වසර 400ක් අයිස් තට්ටු යට තිබූ ශාක යලි පණ ලබයි!


කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් කැනඩියානු ආක්ටික් ප්‍රදේශයේ ග්ලැසියරයක් යට තිබී පෙඳ-පාසි විශේෂයක් සොයාගත්තා. සුලු අයිස් යුගය (little ice age) නමින් හැඳින්වෙන, වර්ෂ 1550 සිට 1850 අතර කාළය තුලදී ඇතිවුනු අධික ශීතල නිසා ග්ලැසියරයක් වූ මෙයට යටවී තිබුණු මෙම පෙඳ-පාසි වලින් කොටසක් නැවත විද්‍යාගාරය වෙත ගෙන ආ මොවුන් සාර්ථකව එම පෙඳපාසි නැවතත් වැවෙන්නට සලස්වා තිබෙනවා. 

ගෝලීය උණුසුම් වැඩිවෙමින් තිබෙන බැවින් කැනේඩියානු ආක්ටික් ප්‍රදේශයේ ග්ලැසියර දියවෙමින් පවතින අතර මෙම පාසි හමුවී තිබෙන්නේ එලෙස හිම දියවී ගිය ප්‍රදේශයකින්.

මේ ඇසුරින් විද්‍යාත්මක නිබන්ධනයක් ඉදිරිපත් කරන එම විද්‍යාඥයින් පවසන්නේ දියවී යන ග්ලැසියර යටින් ඇති, වසර සිය දහස් ගණනක් වැළලී තිබූ ප්‍රාග් එඓතිහාසික යුගයන්ට අයත් ශාක පවා මෙලෙස අයිස් දියවී යාමත් සමග නැවතත් වැඩෙන්නට අවස්ථා ඉතා විශාල බවයි. එබැවින් නුදුරු අනාගතයේදී හිමි දියවී ගිය ආක්ටික් ප්‍රදේශවල වසර සිය දහස් ගණනකට පෙර වඳවී ගිය ශාකවලින් යුතු වනාන්තර බිහිවෙන්නට ඉඩ ඇති බවට ඔවුන් අනුමාන කරනවා.

Comments

Post a Comment