කිව්රියෝසිටි රෝවරය අඟහරු මතුපිට පසෙහි ජලය අඩංගු බව සොයාගනී



කිව්රියෝසිටි රෝවරය සිය පර්යේෂණ උපකරණවල ආධාරයෙන් අඟහරුවාගේ මතුපිට පසෙහි 2% පමණ ජලය අඩංගු බව සොයාගෙන ඇත. මෙම තෙත් බව අඟහරු ග්‍රහයාගේ පෘශ්ඨය පුරාම පැතිරී ඇති බව පැවසේ.

නාසා විද්‍යාඥයින්ට අනුව අඟහරු පස් මිටක් ගෙන එය රත්කල හොත් පිරිසිදු ජලවාශ්ප ලබාගත හැකිය. ඒ අනුව අඟහරුවාගේ පස් කියුබික් මීටරයක් රත්කොට ජලය ලීටර් කිහිපයක් ලබාගත හැකි බව ඔවුන් පවසන අතර අනාගතයේදී අඟහරු ගවේශණයේ යෙදෙන මිනිස් ගවේශකයින් හට මෙය මහත් අස්වැසිලක් වන ඇතැයි විද්‍යාඥයින් පවසති.

මීට වසර මිලියන ගණනකට පෙර අඟහරුවා ඉතා  තෙත් කාළගුණයක් සහිත ග්‍රහලෝකයක් වූ අතර කිව්රියෝසිටි රෝවරය මෙන්ම ඊට පෙර අඟහරු ගවේශණය කල ස්පිරිට් හා ඔපචූනිටි රොබෝ යානා දෙකද අඟහරුවා මත වියලීගිය ගංගාවල සළකුණු සොයාගෙන ඇත. කිව්රියෝසිටි රෝවරය ගලාගිය ජලපහරවල් වල සළකුණු තිබූ ප්‍රදේශවලදී ඒවා ද්‍රව ජලය ගලාගිය මාර්ග විද‍යාතමක පර්යේශණ වලින් නිසැකව තහවුරු කරගෙන තිබේ.


ඉහත රූපසටහනේ දැක්වෙන්නේ වසර මිලියන 4කට පෙර අඟහරුවා පෘථිවිය මෙන්ම ජලයෙන් පිරි නිල්/කොල පැහැ ග්‍රහයෙක් මෙන් තිබූ ආකාරයයි. තවමත් නිශ්චිතව නිගමනය නොවූ සංසිද්ධියක් නිසා අඟහරුවා ක්‍රමයෙන් වියලෙන්නට වූ අතර වසර මිලියනයනකට පමණ පෙර අඟහරුවා සම්පූර්ණයෙන්ම වියලීගියේය.


Comments

Post a Comment