McDonnell Douglas/Boeing F 15 Strike Eagle: ගුවනේ බළපරාක්‍රමය රඳවාගත හැකි, 4වැනි පරම්පරාවේ බහුකාර්ය ජෙට් ප්‍රහාරක යානාව


McDonnell Douglas F 15 Strike Eagle

මැක්ඩොනෙල් ඩග්ලස් F15 ස්ට්‍රයික් ඊගල් යානය සියලු කාළගුණ තත්වයන් යටතේ බහුකාර්ය මෙහෙයුම්වල යෙදැවිය හැකි යානයකි. සහයක යානා හෝ පරිවාර යානා නොමැතිව දිගුදුර මෙහෙයුම්වල යෙදීම සඳහා නිර්මාණය කොට ඇති මෙම යානය අධිවේගී යානා ගණයට අයත්ය.

1976 වසරේ අමෙරිකානු ගුවන් හමුදාවට හඳුන්වාදුන් මැක්ඩොනෙල් ඩග්ලස් F15 ඊගල් ප්‍රහාරක යානයේ වැඩිදියුණු කිරීමක් වන ස්ට්‍රයික් ඊගල් යානය හැම අතින්ම විශිෂ්ඨ යානයක් බව අවිවාදයෙන් පිලිගැනේ. 1989දී සක්‍රිය සේවයට එක්වුනු ස්ට්‍රයික් ඊගල් යානය වසර 2025 ඉක්මවා සක්‍රිය සේවයේ තබාගැනීමට අමෙරිකන් ගුවන් හමුදාව බලාපොරොත්තුවේ.

F-15 Strike Eagle - Cockpit (Top View)

පියාසර කරවීමට නියමුවන් දෙදෙනෙකු අවශ්‍ය  F 15 ස්ට්‍රයික් ඊගල් යානයේ නියමු කුටියේ මෙම ඡායාරූපය එම යානයට ගුවනේදීම ඉන්ධන පුරවන ටෑන්කර් යානයකින් ගන්නා ලද්දකි.
F-15 Strike Eagle - Cockpit (Inside View + Schematic)


F-15 Strike Eagle - Head Up Display (HUD)
විශාල කොට බැලීම සඳහා රූපය මත ක්ලික් කරන්න

ස්ට්‍රයික් ඊගල් යානයේ HUD තිරය සකසා ඇති අයුරු ඉහල රූපසටහනේ දැක්වේ. ප්‍රහාරක යානාවලට HUD තිරයක් ලබාදී ඇත්තේ යානයේ පියාසර කිරීමට අත්‍යාවශ්‍යම තොරතුරු නියමුවාට යානයේ උපකරණ පුවරුව දෙස නොබලාම ලබාදීමේ උපක්‍රමයක් ලෙසයි. ප්‍රහාරක මෙහෙයුම් හා ගුවන්සටන් වල යෙදී සිටියදී නියමුවාගේ අවධානය තත්පරයකට හෝ වෙනතක යොමුවීම සතුරාට වාසියක් අතකරදිය හැකි බැවින් මෙවැනි පහසුකම් 4 වැනි පරම්පරාවේ ජෙට් යානාවලට ලබාදී ඇත.

1 - Available Gs (යානයට ඔරොත්තු දිය හැකි උපරිම-ගුරුත්ව ත්වරණ බලය - G force )
2 - Current Gs (දැනට යානය බඳුන්වී ඇති ගුරුත්ව ත්වරණ බලය )
3 - Mach Ratio (යානයේ වේගය, ශබ්දයේ වේගයේ අනුපාතයක් ලෙස පෙන්වයි)
4 - True Airspeed (පොලවට සාපේක්ශව යානයේ නියම වේගය)
5 - Angle of Attack (යානයේ අත්තටු වාතය හා ගැටෙන කෝණය - මෙය වැදගත්වන්නේ මෙම කෝණය එක්තරා අගයකට වඩා ඉහල ගියවිට යානයේ අත්තටුවල ඉපිලීමේ හැකියාව - lift - නැතිවීගොස් යානය කඩාවැටීමට ඉඩ ඇති බැවිනි )
6 - Indicated Airspeed (යානයේ වේගමානය දක්වන වේගය - මෙය නියම වේගයට - True Air Speed - වඩා වෙනස් විය හැකිය. වායුගෝලයේ ඝණත්වය, උශ්ණත්වය, සුළං හමන වේගය හා දිශාව වැනි හේතු මේ වෙනසට පාදක වේ)
7 - Pitch Ladder ( යානය පොලොවට සාපේක්ශව කුමන කෝණයකින් ඉහල නගිමින් හෝ පහල බසිමින් ඇතිදැයි මෙයින් පෙන්වයි )
8 - Command Heading Marker (නියම උතුරු දිශාවට සාපේක්ශව යානය ගමන් කරමින් සිටින දිශාව )
9 - Heading Scale  (දිශා පරාසය)
10 - Gun Cross (යානයේ මැශින් තුවක්කුවට එල්ලය ලබාදෙන සළකුණ)
11 - Waterline Symbol (මෙම සංකේතය මතට HUD තිරයේ Pitch Ladder නම් සංකේතය මතට පැමිණි විට යානය නිවැරදිව පොලවට සමාන්තරව ගමන් කරනු ලබයි. Pitch Ladder මෙම සංකේතයට ඉහලින් තිබේනම් යානය ඉහල නගිමින් ඇති අතර, පහලින් නම් යානයේ නාසය පහලට යොමුවී තිබේ)
12 - Velocity Vector (ප්‍රවේග දෛශිකය)
13 - Barometric Altitude (වායුගෝලීය පීඩනයට අනුව යානය පොලොවේ සිටි පවතින උස)
14 - Radar Altitude (රේඩාර් යන්ත්‍රයට අනුව යානය පොලොවේ සිටි පවතින උස)
15 - Horizon Line (යානය වමට හෝ දකුණට ඇලවී ඇත්දැයි - roll- මෙයින් නියමුවාට දැනගත හැකිය )
16 - Steering Data Block (යානය අවශ්‍ය දිසාවට යොමුකර ගැනීමට අවශ්‍ය දත්ත පෙන්වයි)
17 - Ghost Velocity Vector (ඡායා ප්‍රවේග දෛශිකය)

F-15 Strike Eagle - Technical Details

නියමුවන් ගණන - 2 යානය පදවන නියමුවා/pilot + යුධ අවි ක්‍රියාකරු/weapon systems operator
එන්ජින් ගණන -  ආර්ෆ්ටර්-බර්නර් පද්ධති සහිත ප්‍රැට්/විට්නි ටර්බෝෆෑන් ජෙට් එන්ජින් 2කි
උපරිම වේගය - මක්2.5+ (1,650+ mph, 2,660+ km/h)
අවි ආයුධවලින් සන්නද්ධ කල විට මෙහෙයුම් සිදුකල හැකි දුර පරාසය (combat radius) කි.මීටර් 1000කි
පියාසර කලහැකි උපරිම උස පොලොවේ සිට (service ceiling) - කිලෝමීටර් 18.2කි
ඉහල නැගිය හැකි වේගය (climb rate) - මිනිත්තුවකට මීටර් 15,240පමණ
ප්‍රධාන තුවක්කුව - මිලිමීටර් 20 උණ්ඩ යොදන, බැරල් 6 සහිත "වල්කන් M61 ගැට්ලිං" වර්ගයේ මැශින් තුවක්කුව
අවිආයුධ - උපරිම ටොන් 10ක බෝම්බ හා මිසයිල රැගෙන පියාසර කල හැකිය

F15 Strike Eagle Photos (C) USAF







Comments

  1. බොහොම ස්තුතියි තොරතුරු ලබා දුන්නට

    ReplyDelete
  2. ආයේ ඉතින් සුපිරිම ලිපියක්. ගොඩක් පින් අපිව දැනුවත් කිරීම සම්බන්ධව..

    ReplyDelete
  3. මෙයින් එකක් පදින්න තියෙනවනම් අම්මපා.... කොහෙද කරුමෙට ගේම් එකකවත් සෙට් වෙලා නැහැනේ.

    ReplyDelete
  4. ගොඩක් ඉස්තුතියි

    ReplyDelete
  5. බොහොම වැදගත් වටින ලිපියක්

    ReplyDelete

Post a Comment