- Get link
- X
- Other Apps
අලුත්ම විද්‍යා ප්‍රබන්ධය
- Get link
- X
- Other Apps
![]() |
| නියමුවෙකු රහිතව ගුවන්ගත වන QF-16 යානය |
තමන් F-16 ප‍්‍රහාරක ජෙට් යානයක් ඩ්‍රෝන යානයක් බවට සාර්ථකව පරිවර්තනය කළ බව ඇමරිකානු ගුවන් හමුදාව සහ බෝයිං සමාගම පවසයි. මේ අනුව ප‍්‍රහාරක යානා වලට නියමුවන් රහිතව වුවද ශබ්දයට අධික වේගයකින් ගමන් කිරීම, ගොඩබැසීම සහ ගුවනේදී සාමාන්‍ය පරිදි මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව ඇතිබව තහවුරු විය. QF-16 ලෙස නම්කල මෙම පියාසැරිය සැබැවින්ම නියමුවන් රහිත රොබෝ යානයක් නොව, පළපුරුදු F-16 නියමුවන් දෙදෙනෙකු විසින් දුරස්ථපාළණ තාක්ශණය ආධාරයෙන් දුරස්ථව පියාසර කල යානයකි.
ෆ්ලොරිඩාහි ටින්ඩල් ගුවන් හමුදා කඳවුරේදී සිදුකරනු ලැබූ QF-16 යානයේ පළමු අත්හදාබැලීම සාර්ථක වූ බව වාර්තා වේ. බෝයිං සමාගම පවසන්නේ ගුවන් හමුදාවේ පුහුණු වැඩසටහන් සඳහා QF-16 යානා යොදවන බවයි. ටින්ඩල් ගුවන්හමුදා මූළස්ථානය දැනට F-22 රැප්ටර් යානා නියමුවන් සඳහා ගුවන් සටන් පුහුණුව ලබාදෙන පුහුණු පාසැල ලෙසද ක්‍රියාකරන අතර නියමු රහිත ලෙස පියාසර කිරීමට අනුවර්තනය කලන ලද F-16 යානා මෙම රැප්ටර් නියමුවන්ගේ සටන් ඉලක්ක ලෙස ක්‍රියාකරනු ඇති. අතිශය ජවසම්පන්නව හා සුචල්‍ය ලෙස (agile) ගුවන් සටන්වල යෙදීමේ හැකියාව ඇති F-16 යානා, F-22 නියමුවන්ගේ සටන් හැකියාවන් තියුණු කිරීම සඳහා ඉතා හොඳ ප්‍රතිවාදී යානා ලෙස ක්‍රියාකරනු ඇතැයි බෝයිං සමාගම පවසයි. යානය නියමුවෙකු සහිතව වුවද පියාසර කළ හැකි ආකාරයට සකස් කර ඇති අතර නියමුවකු රහිත අවස්ථාවේදී යානය විනාශ කිරීමට අවශ්‍ය වුවහොත් එය ඉටුකිරීම සඳහා බෝම්බයක්ද යානයේ සවි කර ඇති බව වාර්තා වේ.
මේ වන විට නියමුවන් රහිත යානා 6ක් නවීකරණය කර ඇති අතර ඒවා දැනට පුහුණු කටයුතු සඳහා යොදාගන්නා Q-4 ඩ්‍රෝන යානා වෙනුවට යොදාගැනෙනු ඇති බව පැවසේ. ගුවන් හමුදාවේ ලූතිනන් කර්නල් රයන් ඉන්මන් පවසා ඇත්තේ Q-4 ඩ්‍රෝන යානාවලට අවශ්‍ය අමතර කොටස් දැනට නිෂ්පාදනය නොකිරීම නිසා මතුවන අර්බුදය නව QF-16 යානය භාවිතයේදී පැන නොනගින බවයි.
- Get link
- X
- Other Apps


Comments
Post a Comment