යුධ සෙබළුන්හට යෝධ බල දෙන robotic exo-skeleton හෙවත් යාන්ත්‍රික පිට සැකිල්ල


ඔබ ජේම්ස් කැමරන්ගේ අවතාර් (Avatar) චිත්‍රපයට නරඹා ඇතිවාට සැක නැත. පෘථිවියට ආලෝක වර්ෂ 4.37 ඈතින් පිහිටි ඇල්ෆා සෙන්ටෝරි නම් සෞරග්‍රහ මණ්ඩලයේ ඇල්ෆා සෙන්ටෝරි සූර්යයා වටා බ්‍රමණය වන පොලිෆීමස් නම් බ්‍රහස්පතී වැනි යෝධ ග්‍රහයෙකි. බ්‍රහස්පතීට මෙන්ම පොලිෆීමස් ග්‍රහයාටද චන්ද්‍රයින් ගණනාවක් ඇති අතර පැන්ඩෝරා ඉන් එක් චන්ද්‍රයෙකි. නාවී නම් මනුශ්‍යරූපී (humanoid) බුද්ධිමත් ජීවීන් වාසය කරන මෙම ග්‍රහලෝකයේ "උනොබ්ටේනියම්" නම් සුපිරි සන්නායක මිශ්‍ර ලෝහය විශාල වශයෙන් හමුවේ. අතිශය දුර්ලභ ලෝහයක් වන "උනොබ්ටේනියම්" වල ඇති සුපිරි සන්නයක ගුණය නිසා එය මනුශ්‍ය වර්ගයාට ඉතා වටිනා වන අතර පැන්ඩෝරා ග්‍රහලෝකයේ "උනොබ්ටේනියම්" උකහා ගැනීමේ පතල් කර්මාණ්තය ආරක්ශා කිරීමට යෙදවූ කොමාන්ඩෝ භට ඛන්ඩයක් හා පැන්ඩෝරා වැසියන් වන නාවි අතර ඇතිවෙන ගැටුම අවතාර් චිත්‍රපටයට පාදක වී ඇත. 

වර්ශ 2154දී දිගහැරෙන මෙම කතාවස්තුවේ දැනට ප්‍රබන්ධ ලෙස ගතහැකි නවීන අධිතාක්ශණික උපකරණ, අවිආයුධ හා යන්ත්‍රසූත්‍ර භාවිතා කරයි. මෙම මිනිස් භටකණ්ඩායම අධික බර ඔසවාගෙන යාමටත්, රුදුරු වනසතුන් වෙසෙන පැන්ඩෝරා ඝණ වනාන්තරවල නිරුපද්‍රිතව ගමන් කිරීමටත්, සටන් වැදීමටත් "Amplified Mobility Platform" හෙවත් Amp Suit නම් යන්ත්‍රයක් භාවිතා කරයි. 

අවතාර් චිත්‍රපටියේ ඇම්ප් සූට් යන්ත්‍රය
මෙම යන්ත්‍රයට ඇතුලුවෙන ක්‍රියාකරුවා යන්ත්‍රයේ ඇති සංවේදක සිය සිරුරට සවිකරගත් විට යන්ත්‍රයේ ඇති පරිගණක මෙහෙයුම් කරුවාගේ අතපය චලනයවීම් හා මස්පිඩු චලනය වීම් හඳුනාගෙන යන්ත්‍රයේ අතපය ඒ ආකරයට මෙහෙයවයි. යන්ත්‍රය ක්‍රියාකරවන්නා එය තුල සිටිමින් සිය සුරත එසවූවිට එම චලනය හඳුනාගන්නා පරිගණක යන්ත්‍රයේ රොබෝ සුරතද ඒ අනුප්‍රමාණයෙන් ඉහලට ඔසවයි. ඒ අනුව යන්ත්‍රය එය තුල සිටිනා ක්‍රියා කරුවා සිදුකරන සෑම චලනයක්ම නිවැරදිව අනුකරනය කරයි. 

පැන්ඩෝරා කොමාණ්ඩෝ බළකායේ අණදෙන නිළධාරී කර්නල් ක්වරිට්ක් ඇම්ප් යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට සැරසෙමින්.
 මෙවැනි යන්ත්‍ර රොබෝමය පිටසැකිලි හෙවත් ලෙස හඳුන්වන අතර අවතාර් වැනි විද්‍යාප්‍රබන්ධ දකින්නට ලැබුනාට දැනටමත් මෙම එක්සෝස්කෙලීටන් තාක්ශණය අමෙරිකානු යුධ හමුදාව මගින් දියුණකරමින් තිබෙනවා. මෙයින් වඩාත්ම වැඩි දියුණුවට ලක්වී ඇත්තේ Human Universal Load Carrier (HULC) ලෙස හඳුන්වන එක්සෝස්කෙලිටන් නිර්මාණ ව්‍යාපෘතියයි. 

ප්‍රමුඛ පෙලේ අමෙරිකානු ආරක්ශක සමාගමක් වන ලොක්හීඩ් මාටින් (LockheedMartin Defense Systems) සමාගම මගින් නිර්මාණය කර ඇති මෙම රොබෝ එක්සෝස්කෙලිටන් යන්ත්‍රය මේ වන විට විද්‍යාගාර පර්යේශණ අවසන්කොට ක්ශේස්ත්‍ර පරීක්ශණ මට්ටමට ලඟාවී තිබෙනවා. පහත ඡායාරූප වල දැක්වෙන්නේ අමෙරිකානු සෙබලු HULC යන්ත්‍රය විවිධ ක්ශේස්ත්‍ර පරීක්ශණ වලට බඳුන් කරන ආකාරයයි.


සැහැල්ලු එහෙත් වානේ මෙන් ශක්තිමත් ටයිටේනියම් වලින් නිපදවා ඇති HULC යන්ත්‍රය හයිඩ්‍රොලික් ඇකියුටේටර් මගින් ක්‍රියාත්මක වේ. යන්ත්‍රයේ ඇති පරිගණකය මගින් එය පැලඳ සිටින්නාගේ ශාරීරික ක්‍රියාකාරකම් නිවැරදිව හඳුනාගෙන යන්ත්‍රයේ දෑත් හා පාදවලට නිවැරදිව විධානයන් දෙන නිසා පලඳින්නාට අපහසුවකින් තොරව එය පැලඳගෙන යා හැකිය. හයිඩ්‍රොලික් ඇකියුටේටර් වලට බලය ලබාදෙන්නේ අධිබල බැටරියක් මගිනි. යන්ත්‍රය නිර්මාණය කොට ඇත්තේ පලඳින්නාට රාත්තල් 200ක් බරක් (කිලෝග්‍රෑම් 90ක් පමණ) සැතපුම් 20ක් වැනි දුරක් යා හැකි ලෙසය. මෙම බර ප්‍රමාණය කෙතරම්දැයි අවබෝධ කරගැනීමට සිමෙන්ති කොට්ට්යක බර කිලෝග්‍රෑම් 50ක් බව සලකන්න. එනම් HULC යන්ත්‍රය සෙබලෙකුට යුධ බිමක් මැදින් සිමෙන්ති කොට්ට දෙකකට ආසන්න බරක් රැගෙන සැතපුම් 20ක දුරක් පහසුවෙන් යාමට උපකාර කරයි. පලඳින්නා ගෙනයන බර යන්ත්‍රය මගින් දරාගන්නා අතර එය පලඳින්නාට වෙර දරන්නට නොසිදුවෙන ලෙස නිර්මාණය කොට ඇත.

HULC නිර්මාපකයා වන රේතියෝන් සමාගම පවසන ආකාරයට මෙම යන්ත්‍රය පැළඳගත් සෙබලෙකුට සාමාන්‍ය ආකාරයට ඇවිදීමට, පැනීමට, බඩගාගෙන යාමට, කඳු නැගීමට හා ඇණ තබාගෙන සිටීමට හැකියාව ඇත.

අමෙරිකන් යුධහමුදාව දැනට HULC පද්ධතියේ මෙම හැකියාවන් යුධ තත්වයන් යටතේ ක්‍රියාකරන ආකාරය පිලිබඳව දැඩි ලෙස පරීක්ශාවට බඳුන්කරන අතර HULC පද්ධතිය පැලඳගත් සෙබලුන් හා එවා පැලඳ නොගත් සෙබලුන් හට එකම ප්‍රමාණයේ බරක් රැගෙන එකම දුරක් යුධ බිමක් මැදින් ගමන් කිරීමේදි HULC පැලැඳගෙන සිටින්නාට ලැබෙන වාසි මොනවා දැයි සොයා බැලේ. විශේෂයෙන්ම සෙබලුන්ගේ ඔක්සිජන් භාවිතය, මාංශපේශීවල විඩාව, තෙහෙට්ටුව යන කරුණු පරික්ශාවට බඳුන් කරන අතර HULC පැළඳගෙන සිටින සෙබලුන් හට මේ අංශ වලටදී විශේෂ වාසි ඇත්දැයි සොයා බැලේ. දැනට ලැබී ඇති දත්ත අනුව HUළ්C පද්ධතිය යුධ සෙබලෙකු භාවිතාකරන ඔක්සිජන් ප්‍රමාණය 15% අඩු කිරීමට සමත්ය. ඔක්සිජන් භාවිතය අඩුවීම යනු සෙබලෙකු ගන්නා ආයාසය අඩුවීමකි. මෙය යුධබිමේ දී සෙබලෙකු අත්විඳින තෙහෙට්ටුව මගහරවා ගැනීමට විශාල උපකාරයකි.

මීට අමතරව HULC පද්ධතියේ බල සැපයුම පැය 72ක් දක්වා (දැනට පැය 20කි) වැඩිකරගත fuel cell හැකි නම් තාක්ශණයක් අත්හදා බලමින් තිබේ.

HULC පද්ධතියේ ක්‍රියාකාරිත්වය විස්තර කෙරෙන ලොක් හීඩ් මාටින් සමාගම නිකුත්කල නිල වීඩියෝව නරඹන්න.

 රේතියෝන් සමාගමේ XOS2


XOS2
 HULC එක්සෝස්කෙලිටන් ව්‍යාපෘතියට සමගාමීව තවත් අමෙරිකානු ආරක්ශක නිර්මාණ සමාගමක් වන රේතියෝන් සමාගම නිර්මාණය කරන XOS2 (eXOSkeleton2) පිටසැකිල්ල. මෙය පැලඳගත්විට යුධ සෙබලෙකුට සිය සාමාන්‍ය ශරීර ශක්තිය මෙන් 17ත් ගුණයක ශක්තියක් ලැබෙන බව පැවසෙනවා.












Comments