නට්සීන් තිබ්බතයෙන් කොල්ලකන ලද, උල්කාපාතයකින් නිර්මිත පිලිරුව බුදුන්වහන්සේගේ නොවේ?


1937වසරේදී හිට්ලර්ගේ නට්සි SS බළකාය විසින් ටිබෙට්දේශයෙන් කොළ්ලකා ජර්මනිය වෙත රැගෙන ගිය ප්‍රතිමාව බුදුන්වහන්සේගේ ප්‍රතිමාවක් නොවන බව බටහිර පුරාවිද්‍යාඥයින් ප්‍රකාශකරයි.

වසර 1000ක් පමණ පැරණි යයි සැලකෙන මෙම ප්‍රතිමාව නිර්මාණය කොට ඇත්තේ මීට වසර 15,000කට පමණ පෙර, දැන් නැගෙනහිර සයිබීරියාව හා මොන්ගෝලියාව අතර දේශසීමා ප්‍රදේශයට කඩාවැටුනු දැවැන්ත උල්කාපාතකින් ලබාගත් කොටසකිනි. මෙම උල්කාපාතයේ ශේෂවුනු කොටස්, 1913දී රන් ඉල්ලම් සොයමින් නැගෙනහිර සයිබීරියාවේ ගවේශණයක යෙදුනු කණ්ඩායමකට හමුවී ඇති අතර, ඔවුන් එම උල්කාපාතයේ කොටස් බටහිර පර්යේශණාගාරවලට යවා ඇත. එම පර්යේශණාගාරවල සිදුකරන ලද විශ්ලේෂණවලදී මෙම උල්කාපාතය අධික නිකල් හා යකඩ සංයුතියකින් යුතු ඉතා දුර්ලභ මිශ්‍රලෝහ වර්ගයකින් සෑදී ඇති බව සොයාගෙන ඇත.

1937 වසරේදී නට්සි ජර්මනියට ගෙනා මෙම පිලිරුව පිලිබඳ තොරතුරු අනාවරණය වූයේ එහි අයිතිකරු මියයාමෙන් පසුව එය උරුමවුනු ජර්මන් ජාතිකයා එම පිලිමය පිලිබඳව වැඩිදුර තොරතුරු සොයාගැනීම සඳහා ස්ටුට්ගාර්ට් විශ්වවිද්‍යාලයේ ආචාර්ය එල්මාර් බුශ්නර් මහතාට ලබාදුන් පසුවයි. මෙම පිලිරුව නිර්මාණය කොට ඇති ද්‍රව්‍යයේ සංයුතිය මීට වසර 15,000පෙර කඩාවැටී, 1913වසරේ සොයාගත් උල්කාපාතයේ රසායනික සංයුතියට හැම අතින්ම සමානබව හෙලිවුනු විට ආචාර්ය බුශ්නර් හා ඔහුගේ පර්යේශණ කණ්ඩායම විමතියට පත්වුනා.

ඔවුන්ගේ මතයට අනුව, මෙම පිලිරුවේ නිර්මාපකයින් කඩාවැටුනු උල්කාපාතයෙන් ලබාගත් කොටසකින් මීට වසර 1000කට පමණ පෙර මෙම පිලිරුව නෙළා තිබෙනවා.

පිලිරුව බුදුන්වහන්සේගේ නොව උතුරු දෙසට අධිපති වෛශ්‍රවණ නම් බෞද්ධ රජුගේ?

පිලිරුව පිලිබඳව පර්යේශණ කරන විද්‍යාඥයින්ට අනුව මෙය බුදුන්වහන්සේගේ පිලිරුවක් විය නොහැක්කේ එම පිලිරුවෙන් බුදුවරයෙකුගේ රුවකින් විහිදුවන ශාන්තිය විහිදුවන ශාන්තිය වෙනුවට යම් ආකාරයක රාජාසනයක් අරා සිටින ප්‍රෞඩ පුද්ගලයෙකුගේ පෙනුමක් තිබෙන බැවිනි. එමෙන්ම ඔහු පාවහන් පැළඳගෙන සිටින ආකාරයක් පෙනෙන අතර බුදුන්වහන්සේ හෝ සංඝයාවහන්සේ පාවහන් පැලඳගෙන සිටින ආකාරය නිරූපනය වන පිලිම හෝ සිතුවම් ඇත්තේම නැති තරම්ය.

බෞද්ධ හා හින්දු ජනප්‍රවාද වලට අනුව වෛශ්‍රවණ බෞද්ධ හා හින්දු ජනප්‍රවාද වලට අනුව වෛශ්‍රවණ යනු චතුර්මහාරජවරුන්(සිංහල යෙදුමට අනුව සතරවරම් දෙවිවරු) ගෙන් එක් අයෙකි. ආළකමන්දා නම් නගරයක ජීවත්වන ඔහු යක්ශයින්ගේ අධිපතිවේ. බුදුන් සරණ ගිය උපාසකයෙකු ලෙස ථේරවාද බෞද්ධ දර්ශණයේ පිලිගැනෙන වෛශ්‍රවණ ඉතා ත්‍යාගශීලී වන අතර නපුරට එදිරිව සටන්වදින්නෙකු ලෙස ප්‍රකටය. වෛශ්‍රවණගේ ත්‍යාගශීලිත්වය නිරූපණය කිරීමට සමහර වෛශ්‍රවණ පිලිරූවල මුඛයෙන් රන්-රිදී ආභරණ විසිවෙන ආකාරයකින් නෙලා ඇති අතර ඔහ්ගේ සමහර පිලිරූවල මුගටියෙකු නෙලා ඇත. තන්හාව හා ක්‍රෝධය නිරූපනය කෙරෙන නාගයාගේ සතුරාවන මුගටියා වෛශ්‍රවන සමග නිරූපණයකොට ඇත්තේ ඔහු නපුරට එදිරිව සටන්වදින්නෙකු යන්න පිලිබිඹු කිරීමටය.

නට්සීන් තිබ්බතයේ ගවේශණවල යෙදුනේ ඇයි?

නට්සීන් විසින් ටිබෙට් දේශයේ සිදුකල ප්‍රධාන ගවේෂණ චාරිකාව 1938-1939 වසරවලදී සිදුකරන ලදී. අර්නස්ට් ශාෆර් නම් නට්සි සත්වවිද්‍යාඥයාගේ මූලිකත්වයෙන් සිදුකෙරුනු මෙම ගවේෂණ චාරිකාව නට්සීන්ගේ ප්‍රධානතම ආරක්ශක බලකායක් වූ SS බලකායේ ප්‍රධානී හෙන් රික් හිම්ලර්ගේ පෞද්ගලික අනුග්‍රහයෙන් සිදුවිය.

ගවේෂණය සඳහා මූල්‍යදායකත්වය ලබාදුන්නවුන් හට විවිධ විද්‍යාත්මක අරමුණු දක්වා සිටියත්, මෙම ගවේශණයේ සැඟවුනු අරමුණ වූයේ නස්ට්සීන් විශ්වාසකල පෞරාණික ආර්ය-ජර්මන් ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය ටිබෙට් සානුව බවට සමහර නට්සි විද්වතුන් තුල වුනු මතය සත්‍යය දැයි සොයාබැලීම බව පැවසෙනවා.









Comments

  1. මේ පිළිබද වැඩිදුර තොරතුරු මෙම ලිපියෙන් දැනගත්තා. ස්තුතියි

    ReplyDelete
  2. සිරා ලිපියක් සහෝ. ඔයාගේ සයිට් එකත ගොඩක් හොඳයි. දිගටම ලියන්න.
    නට්සින්ගේ ටිබෙට් ආක්‍රමණය ගැනත් වැඩි විස්තර ලියන්න පුලුවන්නම් වටිනවා.

    ReplyDelete

Post a Comment