යූරී ගගාරින්ගේ පෞද්ගලික කාමරය වෙත ගොස් ඔහුගෙන් අභ්‍යවකාශ ගමනට ආශීර්වාද පතන රුසියානු අභ්‍යවකාශගාමීන්!! [හා අභ්‍යවකාශ මෙහෙයුම් හා සබැඳුනු වෙනත් අපූරු චාරිත්‍ර...]
අභ්‍යවකාශ තරණය යනු, රටක දක්ශතම විද්‍යාඥයින්, ඉන්ජිනේරුවන් හා තාක්ශණඥයින් එකට එක්වී සිදුකරන දැවැන්ත තාක්ශණික ව්‍යායාමයකි. අවසන් තත්පරයට, මිලිමීටරයට ගණන්බලමින් වසර ගණනාවක් සැලසුම් කරමින් සියගණනක් පුහුණුවීමේ ව්‍යායාම වලින් අනතුරුවයි සෑම අභ්‍යවකාශ ගමණක් ආරම්භ වෙන්නේ. කරුණු එසේවුවත්, අභ්‍යවකාශ ව්‍යාපෘතිවල නිරතවන්නන් බොහෝවිට සිය මෙහෙයුම්වල සාර්ථකත්වයේ අවසන් අදියර වාසනාව වෙත පවරනවා. කලහැකි සියල්ලම සිදුකලවිට, ඉන් ඉදිරියට සිදුවන සියල්ල වසනාව මත රැඳී පවතින බව විශ්වාස කරන ඔවුන්, තම මෙහෙයුම වෙත වාසනාව ලඟාකරගැනීමටත්, අසුභ පලවා හැරීමටත් වීවිධාකාරයේ අපූර්ව චාරිත්‍ර සිදුකරනවා. අභ්‍යවකාශ ව්‍යාපෘති හා සබැඳුනු අමෙරිකානුවන්ගේ හා රුසියානුවන්ගේ අපූර්ව චාරිත්‍ර කිහිපයකි මේ...
පියාසැරියට පෙර ගගාරින්ගෙන් ආශීර්වාද පතන රුසියානු අභ්‍යවකාශගාමීන්....
රුසියානු අභ්‍යවකාශගාමීන්ගේ සියලු පුහුණු කටයුතු සිදුවන්නේ මොස්කව් නුවර අසල පිහිටි තාරකා නගරය නම්වූ අභ්‍යවකාශ ව්‍යපෘති සඳහා විශේෂයෙන් නිමැවුනු නගරයේ සිටයි (Star City training complex). මෙහි සිට රොකට්ටුව ගුවන්ගතවෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යාමට පෙර සෑම රුසියානු අභ්‍යවකාශගාමියෙකුම යූරී ගගාරින්ගේ ස්මාරකය අභියස රතු කානේශන් මල් තබා ඔහුට ගෞරව කරන අතර ඉන් අනතුරුව ඔවුන් තාරකා නගරයේ පිහිටි ගගාරින්ගේ පෞද්ගලික කාමරය වෙත ගොස් අමුත්තන්ගේ පොතෙහි අත්සන් තබා, අභ්‍යවකාශ ගමන සාර්ථක කරගැනීම සඳගා ගාරින්ගෙන් ආශීර්වාද පතන බව පැවසෙනවා. මෙම චාරිත්‍රය සෝවියට් ගගනගාමී යූරි ගගාරින් ගුවන් අණතුරකින් මියයාමෙන් පසු ඇරඹුණු බව සඳහන් වෙනවා.
පියාසැරියට පෙර මෙහෙයුම සැළසුම්කල තාක්ශණ ශිල්පීන් සමග කාඩ් සෙල්ලම් කරන අමෙරිකානු අභ්‍යවකාශගාමීන්....
රොකට්ටුව වෙත තමන් රැගෙන ගිය බස් රථයේ ටයරයකට සුලු-දිය හෙලන රුසියානු අභ්‍යවකාශගාමීන්.... :)
මෙම චාරිත්‍රයත් යූරී ගගාරින් හා සබැඳුනු එකක්. වාර්තාවෙන අන්දමට යූරී ගගාරින් අභ්‍යවකාශගත වුනු ප්‍රථම මිනිසා වීමේ සිය ඓතිහාසික පියාසැරිය සඳහා වොස්ටොක් රොකට්ටුව වෙත අභ්‍යවකාශගාමීන් ප්‍රවාහනය කරන බස් රථයෙන් රැගෙන යන අතරමග ඔහුට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී තිබෙනවා. බස් රථ රියදුරාට රථය නවත්වන ලෙස පැවසූ යූරී ගගාරින් බස්රථයේ ටයරයක් මතට සුලුදිය පහකොට තිබෙනවා. එවක් පටන් අද දක්වා යූරී ගගාරින් අභ්‍යවකාශගත වුනු බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වෙන සියලු අභ්‍යවකාශගාමීන්, ගාගාරින් මෙන්ම තමන් ගෙන යන බස්රථය මග නවත්වා එහි ටයරයකට සුලුදිය පහ කරීමේ අපූර්ව චාරිත්‍රයක් තිබෙනවා.
අභ්‍යවකාශගත වුනු පලමු ඇමරිකානුවා වුනු ඇලන් ශෙපර්ඩ් ගත් උදය ආහාරය ගන්නා ඇමරිකානු අභ්‍යවකාශගාමීන්....
උඩුගුවනට යන සෑම අමෙරිකානු අභ්‍යවකාශගාමියෙකුම අභ්‍යවකාශගත වුනු පලමු ඇමරිකානුවා වුනු ඇලන් ශෙපර්ඩ් ගත් scrambled eggs and steak, උදය ආහාරය ලෙස ගැනීම චාරිත්‍රයක් ලෙස සිදුකරනවා. ඒ ඇලන් ශෙපර්ඩ් හට කරන ගෞරවයක් ලෙස.
තමන් ගුවනට ගෙනයන රොකට්ටුව Launch Pad මත ස්ථානගත කරන දින කොණ්ඩය කපන රුසියානු අභ්‍යවකාශගාමීන්....
යූරී ගගාරින්ගේ කාලයේ සිටම පැවත එන තවත් චාරිත්‍රයක් නම් තම රොකට්ටුව ලෝන්ච්-පෑඩ් කුළුණු මත ස්ථානගත කරන දින ගගනගාමීන්ට එම ප්‍රදේශය තහනම් කලාපයක් කොට තිබීමයි. රොකට්ටුව ස්ථානගත කරන අවස්ථාවේ ගගනගාමීන් එහි පැමිණීම අවාසනාව ගෙන එන බවට විශ්වාස කරන රුසියානු අභ්‍යවකාශ සැළසුම්කරුවන්, එදින ගගනගාමීන් සිය කොණ්ඩය කැපිය යුතු බවට නියම කොට තිබෙනවා.
අභ්‍යවකාශ මෙහෙයුමක ඉතා බැරෑරුම් අවස්ථා තුලදී වාසනාව සඳහා රටකජු කන අමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුම් නිළධාරීන්.
![]() |
කිව්රියෝසිටි රොබෝ විද්‍යාගාරය අඟහරු මතට ගොඩබස්වන දින වාසනාව සඳහා නාසා මෙහෙයුම් මැදිරියට ගෙන ආ රටකජු බෝතල්.... |
ඔක්කොමත් හරි අර චූ සීන් එක තමා අප්සෙට්.. හි හී.. ගෑනු අයත් ඔය වැඩේ ඔහොම කරනවද දන්නෑ.. විනාසයි හි හි හී...
ReplyDeleteඇදහිලි සහ විස්වාස මෙතරම් විද්‍යාව දන්න අය අතරත් තියනවා කියන්නේ පුදුමයට වැඩක්. අර චු වැඩේ යුරි ගගාරිනුත් ඉගෙන ගත්තේ කලින් අභ්‍යවකාශයට යවපු බල්ලෙක් ගෙන් වෙන්න ඇති.
ReplyDeleteදැනගෙන හිටියේ නෑ මේ දේවල් නම්. ස්තුතියි ලිපියට!
ReplyDeleteඅනේ මුනුත් කරන වැඩ නේද! ඇත්තටම අර චූ සීන් එක කරනවා ඇත්තේ ලයිකා බැල්ල සිහිපත් වෙන්න!
ReplyDeleteඅපේ අයියලා කරනවා වගේ එක එක ජාති මේ සුද්දොත් කරනවානේ :P
ReplyDeleteමොනවා උනත් මාර චාරිත්‍ර ටික
ReplyDelete