අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

අවුරුදු මිලියන 190ක් පැරණි ඩයිනොසෝර බිත්තර 340ක්

අවුරුදු මිලියන 190ක් පැරණි ඩයිනොසෝර බිත්තර තැන්පතුවක් අපි‍්‍රකාවෙන් හමුවී තියෙනවා. එහි බිත්තර 340ක් තියෙනවා. මෙතෙක් හමු වී ඇති ඉතාමත් පැරණි බිත්තර තැන්පතුව මෙයයි. ඩයිනොසෝරයන්ගේ බිත්තර දැමීමේ හා බිත්තර රැුකීමේ පුරුදු ගැන, ඔවුන්ගේ ප‍්‍රජනක චර්යාවන් ගැන හදාරන්න හොඳම අවස්ථාවක් මෙයින් ලැබෙන බවයි, විද්‍යාඥයන්ගේ අදහස වන්නේ.

බිත්තර තැන්පතු

මෙම බිත්තර රාශිය හමු වූ කැණීම් බිම ඇත්තේ දකුණු අපි‍්‍රකාවේයි. ජොහැන්නස්බර්ග් නුවර සිට කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි ගෝල්ඩන් ගේට් හයිලන්ඞ්ස් ජාතික වනෝද්‍යානය ඨදකාැබ ඨ්එැ ්‍යසටයක්බාි භ්එසදබ්ක ඡු්රන තුළ වූ මේ කැණීම් බිමෙහි ඇති කැදැලිවල බිත්තර දමා ඇත්තේ මැසොස්පොන්ඩිලස් නම් ඩයිනොසෝර විශේෂයයි. මෙහිදී හමු වී තියෙනවා, බිත්තර තැන්පතු රාශියක්. ඒ විතරක් නොවෙයි, මෙහි තිබී විද්‍යාඥයන්ට සොයා ගෙන තියෙනවා, ඩයිනොසෝරයන්ගේ අත්වල සලකුණුත්. මේවා හමුවී ඇත්තේ පොසිල ආකාරයෙනුයි. මේ අනුව විද්‍යාඥයන් විස්මිත හෙළිදරවුවක් කර ගෙන තියෙනවා. ඒ තමා බිත්තර දැමූ පසුත් ඒවා රැුක පැටවුන් ආ පසු ඔවුන් ප‍්‍රමාණයෙන් දෙගුණයක් වන තෙක් තමන් බිත්තර දැමූ කැදැල්ලටම ඩයිනොසෝර අම්මලා විටින් විට ඇවිත් ගිය බව.

කැනඩාවේ ඔන්ටාරියෝ රාජකීය කෞතුකාගාරයේ පෘෂ්ඨවංශික පොසිලවේදය (පාෂාණභූතී ද්‍රව්‍ය පිළිබඳ විද්‍යාව* පිළිබඳ සම සංරක්ෂක ඬේවිඞ් එවන්ස් කියන්නේ: ”ඩයිනොසෝරයන්ගේ පොසිල අපට කොතෙකුත් හමුවෙලා තියෙනවා. ඒත් ඔවුන්ගේ ප‍්‍රජනක ජීව විද්‍යාවට අදාළ පොසිල තොරතුරු ඇත්තේ ඉතාමත් ස්වල්පයක් පමණයි. විශේෂයෙන් ම ඉතා පැරණි ඩයිනොසෝරයන්ගේ බිත්තර ගැන හදාරන්න මෙය අනගි අවස්ථාවක්” කියලයි.

පරිණාමීය බව



”වසර මිලියන 190ක් පැරණි මේ විස්මිත කැදලි සමූහය අපට ප‍්‍රථම වතාවට අවස්ථාව සපයා තියෙනවා, ඩයිනොසෝරයන්ගේ පරිණාමීය ඉතිහාසයේ මුල් යුගයේ ප‍්‍රජනනය පිළිබඳව අධ්‍යයනය කරන්න.” මෙසේ කියන්නේ පොසිල විද්‍යාඥයකු වන මහාචාර්ය රොබට් රීස් ඒ දුර්ලභ අධ්‍යයනය ගැන සඳහන් කරමිනුයි.
මෙම කැදලිවල එකක බිත්තර 34 බැගින් ළං ළංව අසුරා තියෙනවා. අවසාදිත පාෂාණ අතර රැුඳි මේ පොසිලවලින් හෙළිවන්නේ ඔවුන් රංචු වශයෙන් එක් ප‍්‍රදේශයක් තෝරාගෙන කැදලි තනා බිත්තර දමා ඇති බවයි. මීටර 6ක් පමණ දිගින් යුත් ඩයිනොසෝර මවගේ සිරුරේ ප‍්‍රමාණයේ හැටියට මේ බිත්තර ඉතා කුඩයි. ඒ බිත්තරයක විශ්කම්භය 6-7 ජප ක් පමණ වෙනවා. මේ කැදලිවල බිත්තර අසුරා ඇති අන්දම අනුව බිත්තර දැමූ පසු මව විසින් ඒවා එකටෙක ළංකර තබන්නට ඇතැයි යන්න මේ පිළිබඳව අධ්‍යයන කළ රොබට් රීස් කියනවා.

පැරණිම කලලය

මහාචාර්ය රීස් වැඩිදුරටත් කියන්නේ, ”මේ බිත්තර, කලලයන් හා කැදලි හමුවී ඇත්තේ කන්දක් කැපූ පාරක මීටර 25ක පමණ පාෂණ තීරුවකයි. අපට මෙහි කැදලි දහයක් පමණ හමුවුණා. අපට හිතෙනවා තවත් මෙවැනි කැදලි රැුසක් කන්ද මුදුනේ ප‍්‍රපාතාකාර බෑවුමේ ඇති කියලා. කාලගුණික කි‍්‍රයාවන් නිසා ඒවා නුදුරු අනාගතයේ දීම විනාශ වී යාමට ඉඩ ඇති බවයි.”

මේ පොසිල හමුවී ඇත්තේ මුල් ජුරාසික අවධියට අයත් අවසාදිත පාෂණ අතරෙයි. මැසොස්පොන්ඩිලස් නම් ඩයිනොසෝර විශේෂයට අයත් මෙතෙක් සොයා ගෙන ඇති පැරණිම කලලය මතු කර ගනු ලැබුවේත් මේ ස්ථානයේදිමයි. මෙම මැසොස්පොන්ඩිලස් ඩයිනොසෝරයන් දිගු බෙල්ලක් ඇති ශාක භක්ෂකයන්. ජුරාසික හා ක්‍රෙටීසියානු අවදිවලට අයත් සතුන් යෝධ සතුන් විශේෂයක්.

Source : http://www.wijeya.lk/archives/417

Comments