ඉපැරණි ග්‍රීක ශිෂ්ඨාචාර විනාශමුඛයට යැවූ වසර 300ක් දිගු ඉඩෝරය!


දැනට අප දන්නා ග්‍රීක ශිෂ්ඨාචාර වලට පෙර තවත් ඉපැරණි ශිෂ්ඨාචාර රැසක් ඇනටෝලියාව ලෙස හඳුන්වන මධ්‍යධරණී මුහුද අවට ග්‍රීක ප්‍රදේශවල තිබුණි. ඉපැරණි මයිසීනය මින් එකකි. වසර දහස්ගණනක් පැවති එම ශිෂ්ඨාචාරය එක්වරම නැසීගියේ කෙසේද යන්න බොහෝ කලක පටන් ඉතිහාසඥයින්ට වදදුන් ප්‍රශ්ණයක් විය. එමෙන්ම හෝමර් කවියාගේ ඉලියඩ් වීර කාව්‍යයේ විස්තර කෙරෙන, හෙලන් රූමතිය වෙනුවෙන් දැවැන්ත යුධයකට බට ට්‍රෝයි රාජ්‍යය හා ස්පාර්ටා රාජ්‍යයද සැබැවින්ම පැවති රාජ්ය බවත්, ඒවා හෝමර්ගේ ප්‍රබන්ධයක් නොවන බවත් දැන් සාක්ශි සහිතව හෙලිවී ඇත. එහෙත් එම ශේෂ්ඨ රාජ්‍යයන්ද වසර 3000-3500කට පෙර විශ්මය ජනක ලෙස අතරුදහන්විය.

පිත්තල යුගය (bronze age) ලෙස හැඳින්වෙන මෙම යුගයේ මේ ග්‍රීක රාජ්‍ය දියුණුවේ හිනිපෙත්තේ සිටියහ. උදාහරණයක් ලෙස හෝමර්ට අනුව හෙලන් කුමරිය මුදාගැනීමට ඇගමෙම්නන් රජ ට්‍රෝයි පුරය වැටලූවේ යුධ නැව් 1000ක් සමගිනි. නැව් 1000ක් යන්න කවියාගේ අතිශයොත්තියක් බවට තර්ක කලත්, එම ඉලක්කම 4න් බෙදා නැව් 250ක් ට්‍රෝයි පුරවරය වැටලූ ලෙස ගත්තත්, මීට වසර 3500කට පෙර එය කෙතරම් විශාල දියුණුවක්ද? තාක්ශණික දියුණුවේ හිනිපෙත්තේ සිටින අද යුගයේ අමෙරිකානු නාවික හමුදාවට පවා නැව් 250ක ආක්‍රමණික හමුදාවක් සමග රටක් වැටලීමේ හැකියාව නැත. එහෙත් හිටයිට්වරුන් ලෙස සාමූහිකව හැඳුන්වෙන මෙම ඉපැරණි ග්‍රීකයෝ එවැනි දස්කම් සිදුකලහ. ඔවුන්ගේ දියුණුව කෙතරම්ද යන්න සිතාගත හැකියිනේද?

ඉපැරණි ස්පාර්ටාවේ නටබුන්. හෙලන් රූමතිය වෙනුවෙන් ට්‍රෝයි වැසියන් හා යුධවැදුනේ මොවුන්ය.
ට්‍රෝයි පුරවරය ආක්‍රමණිකයින්ගෙන් ආරක්ශාකල සුප්‍රකට ප්‍රාකාර.
හෙලන් රූමතිය ආපසු රැගෙන යාමට පැමිණි 
ස්පාර්ටා ආක්‍රමණිකයින්ගෙන් ට්‍රෝයි පුරය ආරක්ශාකොට ඇත්තේ මෙම ප්‍රාකාර මගින් බව තහවුරුවී තිබේ.
මෙතරම් සශ්‍රීකවූ, නාවුක ගමනාගමනයේ, යුධශිල්පයේ හා වෙළඳාමේ කෙලපැමිණි මේ රාජ්‍යන් නිහඬව විනාශමුඛයට ගියේ කෙසේදැයි සොයාගන්නට ඉතිහාසඥයින් වසර ගණනාවක් පර්යේෂණ සිදුකලහ. නොනවතින යුධගැටුම් නිසා ඇතිවූ ආර්ථික පිරිහීම, ගිණිකඳු පිපිරීම් හෝ සුනාමි වැනි ස්වාභාවික ව්‍යසනයන්, ටයිෆොයිඩ් වැනි (එකල) සුවකල නොහැකි, මාරන්තික රෝග වැනි හේතුකාරක කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවී තිබුණි.

වසර 300ක ඉඩෝරය

ප්‍රංශයේ ටූලූස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩේවිඩ් කැනිව්ස්කි හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම මෑතකදී සයිප්‍රසයේ (සයිප්‍රසය ග්‍රීසියට දකුණින් පිහිටි දිවයිනකි ) ලාර්නකා කරදිය විලෙහි පතුලේ කැනීම් සිදුකල අතර ඉතා ගැඹුරට පස් සාම්පල ලබාගෙන ඒවා විශ්ලේෂණය කලහ.

දැන් කරදිය විලක් වුවල ලාර්නකා විල වසර 3500කට පෙර මුහුදට සම්බන්ධව තිබූ අතර එය ජනාකීර්ණ පැරණි ග්‍රීක නාවික තොටුපොලක් විය.මෙම කාර්යබහුල ග්‍රීක නාවික තොටුපොල වසර 100කටත් අඩුකාලයකදී ජලය හිඳීගොස් මුහුදින් වෙන්වී කරදිය විලක්වූ බව පස් සාම්පල් ආධාරයෙන් කරන ලද පර්යේෂණවලින් තහවුරු විය. එනම් ඉතා කෙටි කාලයකදී මෙම ප්‍රදේශයේ දැඩි වියලි කාළගුණයක් ඇතිවී තිබූ බව තහවුරුවෙමින් පවතී.

එමන්ම අවට ප්‍රදේශවලින් හමා ආ සුළඟ ගමගින් ගෙනැවුත් ජලයට වැටී රොන්මඩෙහි තැන්පත්වුනු පරාග පිලිබඳ වසර දහස්ගණනක සටහන්ද මෙම රොන් මඩ තට්ටුතුල තිබී හඳුනාගෙන ඇත. එම රොන් මඩ තට්ටුවල ඇති පරාග ප්‍රමාණ ගැන බැලීමේදී වසර 3500ක පෙර සිට, එනම් ලාර්නකා විල මුහුදින් වෙන්වෙමින් තිබුණු අවධියේ අවට පරිසයෙන් පැමිණි පරාග වල අතිවිශාල අඩුවක් දකින්නට තිබිණි. මේ අඩුවීම ක්‍රිස්තු පූර්ව 850 පමණ වනතෙක් පැවතිනි. මෙලෙස පරාග විශාල ලෙස අඩුවීම, අවට ප්‍රදේශවල කෘශිකර්මාණ්තයේ බිඳවැටීමක් ලෙස සැළකිය හැකිබව පවසන එම පර්යේශකයි මේ අනුව ඉපැරණි හිටයිට් ග්‍රීක ශිෂ්ඨාචාර වසර සියගැනනක් පැවති දැඩි ඉඩෝරය නිසා විනාශවන්නට ඇතැයි යන කල්පිතය තහවුරු කිරීමට දත්ත ලැබෙමින් පවතී.

Comments

  1. මේවා නං මාර කෘතුහලය දනවන කරුණු...
    ඇට්ලන්ටාව ගැනත් පුළුවංනං දාන්න අයියේ!!!!

    ReplyDelete

Post a Comment