අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අමෙරිකානු මිසයිල ආරක්ශණ පද්ධතියෙන් රිංගා ඉලක්කය වෙත යා හැකි බැලිස්ටික් මිසයිලයක් (ICBM) රුසියාව නිපදවයි!!


රුසියානු උපායමාර්ගික රොකට් බළකාය (Strategic Rocket Forces) නවතම අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ආරක්ශක අංශ වෙතින් වාර්තාවනවා. මෙම බැලිස්ටික් මිසයිලයට ඕනෑම බැලිස්ටික් මිසයිල නාශක පද්ධතියක් (Anti-Ballistic Missile System - ABMS) අභිබවා ඉලක්කය වෙත යා හැකිබව එය නිර්මාණය කල රුසියානු ඉන්ජිනේරුවන් පවසනවා.

පසුගිය ජූනි 7වැනි දින සිදුවුනු මෙම අත්හදා බැලීම අමෙරිකාව යුරෝපය තුල සිය බැලිස්ටික් මිසයිල නාශක පද්ධති ස්ථාපනය කරන බවට සිදුකල ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු සිදුවීම වැදගත් සිද්ධියක් ලෙස විචාරකයින් පවසනවා. පසුගිය සතියේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, පෝලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවී අමෙරිකානු මිසයිල නාශක පද්ධති 2018 වසරේදී පෝලන්තයේ ස්ථාපනය කිරීම සඳහා පෝලන්ත රජයේ නිළ අනුමැතිය ලබාගත්තා.

මෙම මිසයිලය සාර්ථකව අත්හදා බැලීම මගින්  අමෙරිකානු මිසයිලයේ  නාශක පද්ධති පිහිටුවීමේ වෑයම නිශ්ඵල බව පෙන්වීමට රුසියාව සමත්වී ඇති බව පැවසෙනවා

ග්‍රිනිච් වේලාවෙන් පස්වරු 5.45ට මෙම මිසයිලය දියත්කල අතර එය රුසියාවේ අශ්ට්‍රාකන් ප්‍රදේශයෙන් නිකුත්වුනා. විනාඩි කිහිපයකට පසුව මිසයිලයේ පිපුරුම් හිස (war-head) කසකස්ථානයේ බල්කාශ් ප්‍රදේශයේ සළකුණු කොට තිබුණු ඉලක්කය වෙත නිවැරදිව පතිතවුනු බව වාර්තාවුනා. රුසියානු ආරක්ශක අමාත්‍යාංශයට අනුව, මෙම අත්හදාබැලීම සිදුකරණ ලද්දේ මෙම නවතම මිසයිල නිර්මාණයේ තාක්ශණික විශ්වසනීයත්වය (technical reliability) තහවුරු කරගැනීමට හා මිසයිලය දියත්කිරීමේ ක්‍රියාදාමය (launch procedure) ආරක්ශා සහිතබව තහවුරු කරගැනීම සඳහාය.

ඝණ ඉන්ධන (solid propellant) වලින් ක්‍රියාත්මක රොකට් එන්ජිමකින් සමන්විත මෙම මිසයිලයේ 4වැනි සාර්ථක අත්හදා බැලීම මෙය වන අතර මිසයිලයේ සියලුම පද්ධතිවල ක්‍රියාකාරිත්වය තහවුරු කරගැනීම සඳහා තවත් අත්හදාබැලීමේ දියත් කිරීම් දෙකක් සිදුකල යුතු බව උපායමාර්ගික රොකට් බලකාය පවසනවා.

දැනට රුසියාව සතුව පැරණි සෝවියට් නිර්මාණයක් වන SS-18 වර්ගයේ බැලිස්ටික් මිසයිල 58ක් ඇති අතර මෙය ලොව බලසම්පන්නම හා විනාශකාරීම න්‍යශ්ඨික බෝම්බ රැගෙන යාහැකි බැලිස්ටික් මිසයිලය ලෙස සැළකෙනවා. මෙගාටොන් 18-20ක න්‍යස්ඨික බෝම්බයක් රැගෙන කිලෝමීටර් 7000ක් දුර ඉලක්කයක් වෙත යාහැකි අන්තර්-මහද්වීපික මිසයිලයකි. මීට අමතරව ටොපොල් වර්ගයේ (SS-25) මිසයිල 220කට අධික ප්‍රමාණයකුත්, යාර්ස් වර්ගයේ මිසයිල 18කුත් රුසියාව සතුව තිබෙනවා.

2014 වසරේදී මෙම අලුත් මිසයිලය සක්‍රිය සේවයට එක්කර ගැනීමට බලාපොරොත්තුවන අතර නුදුරු අනාගතයේදී, දැනට සක්‍රිය සේවයේ පවතින ටොපොල් වර්ගයේ මිසයිල වෙනුවට ආදේශ කෙරෙනු ඇති. එමෙන්ම ඉදිරි අනාගතයේදී මෙම මිසයිලය මෑතකදී රුසියානු රොකට් බළකායේ සේවයට අනුයුක්ත කෙරුනු නවීන "යාර්ස්" මිසයිලය වෙනුවට ආදේශ කලහැකි බවද පැවසෙනවා.

Comments

Post a Comment