1867දී රුසියාවේ දෙවන ඇලෙක්සැන්ඩර් සාර් රජු, එවක මුදල් වලින් ඩොලර් මිලියන 7.2කට ඇමරිකාවට විකුණා දැමූ ඇලස්කාව ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාභාවික සම්පත් (බොරතෙල්, ගෑස්, ලොව විශාලතම පිරිසිදු මිරිදිය ජල සම්පත, ඛණිජ වර්ග) වලින් අතිශයින්ම පොහොසත් වූත්, ස්වභාව සෞන්දර්‍යයෙන් අනූනවූත් භූමි ප්‍රදේශයකි. අමෙරිකාවේ අඩුම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තය වූ ඇලස්කාව වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයටයි.
ස්වභාව සෞදර්යයෙන් හා සම්පත්වලින් ගහන ඇලස්කාව අනාගත පරම්පරාවන් සඳහා ආරක්ශාකර ගැනීම සඳහා දූරදර්ශීව ක්‍රියාකල ඇමරිකානු රජයන් හා කලින් කලට පත්වුනු ජනාධිපතිවරුන් එහි භූමි ප්‍රමාණයෙන් අක්කර මිලියන 54ක් ජනතාවට දැකබලාගත හැකි ආරක්ශිත ජාතික වනෝද්‍යාන බවට පත් කොට ඇත. ග්ලැසියර් බේ ජාතික වනෝද්‍යානය, ඩෙනාලි ජාතික වනෝද්‍යානය, කෙනායි ෆියෝඩ ජාතික වනෝද්‍යානය, ගේට්ස් ඔෆ් ආක්ටික් ජාතික වනෝද්‍යානය, කෝබුක් නිම්න ජාතික වනෝද්‍යානය, කට්මායි ජාතික වනෝද්‍යානය, ලේක් ක්ලාක් ජාතික වනෝද්‍යානය යන වනෝද්‍යාන 7ක් ඇලස්කාව තුල සංචාරකයින් සඳහා පිහිටුවා ඇත.
මීට අමතරව තවත් අක්කර මිලියන ගණනක ප්‍රදේශ මිනිසුන්ට ඇතුලුවීම තහනම් කරන ලද අධි ආරක්ශිත වනාන්තර බවට පත් කොට ඇත. විශාල මෙන්ම ඉතා දුර්ලභ රාජාලි විශේෂයක් වන හිස සුදු රාජාලියන් 3000කට අධික ප්‍රමාණයක් නිජබිම කරගත් හයිනෙස් ප්‍රදේශය මෙවන් අධි ආරක්ශිත කලාපයකි.
ඇලස්කාව නිජබිම කරගත් වන සතුන් අතර, ගෝනුන් (moose), පිනිමුවන්, Dall sheep නම් කඳුකර බැටළුවන්, කඳුකර එළුවන් (mountain goats), දුඹුරු වළසුන්, කළු වළසුන්, වෘකයින්, musk ox නම් ගව විශේෂය දැක ගත හැකිය. මීට අමතරව පක්ශි වර්ග 430ක් වාසය කරන අතර ඇලස්කාව අවට මුහුදු තීරයේ, විශේෂයෙන්ම ප්‍රින්ස් විලියම්ස් සවුන්ඩ් ලෙස හඳුන්වන මුහුදු ප්‍රදේශයේදී තල්මසුන් දැක ගත හැකිය. මීට අමතරව මුහුදු සිංහයින්, දිය බල්ලන් (sea otter), තල්මසුන් වර්ග 16ක්, සීල් මත්සයින් හා වර්ලස් දැකගත හැකිය.
බොහොම ලස්සන රටක්..මං ස්තුති වන්ත වෙනවා තොරතුරැ දැම්මට රෑපත් සමඟම. මම ගොඩක් වෙලාවට ඩිස්කවරි වගේ චැනල් වල එක එක රටවල ඩොකියුමන්ටරි නරඹලා තමයි පරිසරය අත්විඳින්නේ..අපිට කොයින්ද ඉතින් රට රාජ්ජ ලැම්බොගිනි අඩුවට දෙන ලංකාව මිස..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ඇලෙස්කාව ලස්සනයි. හරිම ලස්සනයි. ඒත් මට නම් ලංකාව තරම් ලස්සන නෑ.
ReplyDeleteමාර ලස්සනයි. ඉතාම වැදගත් තොරතුරු ටිකක්. හැබැයි පොඩි පැමිණිල්ලක් තියෙනවා ඔබ දන්නා විදියට මම ඔබේ ලිපි සියල්ලම කියවපු කෙනෙක් නමුත් මේ ලඟකදී ඉඳල ඔබ ලිපි කෙටිකරන හැටියක් මට පේන්නට තියෙනවා. හැකි කමක් වෙතොත් දීර්ඝව ලියන්න. මොකද මේ වගේ බ්ලොග් අඩවි සිංහලෙන් තියෙන්නේ මේකයි තව කිහිපයකුයි පමණයි. ඉතින් ඒවා වඩාත් හරවත් රසවත් වෙන එකටැ අපි වඩාත් කැමතියි.
ReplyDelete