ලබන බ්‍රහස්පතින්දා එලිදකින Samsung Galaxy S4


සැම්සුන්ග් ගැලැක්සි S4, සැම්සුන්ග් සමාගමේ නවතම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝනය ලබන බ්‍රහස්පතින්දා එනම් 14/03/2013 දින අමෙරිකාවේදී හා යුරෝපයේදී එලි දැක්වීමට නියමිතය. විචාරකයින් පවසන අන්දමට ඇපල් අයිෆෝන් 5 ස්මාර්ට්ෆෝනයට ඉතා හොඳ තරඟයක් දිය හැකි මෙය දැවැන්ත අභියෝගයක් බව ඇපල් සමාගම පවා වටහාගෙන සිටින බව ඇපල් සමාගම අඇපල් අයිෆෝනයේ නවතම උපාංග හා ඇප්ස් විස්තර කෙරෙන දැන්වීම් මාලාවක් මේ සතියේදී මෙරිකාව පුරා රූපවාහිනී චැනලවල ප්‍රචාරය කිරීමෙන් පෙනේ.

සැම්සුන්ග් සමාගම ගැලැක්සි S4 ස්මාර්ෆෝන මිලියන 10ක් පලමු දින 30 ඇතුලති විකිණෙනු ඇතැයි විශ්වාසය පලකරයි. ගැළැක්සි S4 ෆෝනය S3 ෆෝනයට වඩා ප්‍රමණයෙන් මදක් විශාල වන අතර විශාල මෙන්ම ඉතා තීව්‍ර තිරයකින්ද යුක්තය.


ගැළැක්සි S4 ෆෝනයේ තාක්ශණික දත්ත (දැනට හෙලිවී ඇති අන්දමට)

Screen : 5-inch Super AMOLED 1080p HD screen

Resolution: 1,080 x 1,920 with 440 pixels per inch (PPI)

OS : Android 4.2. Code-named Jelly Bean




Processor : Exynos 5 Octa eight-core processor running at 1.8 GHz

Camera (Primary & Front facing) : 13-megapixel camera + 2.2. megapixel front-facing camera.

Network : 4G LTE + 802.11 ac superfast WiFi

Eyetracking Technology : ෆෝනයේ ඉදිරිපස කැමරාව භාවිතාකරන්නාගේ දෑස් අධ්‍යයනය කරන අතර වෙබ් පිටුවක් හෝ වෙනත් යමක් කියවනවිට තිරයේ දැක්වෙන කොටස කියවා අවසන් බව වටහාගෙන ස්වයංක්‍රීයව ඊලඟ පිටුව පෙරලීමේ හැකියාව ඇතැයි පැවසේ. එමෙන්ම වීඩියෝ දර්ශණ පෙන්වීමේදී නරඹන්නාගේ දෑස් තිරයෙන් ඉවත්වූ විට ෆෝනය වීඩියෝව තාවකාලිකව නවතයි. නැවතත් දෑස් තිරයට යොමුවූවිට වීඩියෝව ධාවනය වේ.

Wireless charging

බ්‍රහස්පතින්දා එලිදැක්වීමෙන් පසු S4 හි නවතම තොරතුරු බලාපොරොත්තු වන්න

Comments

  1. ඔකෙ මිල ගැන දන්නෙ නැද්ද ?

    ReplyDelete
  2. නියම ලිපිය.ඔබත් අපි හා එකවන්න.ඔබට විශ්වකෝෂයක කොටස්කරුවෙකු විය හැකියි.පිවිසෙන්න අපේ වෙබ් අඩවියට http://www.sinhapedia.com/

    ReplyDelete

Post a Comment