අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Cars of Fast & Furious 6

Dodge Charger SRT8


අමෙරිකාවේ ක්‍රයිස්ලර් සමාගමේ ඩොජ් සන්නාමය යටතේ නිපදවෙන "ඩොජ් චාජර් SR8" කාර් රථය දොර 4, රියර් වීල් ඩ්‍රයිව් හා 4වීල් ඩ්‍රයිව් යන පහසුකම් දෙකම සහිත  රථයකි. 2006 වසරේ සිට වෙළඳපොලට නිකුත් වෙන මෙහි  2012 මාදිලියේ රථයක් චිත්‍රපටයේ දැක්වෙයි.

V8 මාදිලියේ ලීටර් 6.1ක ධාරිතාවයක් ඇති, අශ්වබල 435ක එන්ජිමකින් බලගැන්වෙන මෙය 5ස්පීඩ් වර්ගයේ ස්වයංක්‍රීය ගියර පද්ධතියකින් සමන්විතය.

අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මාණය කොට ඇති මෙය බ්‍රෙම්බෝ මාදිලියේ ඩිස්ක් බ්‍රේක් පද්ධතියකින්, ඉලෙක්ට්‍රොණිකව පාලණය වන සස්පෙන්ශන් පද්ධතියකින් හා වෙනත් නවීන පුපාංග රාශියකින් සමන්විතය.

BMW M5


5 Series මාදිලියේ බී.එම්.ඩබලිව් රථයක් වන මෙය අශ්වබල 520, ලීටර් 4.4 V8 වර්ගයේ turbo එන්ජිමකින් සමන්විතය. 7 speed, dual clutch වර්ගයේ ගියර පද්ධතියක් යොදා ඇති මෙම රථයද අධිවේගී ධාවන ලෝලීන් සඳහාම නිර්මානය කොට ඇත.

Dodge Challenger


ක්‍රයිස්ලර් සමාගමේ තවත් නිශ්පාදනයක් වන ඩොජ් චැලෙන්ජර් "muscle cars" හෙවත් කුඩා, එහෙත් අධිබල/ අධිවේගී ධාවනය සඳහා නිර්මාණය කොට ඇති කාරයකි. Retro style හෙවත් පැරණි පෙනුමක් ඇති ලෙස නිර්මාණය කොට ඇති ඩොජ් චැලෙන්ජර් මාදිලියේ අලුත්ම මොඩලය වසර 2013 මොඩලයයි.

අශ්වබල 470, ලීටර් 6.8 ධාරිතාවය ඇති V8 එන්ජිමකින් සමන්විත මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 286ක සුපිරි වේගයකි.

Mustang Shelby GT500
ෆෝර්ඩ් සමාගම මගින් අධිවේගී ධාවන ලෝලීන් සඳහා නිර්මාණය කොට ඇතිඔ මස්ටැන්ග් ශෙල්බි GT500 රථය අශ්වබල 660ක ජවයක් ඇති, ලීටර් 5.8ක ධාරිතාවයකින් යුතු V8 වර්ගයේ මැනුවල් ට්‍රාන්ස්මිශන් එන්ජිමකින් සමන්විතය.

පැයට කිලෝමීටර් 325ක උපරිම වේගයක් ලඟාකරගත හැකි මෙම රථයේ එන්ජිම සුපර්-චාර්ජරයකින් වේගවත් කොට ඇත.

Aston Martin DB9


සුප්‍රකට ඇස්ටන් මාටින් සමාගම නිර්මාණය කරන DB9 මාදිලිය ලීටර් 5.9ක ධාරිතාවයකින් යුතු, අශ්වබල 510යේ V12 එන්ජිමකින් සමන්විතය.  උපරිම වේගය පැයට කිලෝමීටර් 295ක් වන අතර නවත්වා ඇති DB9 රථයකට පැයට කිලෝමීටර් 100ක වේගයකට ලඟාවීමට ගතවන්නේ තත්පර 4.5ක් පමණි.



Comments

  1. ආසාවෙං බැලුවා. ඒත් මෙව අපට හීන තමා.

    ReplyDelete

Post a Comment