකට වඩා දැනටත් විද්‍යාගාරවල නිමැවෙමින් පවතින, ප්‍රායෝගිකයයි විද්‍යාඥයින් පිලිගන්නා සුපිරි සන්නායක එන්ජිම, රාවණ රජුගේ දඬුමොණර බලගැන්වූ ප්‍රචාලන එන්ජිම ලෙස සැළකීම වඩාත් තර්කානුකූල බව මගේ හැඟීමයි. 

රාවණා රජුගේ හතුරන් වූ රාමා/හනුමාන් අදහන හින්දූන් පවා මිහිපිට පහලවූ අතිශයින්ම බුද්ධිමත් නරපතියෙක් ලෙස රාවණා රජු සළකයි. මෙය මාගේ හිතලූවක් නොව සත්‍යයකි. හින්දූන්, රාවණ මිහිපිට පහලවූ ඥාණාන්විතම පුද්ගලයෙකු ලෙස අදටත් හඳුන්වයි. එවන් රජෙකුගේ තාක්ශණය පිලිබඳව සාකච්ඡා කිරීමේදී පැරණි වට්ටෝරුවලට වඩා විචාර බුද්ධියට හා තර්කනයට ඉඩදීම රාවණ රජුට කරන්නාවූ ගෞරවයකි.





Comments

  1. දිගටම ලියපන්... වෙන ලියන අයට වැඩිය අතීත වර්තමාන තාකෂණ ගලපලා සුපිරියට ලියනවා.... පට්ටයි....

    ReplyDelete
  2. මම රාවනා වාදියෙක් නෙමෙයි...හැබැයි පොඩි ප්‍රශ්නයක්...දැන් ආයුර්වේදය ගත්තත් බෙහෙත් හදන්නෙ ගස් පොතු.. මල් කොල වලේ ජාති කවලම් කරලනේ... ඒත් සුද්ද ඒ බෙහෙත් හදන්නෙ කෙලින්ම රසායනික ද්‍රවය කවලම් කරලනේ අපි හිතමු විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති බඹුනෙක් මේක ලිවුව කියල... එයා මේ එක එක දේවල් මේකට ගස් පොතු මල් තව තව ජාති දාන්න ඕනෙ කියල තියෙනවනේ ..ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි ඔය දැන් මේ තාකෂණය ගැන පරීකෂණ කරන අය එක එක රසායනික ද්‍රව්‍ය වෙන වෙනම දාන එකනේ කරන්නෙ... ඉතින් ඒ කාලෙ හිටපු අය මේකට උවමනා රසායනික ද්‍රවය පරිසරයෙන්ම ගත්තද කියල කවුද දන්නෙ?? අනික තමයි අපි නිකමට හිතමු කොහේහරි ස්ථානයකට යන්න පාරවල් 2 ක් තියෙනවා... එක පාරක් ගොඩක් දුරයි.. පාරෙ වලවල්.. පාර අන්තිමයි කියල... තව පාරක් තියෙනවා පාර සුපිරි කාපට් කරල පාරෙ දුරත් අඩුයි... ඉතින් මේ කෙටි පාර පුරාණ තාකෂණයට සමාන කරල... අනික සුද්දගෙ තාකෂණයට සමාන කලොත්....

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි කසුන්...........ආයූර්වේදය හා බටහිට වෛද්‍ය ක්‍රමය ගත්තවිට ඔයාගෙ තර්කය හරි. උදාහරණයක් විධියට පෙනිසිලින් හොයාගත්තේ පුස්වර්ගයකින්....අහම්බෙන්වගේ. එතකොට බටහිර විද්‍යාවේ පිරිසිදු පෙනිසිලින් කියන රසායනිකය දෙනකොට ආයූර්වේදයේ පුස් වර්ගයක් මිරිකලා දෙනවා කියලා උපකල්පණය කලහොත් ඔය දෙකම එකයි. මාර්ග දෙකයි ප්‍රථිපලය එකයි.

      මම ගත්ත උදාහරණය ඔය රෞද්‍රී කියන දර්පණය. ඕක විස්තරය හැටියට ඕක එක්කෝ ලේසර් කිරණ ආයුධයක් නැතිනම් සොනික් ආයුධයක් (අති ප්‍රභල ශබ්ද තරංග )

      ඔබම හිතලා බලන්න, ඔබ ඔය කියන වට්ටෝරුව තම්බලා ගත්තම ඔබට ප්‍රභල ලේසර් ආයුධයක් මැවී පෙනේවිද? එය කිසිසේත්ම තාත්විකද?

      ආයුර්වේදයේ ගස් පොතු අඹ්හරාදීමෙනුයි, බටහිර වෙදකමේ කෙලින්ම ශුද්ධ කරණ ලද රසායණිකය දීමයි සමානවූවාට මෙය එලෙස සමානකල නොහැකිය කියන්නේ ඒ නිසයි.

      Delete
  3. කරල බලල නෑ නේ මචන්... ඒක නිසා උඔත් එක්ක තර්ක කරන්න බෑ..... අපි මෙහෙම හිතමු... දැන් දර්පනය කියන්නේ වීදුරුවක් කියල හිතුවොත්... මේ කියල තියෙන ටික උනුකරල අපිට වීදුරුවක් වත් හදන්න බැරි වෙයිද?? අනික ඕකෙ කියල තියෙනවනේ... ඕක වැඩ කරන්නෙ සූර්යාලෝකයෙන් කියල... මෙහෙම දෙයක් හිතන්න බැරිද?? නිකන් සෝල පැනල් එකක් වැඩ කරන විදියට මේකෙ තියෙන කෙමිකල් එකත් එක්ක ප්‍රථික්‍රියා කරල යම් කිරණ විශේෂයක් නිපදවෙනව කියල... අනික මචා ඇයි උඔ කියන්නෙ mercury vortex එක පචයක් කියල...

    ReplyDelete
    Replies
    1. +++ මේ කියල තියෙන ටික උනුකරල අපිට වීදුරුවක් වත් හදන්න බැරි වෙයිද?? +++


      බැහැ....වීදුරු හදන්නේ සිලිකා වැලි වලින්. නිකම් වැලි වුනත් ඉතා අධික ලෙස රත්වුනාම (න්‍යශ්ඨික පිපිරීමක තාපය වගේ ) වීදුරු වෙනවා.

      වැඩිදුර විස්තර : http://en.wikipedia.org/wiki/Glass#Glass_ingredients

      කසුන්, මගේ ඊලඟ ලිපිය බලන්න.....මම මර්කරි වෝටෙක්ස් එන්ජිම ප්‍රායෝගිකද නැද්ද කියන එක ගැන සාකච්ඡා කරනවා....

      Delete
  4. පෙරදිග සංකල්පයක් බටහිර විද්‍යාවට අනුව පැහැදිලි කිරීමට ගත්ත හොඳ උත්සාහයක්. ඒත්...,

    ReplyDelete
  5. ජෙට්, රොකට්, හෙලිකොප්ටර් යන සියල්ලම (හෙලිකොප්ටර්වල ඇත්තේද ටර්බෝ ජෙට් වර්ගයේ එන්ජිමකි) බල ගැන්වෙන්නේ යම් රසායනික ද්‍රව්‍යයක් (පෙට්‍රෝල්, හයිඩ්‍රජන්+ඔක්සිජන්, හයිඩ්‍රජන්+මධ්‍යසාර හෝ වෙනත් සංයෝගයක්) (දහනය කරන ඉතා අකාර්යක්ශම) යන්ත්‍ර මගිනි.

    ඇයි මේ අකාර්යක්ෂමයි කියල කියන්නේ?

    අර වෛමානික ශාස්ත්‍ර පොතේ තියෙන රෞද්‍රී දර්පණය හදන්න ඕන අඩුම කුඩුම ටික දාල එකක් හදල බලමුද ඔය වගේ දර්පනයක් හැදෙයිද කියල.... මට නං කවුරු මොන තර්ක කරත් ෂුවර් එකක් නෑ කරල බලනකං... මොකද බන් තාම මේ විද්‍යාවෙන් හැමදේම හැම න්‍යායම හොයාගෙන නෑ නේ....

    ReplyDelete
    Replies
    1. ඒක හරි මචෝ. අපිට හැමදේම එකපාර විෂය වෙන්නේ නැ නේ. අනික නවීන විද්‍යාව මත පදනම් වෙලා මේ දේවල් එකපාර ප්‍රතික්ෂේප කරන්න බැ කියලය මම හිතන්නේ. නවීන විද්‍යාවට විෂය නොවූ තව කොච්චර දේවල් තිබිය හැකි ද මේ මිහිපිට.

      Delete
  6. aththatama mama me site ekata log wela thama week 1k wath ne.but i realy interested abuot this site.Terence ayye mata podi problems wagayak thiyenawa.
    1.Rawana king ge kale "Wishwa Chakraya" kiyala deyak thibila thiyenawa.Randiwa newspaper eke thamai me ge article ekaka thibbe.eken thamai mamath ae gena denagaththe.man kemthi thawa details tikak denaganna.man hithnawa terence ayyata me gena denumak athi kiyala.poddak ae gena wisthara hoyala update karaoth godak aya me gena dena ganiewi kiyala wish wasa karanawa.(Newspapaper - RANDIWA(Sundya)- Sub.-Chathurasraya)

    ReplyDelete
  7. සුපිරියි වර්ගපූර්නිකාවේ එන විහිලු කතා තමයි ඔය මී ජය විකාරෙන් ලියන ඒවා එහෙම යානයන් තිබුන උනත් ඒකෙ තාක්ශනේ අභිරහසක්

    ReplyDelete

Post a Comment